ඉන්ධන මිල යළිත් ඉහළට – ලීටරයක් රු. 60 සිට 90 දක්වා විවිධ ප්‍රමාණ වලින්

ඉන්ධන මිල යළිත් ඉහළට – ලීටරයක් රු. 60 සිට 90 දක්වා විවිධ ප්‍රමාණ වලින්


ඉන්ධන මිල යළිත් ඉහළට – ලීටරයක් රු. 60 සිට 90 දක්වා විවිධ ප්‍රමාණ වලින්

(21.03.2026 – hirunews.lk)

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන වර්ගවල මිල යළිත් ඉහළ දැමීම සඳහා තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව,

රු. 317 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 81 කින් ඉහළ දමා ඇති අතර, නව මිල රු. 398 ක්.

රු. 365 ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු. 90 කින් ඉහළ දමා ඇති අතර, නව මිල රු. 455 ක්.

රු. 303 ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල රු. 79 කින් ඉහළ දමා ඇති අතර, නව මිල රු. 382 ක්.

රු. 353 ක්ව පැවති සුපිරි ඩීසල් මිල රු. 90 කින් ඉහළ දමා ඇති අතර, නව මිල රු. 443 ක්.

රු. 195 ක්ව පැවති භූමිතෙල් මිල රු. 60 කින් ඉහළ දමා ඇති අතර, නව මිල රු. 255 ක් ෴

+++

+++

ඉන්ධන කෝටාව ඉහළ දමයි

(21.03.2026 – hirunews.lk)

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට QR කේතය යටතේ ලබාදෙන ඉන්ධන කෝටාව සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව,

මෝටර් රථ සඳහා පැවති ඉන්ධන ප්‍රමාණය ලීටර 10 කින් ඉහළ දමා තිබෙන අතර එහි නව ප්‍රමාණය ලීටර් 25 ක්.

ත්‍රී රෝද රථ සඳහා පැවති ඉන්ධන ප්‍රමාණය ලීටර 15 ක ප්‍රමාණය ලීටර 5 කින් ඉහළ දමා ඇති අතර එහි නව ප්‍රමාණය ලීටර 20 ක්.

මෝටර් බයිසිකල් සඳහා පැවති ඉන්ධන ප්‍රමාණය ලීටර 5 ක ප්‍රමාණය ලීටර 3 කින් ඉහළ දමා ඇති අතර එහි නව ප්‍රමාණය ලීටර 8 ක්.

බස් රථ සඳහා පැවති ඉන්ධන ප්‍රමාණය ලීටර 40 කින් ඉහළ දමා ඇති අතර එහි නව ප්‍රමාණය ලීටර 100 ක්.

වෑන් රථ සඳහා පැවති ඉන්ධන ප්‍රමාණය ලීටර 10 කින් ඉහළ දමා ඇති අතර එහි නව ප්‍රමාණය ලීටර 50 ක්.

ඉඩම් වාහන සඳහා පැවති ඉන්ධන ප්‍රමාණය ලීටර 15 කින් ඉහළ දමා ඇති අතර එහි නව ප්‍රමාණය ලීටර 40 ක් බව සඳහන් ෴


විජේවීර ගැන ආණ්ඩුවට දයාසිරිගෙන් ප්‍රශ්න වැලක්

(21.03.2026 – hirunews.lk)

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ආණ්ඩුවෙන් ප්‍රශ්න කිහිපයක්ම විමසා සිටියා.

ඊයේ(20) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ප්‍රශ්න වාරයේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ ගැන විමසුවේ ආරක්ෂක අමාත්‍යවරයාගෙන්.

ප්‍රශ්න කිහිපයක්ම එම ප්‍රශ්නයට ඇතුළත් කර තිබූ අතර රෝහණ විජේවීරගේ පවුලේ තොරතුරු සම්බන්ධයෙන් ද ප්‍රශ්න ඉදිරිපත් කර තිබුණා.

එම ප්‍රශ්න පහත සඳහන් වෙනවා :

  1. ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායක රෝහණ විජේවීර මහතාගේ බිරිඳගේ සහ දරුවන්ගේ නම් කවරේද?
  2. රෝහණ විජේවීර මහතාගේ ඝාතනයෙන් පසු මේ දක්වා ඔවුන් ජීවත් වූ එක් එක් ස්ථානය සහ එම එක් එක් ස්ථානයේ ජීවත් වූ කාලසීමාව වෙන් වෙන් වශයෙන් කවරේද?
  3. ඔවුන්ගේ නඩත්තු වියදම් ශ්‍රී ලංකාවේ රජය විසින් දරා තිබේ නම් ඒ සඳහා දරන ලද වියදම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද?
  4. ඔවුන්ගේ නඩත්තු කටයුතු වෙනත් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් දරා තිබේ නම් නඩත්තු කරන ලද කාලසීමාව සහ ඒ සඳහා දරන ලද වියදම වෙන් වෙන් වශයෙන් කවරේ ද?
  5. ඔවුන්ගේ නඩත්තු කටයුතු සඳහා විදේශ රටවලින් ආධාර ලැබී තිබේද?
  6. එසේ නම් ආධාර ලබාදුන් රට, පුද්ගලයන් සහ ආධාර ලබාදුන් කාල සීමාව වෙන් වෙන් වශයෙන් කවරේද?

ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් පිළිතුරු ලබාදුන් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මෙම ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට සති දෙකක කාලයක් ඉල්ලා සිටියා ෴


රු. ලක්ෂ හයකට අධික ඩීසල් තොගයක් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කළ අයෙක් දැලේ

(21.03.2026 – hirunews.lk)

නීති විරෝධී ආකාරයෙන් බලපත්‍ර නොමැතිව රුපියල් ලක්ෂ හයකට (6) අධික වටිනා ඩීසල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු
බස්නාහිර පළාත් උතුර බුද්ධි නිලධාරීන්ගේ තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් බව කොටහේන පොලිසිය පවසනවා.

එම සැකකරු සමඟ ලීටර් 200 බැගින් වු බැරල් 10 ක බහා තිබූ ඩීසල් ලීටර් 2000 ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

කොටහේන පොලිස් ස්ථානයේ රාත්‍රී ජංගම සංචාරයේ නිලධාරීන් සංචාරය කරමින් සිටියදී බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ගේ ලද තොරතුරකට අනුව ජෝර්ජ් ආර් ද සිල්වා මාවතේ දි ධාවනය වෙමින් තිබූ සම්පූර්ණයෙන්ම ආවරණය කරන ලද ලොරියක් නවතා පරික්ෂා කිරීමේදී බැරල් දහයක (10) බහා තිබූ මෙම ඉන්ධන තොගය පොලිස් භාරයට ගැනීමට හැකි වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාර රියදුරාගෙන් ප්‍රශ්න කිරීමේදී මේවා විකිණීම සඳහා රැගෙන යන බවට අනාවරණය වී යැයි පොලිසිය පවසනවා.

25 හැවිරිදි සැකකාර රියදුරා නාවලපිටියේ පදිංචිකරුවෙක් ෴


වාද්දූවේදී මෝටර් රථයක් දුම්රියක ගැටී බිහිසුණු අනතුරක්

(21.03.2026 – 18:03 +0530 – sinhala.adaderana.lk)

වාද්දූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යුවලක් තුවාල ලබා තිබේ.

මරදානේ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කළේය.

අනතුර සිදුවන අවස්ථාවේ පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් මෝටර් රථයේ සිට ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.

අනතුරින් තුවාල ලැබූ දෙදෙනා 26 හැවිරිදි වියේ පසුවන බව ද පොලිසිය සදහන් කර සිටී ෴


අපි උඹලගේ #කේ අරිනවා, ආණ්ඩුව විපක්ෂයට කරන දැනුම්දීම (21.03.2026)

+

හොමූස් තියෙන තැන දන්නෙ නැති, පුදුම ජනාධිපති… ප්ලීස් පොඩ්ඩක් කතා නොකර ඉන්ඩ බැරිද ? (21.03.2026)

+

බිමල් රත්නායකව අත්අඩංගුවට ගන්නේ නැද්ද ? (21.03.2026)

+


ජනපතිගෙ සූත්‍රයට අනුව ඉන්ධන මිල ඉහල යන හැටි බන්දුල සමන් කුමාර හෙළි කරයි ! (21.03.2026)

+


මහින්ද, නාමල්ගේ නම් කපිල චන්ද්‍රසේන ඇත්තටම කිව්වද? (21.03.2026)

+

නූතන පොල්පොට් පාලනය ඉදිරියේ වැලලෙන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක ශෝකාන්තය!‪ (21.03.2026)

+


යුද්ධය මැද්දේ රටට එන සැඟවුණු යක්ෂයා ගැන – මහාචාර්ය බුද්ධි මාරඹේගෙන් හෙළිදරව්වක් (21.03.2026)

+


ඔහෙලා වගේ කොන්ද පණ නැති නිවටයෝ නෙවෙයි – මේ රට පාලනය කරේ … (21.03.2026)

+


නෝනයි මහත්තයයි ගිය කාර් එක කුඩුපට්ටම් – වාද්දුවේ සිදු වූ බිහිසුණු දුම්රිය අනතුර (21.03.2026)

+


එයාර් ලංකා ගනුදෙනුවට මහින්ද අත්අඩංගුවට ගනියි ද? (21.03.2026)

+


මහින්ද රාජපක්ෂවත් මාලිමාව හිරේ දායි ද? – අපි එන ඕන දේකට ලෑස්තියි ඒක මතක තියාගන්න (21.03.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Dayasiri Jayasekara. This man is wasting Parliament time and that of government officials digging into a matter long dead and gone. If he wanted answers to these burning questions of his, then he should have questioned the relevant government of the time of Premadasa, and of Mrs Chandrika B that followed, or even his own hotu pohottu government that continued to keep Mrs Wijeweera in house arrest in some army camp. It was not the work of the present government and not answerable for the decisions taken by former governments including his. For what purpose was he asking them questions now, and what was he going to do with the answers. Are these answers relevant to solving the more important issues of today, how to steer the country through the economic conditions generated by the war in Middle East? This is what happens when nincompoops are elected as MPs,

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *