මල්වානේ නිවසට පැන්න අන්තරේට විරුද්ධව දොම්පේ ප්‍රා.ලේ. ගෙන් පැමිණිල්ලක්
මල්වානේ නිවසට පැන්න අන්තරේට විරුද්ධව දොම්පේ ප්‍රා.ලේ. ගෙන් පැමිණිල්ලක්
(16.05.2026 – 18:43 +0530 – sinhala.adaderana.lk)
ගම්පහ මල්වානේ පිහිටි නිවසකට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පාර්ශවයක් අනවසරෙන් ඇතුළු වී එය අත්පත් කරගෙන සිටීම සම්බන්ධයෙන් දොම්පේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
රජයට අයත් භූමියකට අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් අදාළ පිරිසට එරෙහිව දොම්පේ පොලීසිය වෙත ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
මල්වානේ පිහිටි හිමිකරුවෙකු නොමැති මෙම නිවස සහ ඉඩම සීමිත විශ්වවිද්‍යාල සඳහා ලබාදෙන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ පිරිසක් පසුගිය 14 වනදා එහි නවාතැන් ගනිමින් විරෝධතා ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබීය.
මේ අතර, එම ක්‍රියාමාර්ගයට එරෙහිව ‘නව ජනතා පෙරමුණ’ ද අද (16) දොම්පේ පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකළ අතර එහිදී එම පෙරමුණේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළේය.
“මේ නව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියන්නෙ ජනතා විමුකිති පෙරමුණේ ‘බළල් අත’. ශිෂ්‍ය වීරයන්ට කියන්න කැමති ශිෂ්‍ය සටන් ගැන දන්නේ නැත්තන් බංකුවක් අරන් එන්න අපි කියලා දෙන්නම්. මෙතන ඉදලා විශ්වවිද්‍යාල දෙකක් (2) තියෙනවා, කැලණිය විශ්වවිද්‍යාලයට කිලෝමිටර් 24 යි. යක්කල ආර්යුවේද විශ්වවිද්‍යාලයට කිලෝමිටර් 22 යි. මේ ශිෂ්‍යයෝ කොහොමද කියන්නේ මේවා විශ්වවිද්‍යාලයට පවරලා දෙන්න කියලා. විශ්වවිද්‍යාල පාලන අධිකාරිය විසින් ශිෂ්‍ය නේවාසිකාගාරයක් විදියට සුරක්ෂිත කරන්න ඕනා.
පහුගිය දිට්වා සුළි කුණාටුවේදි අඩි 50 ක් මේ ගොඩනැගිල්ල යටවුණා. උඩ තට්ටුව විතරයි ඉතිරි වුණේ. ශිෂ්‍යයන්ටත් අපි කියනවා ජනතා විමුක්ති පෙරමුණේ මේ න්‍යාය පත්‍රයට රැවටෙන්න එපා කියලා. පොලීසියට කියන්න බෑ මේකට පැමිණිලි නෑ කියලා . ප්‍රාදේශීය ලේකම්තුමා පැමිණිල්ලක් දාලා තියෙනවා. දේශපාලන පක්ෂයක් විදියට අපි ඇවිල්ලා පැමිණිල්ලක් දාලා තියෙනවා. දැන් පැමිණිල්ල විභාග කරලා තියෙනවා. දැන් පැමිණිල්ල විභාග කරලා ඉතාම ඉක්මනින් අනීතිකව ඉන්න මේ ශිෂ්‍යයන් අයින් කරයි කියලා හිතනවා”
+++
නව අන්තරේ මල්වානට බැස්සුවේ පැවත්තෙන් – ශිෂ්‍ය ව්‍යාපාර දන්නේ නැත්තම් බංකු අරන් එන්නකෝ (16.05.2026)
+
වැගන් රථයක් ලක්ෂ 7-8 කින්, වෙසල් රථයක් ලක්ෂ 17-18 කින් ඉහලට | වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් නිවේදනයක් (16.05.2026)
+
ටිල්වින්ට වැඩ වරදියි. වසර 7 කට හිරේ | ලංකාවේ ආර්ථිකය අනතුරක | රුපියල පිරිහෙන හේතු 7 ක් – උදය ගම්මන්පිල (16.05.2026)
+
මහජන බැංකුව රු. කෝටි 65 ක් වැඩිපුර ගෙවයි.. ආපසු ඉල්ලා පස්සෙන් යයි..
(16.05.2026 – lankacnews.com)
මහජන බැංකුව විසින් විදේශ මුදල් හුවමාරු සඳහා භාවිත කරනු ලබන ප්‍රේෂණ පද්ධතියක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගනුදෙනුකරුවන් පිරිසකට ලැබිය යුතු ප්‍රමාණයට වඩා ඉහළ මුදල් ප්‍රමාණයක් නිකුත් වී ඇති බව එම බැංකුව නිල වශයෙන් නිවේදනය කරයි.
බැංකුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශනයකට අනුව, මෙම දෝෂය සිදු වී ඇත්තේ එක් මුදල් ඒකකයකින් විනිමය අනුපාතිකය පරිවර්තනය වීමේදීය. මෑතකදී හඳුනාගත් මෙම දෝෂය නිවැරදි කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන ඇත.
පද්ධති දෝෂය හේතුවෙන් සිදු වූ ඇස්තමේන්තුගත මුල්‍යමය බලපෑම ආසන්න වශයෙන් රුපියල් මිලියන 656 කි.
මෙම මුදල අදාළ කාලසීමාව තුළ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ගිණුම් ප්‍රකාශනවලට දැනටමත් ඇතුළත් කර ඇති බැවින්, වත්මන් ගණන් බැලීම්වලට අනුව ඉදිරියට මින් කිසිදු මූල්‍යමය බලපෑමක් අපේක්ෂා නොකෙරේ.
අදාළ කාලසීමාව තුළ වැඩිපුර මුදල් ලබාගත් ගනුදෙනුකරුවන්ගෙන් එම මුදල් නැවත අයකර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විටත් සාර්ථකව ආරම්භ කර ඇත.
දෝෂය හඳුනාගත් වහාම බැංකුව අභ්‍යන්තර විමර්ශනයක් සිදු කර ඇති අතර, අදාළ මෙහෙයුම් ක්‍රියාවලීන් තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු නියාමන සහ අධීක්ෂණ අධිකාරීන්ගේ උපදෙස් මත මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ද ක්‍රියාත්මක වේ.
මෙම තත්ත්වය බැංකුවේ ස්ථාවරත්වයට කිසිදු බලපෑමක් එල්ල නොකරන බව අවධාරණය කරන මහජන බැංකුව, තමන් රුපියල් ට්‍රිලියන 3.8 ක පමණ වත්කම්වලින් සමන්විත ශක්තිමත් මූල්‍ය ආයතනයක් බව පෙන්වා දෙයි.
එම නිසා බැංකුවේ මූල්‍ය ස්ථාවරත්වයට, ලාභයට හෝ ගනුදෙනුකාර තැන්පතුවල ආරක්ෂාවට මින් කිසිදු බලපෑමක් සිදු නොවන බව ද බැංකුව සහතික වෙයි.
මහජන බැංකුවේ එදිනෙදා බැංකු කටයුතු, ඩිජිටල් බැංකු පහසුකම් සහ සියලුම ගනුදෙනුකාර සේවාවන් දැනටමත් සාමාන්‍ය පරිදි සුරක්ෂිතව ක්‍රියාත්මක වන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ ෴
ප්‍රින්සිපල් භාවනා මගට ශිෂ්‍ය නායක යෝගී ජීවිතයට (16.05.2026)
+
ජේවීපී ආණ්ඩුව අල්ලෙ නටවන ජාත්‍යන්තර හැකර් මල්ලිලා (16.05.2026)
+
මල්වානේ හොර අන්තරේ වහාම අත්අඩංගුවට ගනු (16.05.2026)
+
පරණ ත්‍රස්තවාදීන්ගේ අලුත් ආණ්ඩුවේ කැලෑ නිතිය… ශ්‍රී ලංකා පොලිසිය මෙහෙම බලු වෙන්නේ ඇයි ? (16.05.2026)
+
සජබ කඩන්න ඕනෙ කාටද? ඩීල් එක කාගෙද? (16.05.2026)
+
මේ වගේ පොතක් මීට කලින් ලංකාවේ ඇවිල්ලා නැහැ – මහාවංශ ප්‍රදීපිකාව | Isura Wickramarachchi (16.05.2026)
+
රජයේ ඉඩමක් රජයටම ඉල්ලන මල්වානේ අන්තරේ නාඩගම! (16.05.2026)
+
මහින්ද අල්ලස් කොමිසමට ගෙනත් ආණ්ඩුව නාපු නෑම (16.05.2026)
+
ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි ශ්‍රීලංකන් ගුවන් සමාගම් කාර්යාලයේ සිදුවූ බව කියන මුල්‍ය වංචාවන් 2 ක් සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් විශේෂ පැහැදිලි කිරීමක්
(16.05.2026 – lankacnews.com)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවා සපයන ආයතනයක විද්‍යුත් තැපැල් ගිණුමක් හැක් කරමින් සිදුකළ වංචනික මුදල් ගෙවීමක් සහ ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි ශ්‍රීලංකන් ගුවන් සමාගම් කාර්යාලයේ සිදුවූ බව කියන මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් වාර්තා කර තිබූ සිදුවීම් ද්විත්වය පිළිබඳව ශ්‍රීලංකන් ගුවන් සමාගම විශේෂ පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ.
