දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහි පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විභාගය හෙටට (13) කල්තැබේ

දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහි පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විභාගය හෙටට (13) කල්තැබේ

ව්‍යාජ ලෙස සැකසූ රියැදුරු බලපත්‍ර සහ හැඳුනුම්පත් තොගයක් සමඟ දෙදෙනෙකු (2) පොලිස් දැලේ

“ලාල් කාන්තලා කියන දේවල් පැත්තකට දාලා දිගටම ඇත්ත කතා කරන්න” | මිලින්දගෙන් මාළිමාවට සැර ප්‍රහාරයක් (12.11.2026)

මහනුවර ප්‍රදේශ කිහිපයකට හෙට (13) පැය 5 ක ජල කප්පාදුවක්

කැලණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (14) පැය 13 කට වැඩි ජල කප්පාදුවක්

ගාල්ල නාකියාදෙණිය ප්‍රදේශයේ වෙ‍ළෙදසල් හතරක (4) ගින්නක්

ජපන් යතුරුපැදි දෙකක් (2) නිදහස් කර ගැනීමට රු. 30,000 ක අල්ලසක් ගත්තැයි රේගු නිලධාරියෙක් අත්අඩංගුවට

රු. කෝටි දෙකහමාරකට (2½) ආසන්න රන් බිස්කට් සමග ගුරුවරියක් කටුනායකදී අත්අඩංගුවට

ගෑස් නෞකාවක් දිවයිනට : ‘ලාෆ්ස් ගෑස්’ බෙදාහැරීම යළි ඇරඹේ

හෝමාගම මූලස්ථාන පොලිසියේ ‘SI’ට මිනීමැරීමේ චෝදනා යටතේ නඩු


දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහි පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විභාගය හෙටට (13) කල්තැබේ

(12.11.2026 – sinhala.adaderana.lk)

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විභාගය හෙට (13) දින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ඇතුළු හය දෙනෙකුට (6) එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද දෙවන දිනටත් අභියාචනාධිකරණයේදී සලකා බැලුණි.

ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය.

එහිදී වගඋත්තරකාර විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා විසින් කරුණු ඉදිරිපත් කිරීම සිදු කළේය.

“ස්වාමිනි, 2024 අංක 08 දරන අධිකරණ ආයතනවලට අපහාස කිරීම පිළිබඳ පනතේ 10(1)(අ) වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම පැමිණිල්ල අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එහිදි වීඩියෝ දර්ශන පදනම් කරගෙනයි මගේ සේවාදායකයාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ. එම වීඩියෝ දර්ශනවල අන්තර්ගත කරුණු වැරදි ලෙස අර්ථකථනය කරමින් තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහෙස්ත්‍රාත්වරයා වෙත කරුණු දක්වා තිබෙන්නේ. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ රඳවා ගැනීම සදහා නිකුත් කළ රැඳවුම් නියෝගය පිළිබඳවයි මගේ සේවාදායකයා කරුණු දක්වා තිබෙන්නේ. අධිකරණය ගැන ඔහු වචනයක් වත් සඳහන් කර නැහැ. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය නොමග යවා අධිකරණ බලය අවභාවිතයට ලක්කර තිබෙනවා. ඒ තුළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට අපහාස කර තිබෙනවා.”

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා මෙසේ පැවසීය :

“අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධා සිදුකළ බවට මෙම පැමිණිල්ල තුළින් මගේ සේවාදායකයාට චෝදනා එල්ලකර තිබෙනවා. අත්අඩංගුවේ දී තමා වධ හිංසාවලට භාජනය වූ බව පවසමින් සුරේෂ් සලේ සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඉන්පසුව මහේස්ත්‍රාත්වරයා විසින් ඒ පිළිබඳව පරීක්ෂා කර බලා වාර්තාවක් කැඳවීම සඳහා වෛද්‍ය මණ්ඩලයක් පත් කරනු ලැබුවා. ඒ පිළිබඳව විවිධ අදහස් පළ කිරීම් ඇතිවුණා. සමාජ මාධ්‍යවලත් ඒ පිළිබඳව විශාල කතාබහක් ඇතිවුණා. පොලිස් දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිය ක්‍රියාත්මක ආයතන. 2024 අංක 8 දරණ අධිකරණ ආයතනවලට අපහාස කිරීම පිළිබඳ පනත් කෙටුම්පත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයක් ලෙස අර්ථකථනය කර නැහැ. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැරදි ලෙස එම පනත අර්ථකථනය කරමින් තමයි මේ පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කළේ. මේ කරුණු සලකා බැලූ විට මගේ සේවාදායකයා බැලූ බැල්මටම අධිකරණයට කිසිඳු අපහාසය සිදුකර නැහැ. වධකාගාරය යනුවෙන් සඳහන් කිරීම අධිකරණයට අපහාසය වන්නේ කොහොමද? මෙවැනි අනීතික උත්සාහයන් ඉඩ නොදෙන ලෙස මා ඉල්ලා සිටිනවා.” යැයි ජනාධිපති නීතිඥවරයා කරුණු දැක්වීය.

