ජනතා අධිකරණයේදී විශ්වාසභංගය පරාජය කළ නොහැකියි : මහාචාර්ය ජී. එල්. පීරිස්
ජනතා අධිකරණයේදී විශ්වාසභංගය පරාජය කළ නොහැකියි : මහාචාර්ය ජී. එල්. පීරිස්
(11.04.2026 – hirunews.lk)
බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව ආණ්ඩුව විසින් පරාජයට පත් කළ ද ඔවුන්ට ජනතා අධිකරණයෙන් නම් එම විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට නොහැකි වන බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් අවධාරණය කරනවා.
හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (11) කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී ‘ඒකාබද්ධ විපක්ෂය’ විසින් සංවිධාන කරන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්.
මහාචාර්ය පීරිස් මෙහිදී කියා සිටියේ ආණ්ඩුව තම උපරිම බලය යොදා මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුව තුළදී පරාජය කිරීමට කටයුතු කළ බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මෙසේද පැවසීය :
පාර්ලිමේන්තුවට ඊයේ (10) බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහත්මයාට එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව උපරිම බලය යොදලා ආණ්ඩුව විසින් පරාජයට පත්කළා. නමුත් ජනතා අධිකරණයට ගියොත් ඒ විශ්වාසභංග යෝජනාව පරාජය කරන්න ආණ්ඩුවට ලැබෙන්නේ නැහැ.
ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හැම තිස්සේම උත්සාහ කළේ මේක ගල් අඟුරු සමාගමේ ප්‍රශ්නයක් කියලා පෙන්නන්න. නමුත් මෙම බාල ගල් අඟුරු ගෙනල්ලා රටට දැඩි ආර්ථික හානියක් කරන්න පාර කැපුවේ මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල නිසයි කියලා සියලුම කරුණු අනාවරණය වෙලා ඉවරයි.
අනිත් කාරණය මේ ගල් අඟුරු ටෙන්ඩරයට අදාල ගිවිසුම අත්සන් කරනකොට නීතිපතිවරයාගේ අනුමැතිය ලැබුණු අත්සන තිබුණේ නැහැ. එවැනි තත්ත්වයකදී තමයි මේ ගිවිසුම අත්සන් කරන්න ආණ්ඩුව තීරණය කළේ.
ජනතාවට බදු මුදල් ගගහා ඔවුන්ගෙන් මුදල් අයකරගෙන තමයි ආණ්ඩුව මේ වගේ වැඩ කරන්නේ.
මෙම මාධ්‍ය හමුවට එක්වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලිගියවන්න ප්‍රකාශ කළේ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුව ජයග්‍රහණය කළත් එමඟින් පරාජයට පත් වූයේ මේ රටේ ජනතාව බවයි.
මාස කිහිපයක්ම යනකම් මෙම පාඩුව මකාගන්න ආණ්ඩුවට නොහැකිවන බවද ඔහු විසින් පෙන්වා දුන්නා.
ඒ අනුව මෙම පාඩුව මකාගන්න විදුලි බිල වැඩිකර එය ජනතාවගෙන් අයකර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ඇමරිකානු ඩොලර් බිලියන 7.1 ක සංචිතයක් තියෙන බව ආණ්ඩුව ප්‍රකාශ කරමින් ඔවුන් හදන්නේ තවදුරටත් ජනතාවගේ බදු බර වැඩි කරමින් එම පාඩුව පියවා ගැනීමට බවද හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළා.
මෙම ගල් අඟුරු සම්බන්ධයෙන් විද්‍යාගාරවලින් නිසි පරීක්ෂණයක් සිදුකර නොමැති බවත් මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදු කිරීමට ආණ්ඩුව ක්‍රියා නොකිරීම කණගාටුවට කරුණක් බවත් මෙම මාධ්‍ය හමුවට එක් වූ හිටපු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළා.
මෙම අවස්ථාවට එක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නම්පෙරුම ප්‍රකාශ කළේ සිංහල අවුරුද්දට ජනතාවට කන්න වෙන්නේ ගල් අඟුරු බවයි.
මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ලසන්ත අලගියවන්න, සර්වජන බලය පක්ෂය වෙනුවෙන් මහාචාර්ය චන්න ජයසුමන, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අජිත් මානප්පෙරුම, නව ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සෙනාල් වෙල්ගම ඇතුළු පිරිසක් එක් වුණා.
+++
+
මෙරට ජනගහනයෙන් 41% ක් අවිවාහකයි : ජන සංගණන වාර්තාවෙන් හෙළිවේ
(11.04.2026 – hirunews.lk)
මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 41.8 ක ප්‍රමාණයක් අවිවාහකයින් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා.
2024 ජන හා නිවාස සංගණනය මගින් මේ බව අනාවරණය වූ බවයි ජන සංගණන සහ ප්‍රජා විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චාන්දනි විජේබණ්ඩාර පෙන්වා දෙන්නේ.
මෙම තත්ත්වය 2012 වසර හා සැසඳිමේදී සැලකිය යුතු වැඩිවීමක් බවද ඇය පවසනවා.
+
ජන වරම දණ ගස්සපු නයි කුමාරයෝ අපේ ආණ්ඩුවක් ආවම හිරේ යන්න බලං ඉන්න (11.04.2026)
+++
මේ මාලිමා ආණ්ඩුවට කොන්ද පණක් නෑ – සජබේ චරිත් ආණ්ඩුවට හොඳම එකෙන් කියා දෙයි (11.04.2026)
+++
“කෝප් සභාපති ඉල්ලා අස්වෙන්න ඕනේ” විශ්වාසභංගය පැරදුණත් ආණ්ඩුවේ රෙදි ගැලවෙන්නම වෛද්‍ය චමල් අමතනවා (11.04.2026)
+
හැලිය රත්වෙනකම් කකුළුවෝ නටයි මහත්තයෝ – දොලවත්ත ආණ්ඩුවට රතු එළි දල්වයි (11.04.2026)
+
කවුරුහරි කියනවනම් මේක සර්ව ආගමික රටක් කියලා, නෑ මහත්තයෝ මේක සිංහල බෞද්ධ රට (11.04.2026)
+
නීතියෙන් ගැලවුණත් කර්මයෙන් බෑ | විඳවලා මැරුණු ලලින්ගේ ඝාතකයෝ | ලලිත් ඇතුලත්මුදලි ඝාතනය 1993 (11.04.2026)
+
තක්සලාවට චීන ආධාර – චීන බාලිකාවියෝ පෝලිමේ එයි ? (11.04.2026)
+
ස්ට්‍රයික් එකෙන් දොස්තරලා පරාදයි ද ? (11.04.2026)
+
මේ තරම් කිච වුණු ජනාධිපති කෙනෙක් දැක්කමයි (11.04.2026)
+
මාලිමාවේ පාරිශුද්ධභාවයේ අවසන් රෙදිකඩත් වා තලය සිපගෙන අවසන් (11.04.2026)
+
ලෝකයේ ලස්සනම කෙල්ලව දැකලා විවාහ වුණ චරිත් අබේසිංහගේ නොකී කතාව (11.04.2026)
+
ගල් අඟුරු ගේම් එක සම්පූර්ණයෙන්ම අනුර දිසානායකගේ වැඩක්! (11.04.2026)
+
විදුලි ආලෝක ධාරා මැද කලා ශිල්පීන් 100 ක් සමග අලුත්ම තරගවලින් හැඩවූ තරු අවුරුදු උත්සවය – රංගන සමග (12.04.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
@ GL Peris. As a professor he should understand that public has already given their vote of confidence. Obstacles facing the current government are those deliberately created by hotu pohottu and sajith faction sabatoeurs; the public is very well aware of it, understand who the culprits are, and what kind of sbotaging these vile creatures are performing. More they do such things, public will converge for the defence of the government. The next public vote of confidence will certainly be for the NPP government. Have no anxiety over it, mr Peris!