සෙනසුරාදා දින නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ඩුබායි හි පිහිටි සිය සේවා සපයන්නෙකු වෙත ගෙවිය යුතුව තිබූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් 974,000 ක මුදලක් ඔවුන් වෙත ලැබී නොමැති බවට තමන්ව දැනුවත් කළ බවයි.
ඒ පිළිබඳව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ තෙවන පාර්ශවයක් විසින් අදාළ සේවා සපයන ආයතනයේ විද්‍යුත් තැපැල් ගිණුමට අනවසරයෙන් ප්‍රවේශ වී , එහි බැංකු ගිණුම් විස්තර සහ සනාථ කරන ලියකියවිලි නිල සන්නිවේදන නාලිකා ඔස්සේ වෙනස් කර ඇති බවයි. මේ හේතුවෙන් එම වෙනස් කළ බැංකු ගිණුම සැබෑ සේවා සපයන්නාගේම යැයි විශ්වාස කරමින් ගුවන් සමාගම විසින් අදාළ මුදල් ගෙවීම් සිදුකර තිබේ.
මේ පිළිබඳව දැනගත් වහාම ක්‍රියාත්මක වූ ශ්‍රීලංකන් ගුවන් සමාගම, අදාළ බැංකු ගිණුමට සිදුකරන ඉදිරි ගෙවීම් වහාම අත්හිටුවීමට පියවර ගෙන ඇත. තවද මේ සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන්ට මෙන්ම ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කර ඇති අතර, දෙරටේම මේ වන විට විධිමත් විමර්ශන ආරම්භ කර තිබේ.
ගුවන් සමාගම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අදාළ මුදල් ගෙවීම් සිදුකර ඇත්තේ නිල අත්සන් සහිත විද්‍යුත් තැපැල් උපදෙස් සහ ලියකියවිලි මත පදනම්ව වුවද, පසුව ඒවා හැක් කරන ලද ගිණුම හරහා වංචනික ලෙස සකස් කරන ලද ඒවා බව තහවුරු වූ බවයි. මෙම ගැටලුව පැන නැගී ඇත්තේ සේවා සපයන ආයතනයේ විද්‍යුත් තැපැල් පද්ධතියේ ආරක්ෂාව බිඳවැටීම හේතුවෙන් වන අතර, එය ගුවන් සමාගමේ පාලනයෙන් බැහැර වූවක් බැවින්, සේවා සපයන්නාට අදාළ මුදල් නොලැබීමේ වගකීම තමන්ට භාරගත නොහැකි බවද ශ්‍රීලංකන් ගුවන් සමාගම අවධාරණය කරයි.
මේ අතර, ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි ශ්‍රීලංකන් ගුවන් සමාගම් කාර්යාලයේ මුදල් අංශයේ සේවකයන් පිරිසක් විසින් කලක් තිස්සේ සිදුකර ඇතැයි කියන ඉන්දීය රුපියල් මිලියන 22 ක මූල්‍ය වංචාවක් පිළිබඳවද එම නිවේදනය මඟින් කරුණු පැහැදිලි කර ඇත.
ගුවන් සමාගමට අනුව, ඉන්දීය ජාතිකයින් වන මෙම සේවකයින් පිරිස ඉන්වොයිසි, ගෙවීම් විස්තර සහ අත්සන් ව්‍යාජ ලෙස සකස් කරමින් මෙම වංචාව සිදුකර තිබේ. කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය විසින් සිදුකළ නිරීක්ෂණයකදී මෙම අක්‍රමිකතා හඳුනාගෙන ඇති අතර, ඒ මත වහාම අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇත.
විමර්ශන කටයුතු ආරම්භ වීමත් සමඟ අදාළ සේවකයන් සේවයට වාර්තා කිරීම පැහැර හැර ඇති අතර, ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කරමින් පවතින බව සමාගම පවසයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය නීති බලාත්මක කිරීමේ බලධාරීන් වෙතද කරුණු වාර්තා කර ඇති අතර, විමර්ශන අඛණ්ඩව සිදුවන බවත්, සිදුවූ මූල්‍ය අලාභය අයකර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් ශ්‍රීලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
@ Malwana house. Sadly, Nawa Janatha Peramuna is Basil’s cat’s paw! Doing their best to prevent the property getting into an unrecoverable state, hoping for the return of Hotu Pohottu. We can easily recognize the slaves of Rajapsaa’s.