මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් සිව් (4) දෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් සිව් (4) දෙනෙකු අත්අඩංගුවට

*********************************************

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් සිව් (4) දෙනෙකු අත්අඩංගුවට

(06.12.2020 – 10:44 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි රාජ්‍යයේ සිට මුහුදු මඟින් මෙරටට හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ගෙනවිත් බෙදාහැරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබුණා.

අදාළ ජාවාරම වැටලීමට බුද්ධි අංශ මෙන්ම නාවික හමුදාවේද සහය ලබාගැණුනු අතර ‘හිරු CIA’ කණ්ඩායමද එම මෙහෙයුමේ කොටස්කරුවන් බවට පත්වුණේ මෙලෙසින්.

දින ගණනාවක් සුරාබදු නිලධාරීන් සමඟ මාරවිල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර අද පෙරවරුවේ මාරවිල – තුඩුවාව ප්‍රදේශයේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අදාළ වැටලීම සිදුකෙරුණා.

මෙම මෙහෙයුමේදී හෙරොයින් කිලෝ 100 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100 ක් අත්අඩංගුවට ගැනීමට හැකිවුණා.

සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ එහි වටිනාකම රුපියල් කෝටි 300 කට අධික බවයි.

වැටලීමේදී මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා.

ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගෙන තිබුණේ මෙම ‘බූම් ට්‍රක්’ රථයයි.

මෙහි ඇති විදුලි උත්පාදන යන්ත්‍රය තුළ සූක්ෂමව මත්ද්‍රව්‍ය සඟවා ප්‍රවාහනය කිරීමටයි සැළසුම් කර තිබුණේ.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේදී ආරක්ෂාව සඳහා ඉදිරිපසින් හා පසුපසින් මෝටර් රථ දෙකක් (2) ද ධාවනයට යොදා තිබුණා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශකළේ මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බවයි.

+++++++++++++++++

මාරවිලින් හමුවූ හෙරොයින් තොගය, දෙමටගොඩට රැගෙන ඒමට සැලසුම් කර තිබූ බව හෙළිවේ

(06.12.2020 – 17:09 +0530 – hirunews.lk/sinhala)

මාරවිල – තොඩුවාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 200 ඉක්ම වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන විත් ඇත්තේ ඩුබායි, ඇෆ්ගනිස්ථාන් හෝ පාකිස්තානයේ සිට බවට සැක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කොමසාරිස් ජනරාල් ඒ.බෝදරගම මහතා කියා සිටියේ අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය දෙමටගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට ලබාදීම සඳහා ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බවයි.

අද (06) උදෑසන සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකළ මෙම වැටලීමට බුද්ධි අංශ මෙන්ම නාවික හමුදාවේ ද සහය ලැබී තිබුණා.

ඩුබායි රාජ්‍යයේ සිට ජූඩ් නැමති පුද්ගලයෙකු මෙහෙය වනු ලබන හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය මෙරටට ගෙනවිත් බෙදා හැරීමේ ජාවාරමක් පිළිබදව සුරාබදු දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබූ අතර ඒ අනුවයි වැටලීම සිදුකෙරුණේ.

එහිදී සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර, ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගෙන තිබුණේ ‘බූම් ට්‍රක්’ රථයක්.

එහි විදුලි උත්පාදන යන්ත්‍රයක් තුළ මේවා සූක්ෂම ලෙස අසුරා තිබූ අතර, මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේදී එහි ආරක්ෂාවට ඉදිරිපසින් හා පසුපසින් මෝටර් රථ දෙකක්ද (2) ධාවනයට යොදා තිබුණා.

මෙම මත්ද්‍රව්‍ය තොගය අද (06) පස්වරුවේ රාජගිරියේ පිහිටි සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට රැගෙන ඒමෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ.බෝදරගම මහතා කියා සිටියේ එලෙස අත්අඩංගුවට ගත් එක් මෝටර් රථයක තිබී පාසල් බෑග් තොගයක් ද සොයා ගත් බවයි.

+++++++++++++

***************************************

(06.12.2020 – 12:52 +0530 – hirunews.lk/sinhala)

2017 වසරේදී එවකට විදේශ අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබූ ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට විෂයභාර අමාත්‍යවරයාව සිටි රවී කරුණානායක ගෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

මෙම වසරේදි ක්ෂනික ලොතරැයි මුද්‍රණය සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්පූර්ණ කොට තිබූ ටෙන්ඩරයක් හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ අවශ්‍යතාව මත කැබිනට් තීරණයකින් නවතා ඇති බවද මෙහිදී හෙලි වුණා.

එවකට මුදල් අමාත්‍යවරයාව සිටි මංගල සමරවීර මෙම ටෙන්ඩරය නැවත්වීම නිවැරදි තීරණයක් නොවන බවට නිරීක්ෂණයක් ද ලබා දී ඇති නමුත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණේ මෙම ටෙන්ඩරය ඉවත් කිරීමටයි.

ඒ අනුව ඇක්වා ෆ්ලැක්ස් ලංකා සමාගට හිමිවිය යුතුව තිබූ ක්ෂණික ලොතරැයි ටිකට්පත් මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය නවතා දැමීමට කැබිනට් මණ්ඩලයට බලපෑම් කර ඇත්තේ ප්‍රින්ට් කෙයාර් සෙකියුර් සමාගම බවටයි කෝප් කමිටුවේදී අනාවරණය වී ඇත්තේ.

මෙම කැබිනට් තීරණය හේතුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලයට විශාල මූල්‍ය පාඩුවක් සිදුවී ඇති අතර මේ වසර දක්වා තවමත් අදාල ලොතරැයිපත් මුද්‍රණය සඳහා නව ටෙන්ඩරයක් කැඳවිමට නොහැකි තත්තවයක් උදා වී ඇති බවද වාර්තා වුණා.

පසුගිය 04 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව රැස්වූ අවස්ථාවේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් මුද්‍රණය හා භාරදීම පිළිබඳ ප්‍රසම්පාන කටයුතු සම්බන්ධයෙන් කරුණු විර්ශණය කිරීමේදී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා.

ඊට අමතරව ජාතික ලොතරැයි මණ්ඩලයේ 2017, 2018 සහ 2019 යන වසරවල වර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවද කෝප් කමිටුව නිරීක්ෂණය කර තිබෙනවා.

ජාතික ලොතරැයි මණ්ඩලයේ මාණ්ඩලික තනතුරු වල වසර ගණනක තිස්සේ විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බව නිරීක්ෂණය කළ කෝප් කමිටුව ඒවා නිසි ක්‍රමවේදයකට අනුව කඩිනමින් සම්පූර්ණ කරන ලෙස අදාළ නිලධාරීන් වෙත දැනුම් දුන්නා.

ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් මුද්‍රණය වෙනුවෙන් 2016 වසරේදී රුපියල් මිලියන 609 ක්, 2017 වසරේදී රුපියල් මිලියන 453 ක්, 2018 වසරේදී රුපියල් මිලියන 506 ක් සහ 2019 වසරේදී රුපියල් මිලියන 530 ක් වශයෙන් විශාල මුදලක් වැයකර ඇති බව පෙනී යන බැවින් ආයතනයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වඩා ක්‍රමවත් සහ සැලසුම් සහගත ලෙස සිදුකරන ලෙසත් ලොතරැයිපත් මුද්‍රණ ක්‍රියාවලිය නිසි නියාමනයකට ලක් කරන ලෙසත් කාරක සභාව විසින් නිර්දේශ කරන තිබෙනවා.

කලම්බෝ එයාර්පෝට් සුපර් ඩ්‍රෝ දිනුම් ඇදිමේදී ආයතනයට හිමිවිය යුතු ඇමරිකානු ඩොලර් 26,000 ක මුදල තවමත් ආයතනයට ලැබී නොමැති බවද කෝප් කමිටුවේදී අනාවරණය වුණා.

***************************************

(06.12.2020 – 12:55 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ප්‍රදේශ කිහිපයකට ඊයේ (05) ඇති වූ භූ කම්පනය සම්බන්ධයෙන් ද අඛණ්ඩව විමර්ශන සිදුකරන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ප්‍රකාශ කළා.

ඊයේ (05) පස්වරු පහේ (05:00) සිට අට (08:00) දක්වා කාල සීමාව තුළ මෙලෙස ප්‍රදේශ කිහිපයක සුළු භූ කම්පන කිහිපයක් හටගත් බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම කම්පන භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ භූ කම්පන මානවල සටහන් වී නැහැ.