අනතුරුව ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතාගේ වැඩිදුර කරුණු දැක්වීම් හෙට දිනට කල් තැබුණු අතර එම කරුණු දැක්වීම් අවසානයේ හෙට (13) දිනයේ නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා ද කරුණු දැක්වීමට නියමිතයි ෴


ව්‍යාජ ලෙස සැකසූ රියැදුරු බලපත්‍ර සහ හැඳුනුම්පත් තොගයක් සමඟ දෙදෙනෙකු (2) පොලිස් දැලේ

(12.11.2026 – hirunews.lk)

ව්‍යාජ ලෙස සකසන ලද රියැදුරු බලපත්‍ර මුදලට අලෙවි කළ පුද්ගලයෙකු සහ තවත් ව්‍යාජ රියැදුරු බලපත්‍රයක් සන්තකයේ තබාගත් පුද්ගලයෙකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (11) සවස වැලිකඩ පොලිස් වසමේ බණ්ඩාරනායක පුර හන්දිය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

මුලින් ලද තොරතුරක් මත ව්‍යාජ රියැදුරු බලපත්‍රයක් ළඟ තබාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් සහ විමර්ශන මත ව්‍යාජ ලෙස සකස් කරන ලද තවත් රියැදුරු බලපත්‍ර 12 ක් සහ ව්‍යාජ ජාතික හැඳුනුම්පත් 08 ක් සමඟ ප්‍රධාන ජාවාරම්කරු ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අංගොඩ සහ නාරාහේන්පිට ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 32 ක සහ 52 ක පුද්ගලයින් දෙදෙනෙක් (2).

සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා ෴


“ලාල් කාන්තලා කියන දේවල් පැත්තකට දාලා දිගටම ඇත්ත කතා කරන්න” | මිලින්දගෙන් මාළිමාවට සැර ප්‍රහාරයක් (12.11.2026)

+


මහනුවර ප්‍රදේශ කිහිපයකට හෙට (13) පැය 5 ක ජල කප්පාදුවක්

(12.11.2026 – hirunews.lk)

මහනුවර අවට ප්‍රදේශ කිහිපයකට හෙට (13) පැය 5 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

එහිදී කඩුගන්නාව, ඊරියගම ගන්නෝරුව, කෙන්දාකඩුව කෙහෙල්වල, කරුවලවත්ත, අඟුණවෙල, බෝවලවත්ත, මහකන්ද, මොබරේ ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවනු ඇති.

මේ අනුව හෙට (13) පෙ.ව. 07:30 සිට එදින ප.ව. 12:00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව සඳහන්.

මහනුවර දකුණ ජල පවිත්‍රාගාරය මගින් වඩා ගුණාත්මක ජල සේවාවක් ලබාදීම සඳහා සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මේ පියවර ගෙන තිබෙනවා ෴


කැලණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (14) පැය 13 කට වැඩි ජල කප්පාදුවක්

(12.11.2026 – sinhala.adaderana.lk)

කැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා (14) පැය 13 යි මිනිත්තු 30 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව, බියගම ජල පවිත්‍රාගාරයට විදුලිය සපයන පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එදින පෙරවරු 08:30 සිට රාත්‍රී 10:00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

මෙම ජල කප්පාදුවට පැළියගොඩ, වත්තල – මාබෝල, ජාඇල සහ කටුනායක – සීදූව නගර සභා බල ප්‍රදේශ ඇතුළත් වේ.

ඊට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ සහ ජාඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙන්ම කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල කොටසකට ද ජල සැපයුම අත්හිටුවනු ඇත.

ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව කනගාටුව පළ කරන ජලසම්පාදන මණ්ඩලය, කල්තියා ජලය රැස්කරගෙන අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටී ෴


ගාල්ල නාකියාදෙණිය ප්‍රදේශයේ වෙ‍ළෙදසල් හතරක (4) ගින්නක්

(12.11.2026 – hirunews.lk)

ගාල්ල නාකියාදෙණිය ප්‍රදේශයේ වෙ‍ළෙදසල් හතරක (4) අද (12) රාත්‍රියේ ඇතිවූ හදීසි ගින්නකින් ඒම වෙළෙදසල් ගිනිගෙන විනාශ වී ඇතැයි වාර්තා වෙනවා.

ගාල්ල මහ නගර සභාවේ නාගරික ගිනි නිවන ඒකකය සහ නාවික හමුදාව එක්ව මෙම ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

යක්කලමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවසනවා ෴


ජපන් යතුරුපැදි දෙකක් (2) නිදහස් කර ගැනීමට රු. 30,000 ක අල්ලසක් ගත්තැයි රේගු නිලධාරියෙක් අත්අඩංගුවට

(12.11.2026 – hirunews.lk)

ජපන් රටෙන් ගෙන්වන ලද යතුරුපැදි දෙකක් ශ්‍රී ලංකා රේගුවෙන් නිදහස් කර ගැනීමට අදාළ ලේඛන ලබාදීම සඳහා රුපියල් 30,000 ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත ශ්‍රී ලංකා රේගුවේ රේගු ආරක්ෂක නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැමිණිලිකරුගේ සහෝදරියගේ පුතා සහ ඔහුගේ යහළුවෙකු විසින් ජපන් රටෙන් ගෙන්වන ලද යතුරුපැදි දෙකක් (2) සඳහා එක් යතුරුපැදියකට රුපියල් 15,000 බැගින් යතුරුපැදි දෙක සඳහා මෙම රුපියල් 30,000 ක මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගෙන ඇති බවයි අල්ලස් කොමිසම පවසා සිටියේ.

2026 නොවැම්බර් 12 වන දින පස්වරු 02:25 ට පමණ ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන කාර්යාලය තුළදී මෙම සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා ෴


රු. කෝටි දෙකහමාරකට (2½) ආසන්න රන් බිස්කට් සමග ගුරුවරියක් කටුනායකදී අත්අඩංගුවට

(12.11.2026 – hirunews.lk)

රුපියල් දෙකෝටි හතලිස් පන් ලක්ෂයක් (2,45,00,000) වටිනා රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට උත්සාහ කළ ගුරුවරියක් අද (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පෞද්ගලික පාසලක සේවයේ නියුතු ගුරුවරියක්.

ඇය අද (12) අලුයම 12:00 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-309 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී සැකකාරිය සිය යට ඇඳුම් තුළ වූ කුඩා පසුම්බි දෙකක (2) ග්‍රෑම් 436 ක් බරැති රන් බිස්කට් 04 ක් සහ තවත් රන් බිස්කට් කැබැල්ලක් (1) සඟවාගෙන සිටියදී නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අදාළ රන් බිස්කට් සහ සැකකාර කාන්තාව කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත භාරයට ගෙන තිබෙනවා ෴


ගෑස් නෞකාවක් දිවයිනට : ‘ලාෆ්ස් ගෑස්’ බෙදාහැරීම යළි ඇරඹේ

(12.11.2026 – hirunews.lk)

ද්‍රවීකෘත පෙට්‍රෝලියම් ගෑස් (LPG) මෙට්‍රික් ටොන් 3,000 කට අධික තොගයක් රැගත් ‘GAS GOODWILL’ නෞකාව අද (12) මෙරටට පැමිණ ඇති බව ‘ලාෆ්ස් ගෑස් පීඑල්සී’ සමාගම නිවේදනය කරනවා.

පසුගිය කාලයේ පැවති සැපයුම් බාධාවන්ගෙන් අනතුරුව, මෙම නව තොගයත් සමඟ ගෘහස්ථ හා ව්‍යාපාරික පාරිභෝගිකයන් වෙනුවෙන් ගෑස් සිලින්ඩර සැපයීම අදියරෙන් අදියර යළි ආරම්භ කිරීමට සමාගම පියවර ගෙන තිබෙනවා.

නෞකාවෙන් ගෑස් තොගය ගොඩබෑමෙන් අනතුරුව, සිලින්ඩර පුරවා බෙදාහරින්නන් සහ බලයලත් අලෙවි නියෝජිතයන් හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත අතර, ඒ හරහා ප්‍රදේශයෙන් ප්‍රදේශයට ‘ලාෆ්ස් ගෑස්’ ලබාගැනීමේ හැකියාව ක්‍රමයෙන් ඉහළ යනු ඇති බවයි එම සමාගම පවසන්නේ.

පසුගිය කාලයේ ගෑස් ලබාගැනීමේදී පාරිභෝගිකයන් මුහුණ දුන් අපහසුතා පිළිබඳව කනගාටුව පළ කරන ‘ලාෆ්ස් ගෑස්’ කළමනාකාරිත්වය, අලෙවිසැල් වෙත යාමට පෙර ළඟම ඇති බලයලත් අලෙවි නියෝජිතයා අමතා හෝ 1345 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තම ප්‍රදේශයේ ගෑස් තොග පිළිබඳව විමසන ලෙස පාරිභෝගිකයන්ට දැනුම් දෙනවා ෴


හෝමාගම මූලස්ථාන පොලිසියේ ‘SI’ට මිනීමැරීමේ චෝදනා යටතේ නඩු

(12.11.2026 – sinhala.adaderana.lk)

පොලිස් අත්අඩංගුවේදී තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින හෝමාගම මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක රජිත ගුරුසිංහට එරෙහිව මිනීමැරුම් චෝදනාව යටතේ නඩු ගොනුකිරීමට පොලිසිය අද (12) පියවර ගනු ලැබීය.

මියගිය තරුණයා සමග අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටි සාක්ෂිකරු අද (12) පළමුවරට අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත්කර සිටි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාව හඳුනාගැනීමට සාක්ෂිකරුට හැකිව තිබේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