රටේ තියෙන්නේ තලෙයිබාන් ආණ්ඩුවක්දැයි සැකයි? වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය

(28.06.2019 – 19:34 +0530 – lankaleadnews.com) රටේ මේ වන විට ක්‍රියාත්මක වන්නේ තලෙයිබාන් ආණ්ඩුවක් දැයි සැකයක් පවතින බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි. වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය අද සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළ අතර තවත් මහජන නියෝජිතයන් ද එහිදී අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් …

වෛද්‍ය සාෆි ගැන පිටු 210 ක වාර්තාවක් අධිකරණයට

(27.06.2019 – 17:42 +0530 – hirunews.lk/sinhala) සිදුකළ සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් මතුව තිබෙන කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබඳ පිටු 210 කින් යුත් වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට ඉදිරිපත් කළා. ඒ, කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් ඉදිරියේ සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුුවට ගැනීමට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයි. එහිදී අපරාධ පරීක්ෂණ …

අද (27) මැදියම් රැයේ සිට පැය 24 ක දුම්රිය වර්ජනයක්

(27.06.2019 – 07:11 +0530 – hirunews.lk/sinhala) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබියදීත් මුදල් අමාත්‍යාංශය මගින් වැටුප් විෂමතා ඉවත් නොකිරීමට විරෝධය පළ කරමින් දුම්රිය වෘත්තිය සමිති අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි. දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් එක්ව පසුගිය 21 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 …

ඕනෑම අවස්ථාවක මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට සූදානම්

(27.06.2019 – 07:05 +0530 – sinhala.adaderana.lk) මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදු කර නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එවන් දැනුම්දීමක් සිදු කළ ඕනෑම අවස්ථාවක එය ක්‍රියාත්මක කිරිමට සියලු කටයුතු සූදානම් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් මහතා සදහන් කළේය. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණිය දණ්ඩනය හිමිවී සිටින සිව් දෙනෙකු සදහා මරණ දඩුවම …

පාස්කු ප‍්‍රහාරය තෙක් ආර්ථිකය හොදට තිබ්බාලු.. මොන බොරුවක්ද.. සංඛ්‍යාලේඛණ මෙන්න..

(26.06.2019 – 06:28 +0530 – lankacnews.com) වියත්මග සංවිධානය මගින් මාතලේ සංවිධානය කර තිබූ සම්මන්ත‍්‍රණය මාතලේ මහත්මා ගාන්ධි අනුස්මරණ ශාලාවේ පැවති අතර මෙය සංවිධානයකර තිබුණේ මාතලේ වියත්මග දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉංජිනේරු නාලක කෝට්ටේගොඩ මහතා ඇතුළු මාතලේ දිස්ත්‍රික් වියත්මග කමිටුව විසිනි. ආචාර්ය නාලක ගොඩහේවා මහතා දැක්වූ අදහස් : රටේ සිදුව තිබෙන අර්බුදය ගැනත්, ඊට හේතු වූ කාරණා ගැනත් …

සොත්ති කොටියාට විරුද්ධව දේශප්‍රේමීන් පෙළ ගැසේ

අස්ගිරි මහ නාහිමියන්ගේ ප්‍රකාශයක් ගැන පොලිස් මූලස්ථානයට පැමිණිලි දෙකක් (26.06.2019 – 19:26 +0530 – hirunews.lk/sinhala) අස්ගිරි පාර්ශවයේ මහානායක අතිජුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියන් පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිලි දෙකක් ලැබී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ එම පැමිණිලි පොලිස් මූලස්ථානයේ නීති කොට්ඨාශය වෙත යොමුකළ බවයි. මහනුවර – දොඩම්වල ඵෙතිහාසික …

‘STOP USA – මව්බිමේ සුරක්ෂිතභාවය උදෙසා’ මංගල මාධ්‍ය හමුව (25.06.2019)

ලෝකයේ මෙවැනි තකතීරු වැඩ කරපු වෙනත් රටක් නෑ – ගම්මන්පිල (25.06.2019 – 18:25 +0530 – sinhala.adaderana.lk) රටේ ස්වාධිපත්‍යයට වඩා තමාට ලැබෙන ඩොලර් නෝට්ටු පිළිබඳ සැලකිලිමත්වන පාලකයින් සිටින වෙනත් රටක් ලොවේ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ‘මව්බිමේ සුරක්ෂිතභාවය උදෙසා ස්ටොප් යූ.එස්.ඒ. සංවිධානය’ අද (25) පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. …

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (26) පැය 24 ක ජල කප්පාදුවක්

(25.06.2019 – 10:17 +0530 – hirunews.lk/sinhala) කොළඹ දිස්ත්‍රික් නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ජලනල පද්ධතියක් වැඩිදියුණු කිරීම හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (26) පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, එදින පෙරවරු 9 සිට පසුදා (27) පෙරවරු 9 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ මහරගම, …

කිරින්දේදී දළ රළට බිළි වුණු එකම පවුලේ තුන්දෙනා; හතරවෙනියා – මව – 29 වනදා මියයයි

(23.06.2019 – 19:04 +0530 – sinhala.adaderana.lk) කිරින්දේදී දළ රළට බිළි වුණු ජීවිත කිරින්ද මුහුදු තීරයේ රළ පෑගීමට ගිය එකම පවුලේ තිදෙනකු අද (23) රළ පහරකට හසු වී ගසාගෙන යාමෙන් ජීවිතක්ෂයට පත් වුණි. විනෝද චාරිකාවක් සඳහා කිරින්දේ ගිය එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනා මෙලෙස මිය ගිය අතර දියණියන් දෙදෙනාගේ මව බරපතළ තත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබයි. …

පොල්අතු නිවහන ගිනි අරන් දිඹුලාගල පවුලක් අවතැන්

(25.06.2019 – mawbima.lk) අවුරුද්දක් වයසැති කුඩා දරුවකු සමඟ ගැබිනි මවක සහ පියකු පදිංචිව සිටි දිඹුලාගල විජයබාහුපුර දේවගල ගම්මානයේ පොල්අතු සෙවිලිකළ කටුමැටි ගෙයක් ඉකුත්දා ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වීමෙන් එම දරු පවුලම අවතැන් වී ඇතැයි වාර්තා වේ. මෙම ගින්නෙන් තම හැඳුනුම්පත්, රෙදිපිළි උප්පැන්න සහතික, සායන පොත් මෙන්ම නිවෙසේ තිබූ මුළු සේසතම දැවී අළු වී යෑමෙන් තමන් දැඩි …