ඊයේ (05) අලුයම 05:42 ට පමණ භූ කම්පනයක් සිදුව තිබූ අතර, එය රික්ටර් මාපක 2 ට අඩු සංඛ්‍යාවක සටහන් වී ඇති බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය කියා සිටියේ.

පසුගිය අගෝස්තු 29 වන දා සිට ඊයේ (05) දිනය දක්වා මහනුවර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් භූ කම්පන 7 ක් වාර්තා වී තිබෙනවා.

අගෝස්තු 29 වන දින අවස්ථා 4 කදීත්, සැප්තැම්බර් මස 2 වන දා එක් (1) අවස්ථාවකදීත්, නොවැම්බර් මස 18 වන දා තවත් අවස්ථාවකදීත් (1) මෙම භූ කම්පන වාර්තා වූ බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ.

මීට පෙර භූ කම්පන ඇති වූ අවස්ථාවේදී ඒ පිළිබදව සොයා බැලීම සඳහා කමිටුවක් ද පත් කර තිබුණා.

ඒ ඔස්සේ අඛණ්ඩව විමර්ශන තවදුරටත් සිදුකෙරෙන අතර එම කමිටුවෙන් සිදුකරන ලද විමර්ශන ඔස්සේ නිර්දේශ කිහිපයක් ද මීට පෙර ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත්, අඹකොටේ, අලුත්වත්ත සහ රිකිල්ලගස්කඩ ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ නිරන්තරයෙන් සිදුවන මෙම භූ චලන සම්බන්ධයෙන් තමන් බියට පත්ව සිටින බවයි ෴

***************************************

(06.12.2020 – 13:30 +0530 – hirunews.lk/sinhala)

මේ කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපය කරගත් ජනතාවක් වෙසෙන වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යටිමාදුර ගම්මානයයි.

රටට බත සපයෙන වසර 400 කටත් වඩා පැරණි පාරම්පරික කුඹුරු ඉඩම් ප්‍රමාණයකට මෙහි වැසියන් හිමිකම් කියනවා.

නමුත් අද වනවිට ඔවුන්ගේ ඒ අයිතියට දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ කුඹුරු වැපිරීමට අවශ්‍ය කරනු ලබන ජලය නොලැබීයාම හේතුවෙන්.‍

ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින කුඩා පරිමාණ ජල විදුලි බලාගාරයක් ඊට හේතුවී ඇති බවට ගම්වැසියන් චෝදනා කරනවා.

***************************************

(06.12.2020 – 13:36 +0530 – hirunews.lk/sinhala)

රිය අනතුරක් හේතුවෙන් දුක් කම්කටොළු රැසක් මැද දිවිගෙවන පවුලක් පිළිබඳ අපට වාර්තා වුණා.

මේ අසරණ පවුල ජීවත්වන්නේ ගලේවෙල, බඹරගස්වැව – අන්දරගොල්ල නම් ග්‍රාමයේයි.

පවුලේ ගෘහ මූලිකයා වන සුසන්ත කරුණාරත්න මහතා මීට වසර 6 කට පෙර රිය අනතුරකට මුහුණදීම හේතුවෙන් ඔහුගේ පාදය අහිමි වී ඇති අතර කෘතීම පාදයක් දමා ඇති මුත් එයද මේ වන විට අබලන් වී තිබෙනවා.

ඔහු පවසන්නේ අලුතින් පාදයක් ගැනීම සඳහාද විශාල මුදලක් වැය වන බවයි.

වෙනත් අයෙකුගේ ත්‍රී රෝද රථයක කුලී රියදුරෙකු ලෙස සේවය කළද එයින් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන බවද සුසන්ත පවසනවා.

***************************************

(06.12.2020 – 13:39 +0530 – hirunews.lk/sinhala)

අයවැය කාරක සභා විවාදයේ 12 වන දිනය වූ ඊයේ (05) දිනයේදි විවාදයට ගැණුනේ වරාය හා නාවික අමාත්‍යාංශය සහ සංචාරක අමාත්‍යාංශය පිළිබඳවයි.

එහිදී පසුගිය රජය සමයේ මත්තල ගුවන්තොටුපලෙහි වී ගබඩා කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අදහස් ප්‍රකාශ කිරීමත් සමඟ විවාදය උණුසුම් වුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *