ව්‍යාපාර නාම ලියාපදිංචිය දින 5 කින් : වසර 108 ක් පැරණි ක්‍රමය වෙනස් කරයි
සුවසැරියට ඉන්දියාවෙන් නව ගිලන්රථ 100 ක්
අමෙරිකාව කියන්නේ ප්‍රධාන පෙළේ රාජ්‍ය තස්ත්‍රවාදියෙක්! – මොහාන් සමරනායක (11.11.2026)
ඉරාජ් ව්‍රායි එක්ක බාල් නටයි ? ප්‍රින්සිපල් කොරියාවෙන් ලංකාවට ! (11.11.2026)
ජනාධිපති බොරු කියනවා කියලා දැන් පොඩි ළමයිනුත් දන්නවා (11.11.2026)
රංජන් ජයලාල් ගැන නලින්ද බබා වෙයි… අනේ එයා එහෙම නෑලු (11.11.2026)
කස්සප හිමි අධිකරණ ගොඩක පැටලෙයි! අධිකරණයට අවනත නොවන බව කියයි! (11.11.2026)
අනුර ආණ්ඩුව අත්හරී (11.11.2026)
බලංගොඩ කස්සප හිමියන්ගේ අනුරාධපුර සත්‍යග්‍රහයට මොකද වුණේ? අලුත්ම තත්ත්වය මෙන්න! (11.11.2026)
බලංගොඩ කස්සප හිමියන් අනුරාධපුරයේ මාරාන්තික උපවාසයක් අරඹයි | හිමිවරුන්ගේ ජීවිත අනතුරේද? (11.11.2026)
Visit Visa එකෙන් විදේශ රැකියාවලට යන්න එපා – අමාත්‍යාංශය විශේෂ දැනුම් දීමක්
ව්‍යාපාර නාම ලියාපදිංචිය දින 5 කින් : වසර 108 ක් පැරණි ක්‍රමය වෙනස් කරයි
(11.11.2026 – hirunews.lk)
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සරල කාර්යක්ෂම හා පහසු කිරීමේ අරමුණින් හඳුන්වා දෙන ‘සරල හා ඒකාබද්ධ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ’ (BNR) නියමු ව්‍යාපෘතිය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) අනුරාධපුරයේදී ආරම්භ කෙරුණා.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, Chrysalis ආයතනය සහ පළාත් සභාවන්ගේ සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.
තනි පුද්ගල සහ හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සරල කර දිවයින පුරා ඒකාකාරී ක්‍රමවේදයක් හඳුන්වා දීම මෙහි මූලික අරමුණයි.
1918 වසරේ සිට පැවති පැරණි ක්‍රමවේදය යටතේ ඉඩම් හිමිකාරිත්වය පිළිබඳ ලේඛන සහ විවිධ ආයතනවල අනුමැතීන් ලබාගැනීම වැනි සංකීර්ණ අවශ්‍යතා පැවතුණා.
එහෙත් නව ප්‍රතිසංස්කරණය මඟින් ව්‍යාපාර නාම ලියාපදිංචිය සහ වෙනත් නීතිමය බලපත්‍ර ලබාගැනීමේ ක්‍රියාවලිය එකිනෙකින් වෙන්කර තිබෙනවා.
ඒ අනුව, මූලික අනන්‍යතා හා පදිංචි තොරතුරු පදනම් කරගනිමින් දින පහක් (5) වැනි කෙටි කාලයකදී ව්‍යාපාර නාම ලියාපදිංචිය සිදුකිරීමට අවස්ථාව සැලසෙනු ඇති.
මෙහි පළමු අදියර ලෙස මධ්‍යම, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20 ක මාස තුනක (3) නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙනවා.
එහි ප්‍රගතිය ඇගයීමෙන් අනතුරුව මෙම ක්‍රමවේදය දිවයින පුරා ව්‍යාප්ත කිරීමටත්, ඉදිරියේදී ඩිජිටල් පද්ධතියක් හරහා සේවාව තවදුරටත් කාර්යක්ෂම කිරීමටත් සැලසුම් කර තිබෙනවා.
ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පවතින පරිපාලනමය බාධා අවම කරමින් විධිමත් ආර්ථිකයට පහසුවෙන් ප්‍රවේශ වීමට අවස්ථාව සැලසීම මෙහි අපේක්ෂාවයි.
මෙම සමාරම්භක අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අනෝජා හේරත්, ව්‍යවසායකත්ව සංවර්ධන අධ්‍යක්ෂිකා සුසන්ති ජයසිංහ, එවැන්ජලින් සින් ක්ලෙයාර්, Chrysalis ආයතන ප්‍රධානී අශිකා ගුණසේන, ජ්‍යෙෂ්ඨ උපදේශක පද්මසිරි ගුණවර්ධන ඇතුළු පළාත් සහ ප්‍රාදේශීය පරිපාලන නිලධාරීන් පිරිසක් එක්ව සිටියා ෴
සුවසැරියට ඉන්දියාවෙන් නව ගිලන්රථ 100 ක්
(11.11.2026 – hirunews.lk)
1990 සුවසැරිය ජාතික හදිසි ගිලන්රථ සේවාවේ මෙහෙයුම් ධාරිතාව පුළුල් කරමින්, එහි කාර්යක්ෂමතාව සහ සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා රුපියල් බිලියන 1.72 ක මූල්‍ය ප්‍රදානයක් යටතේ නව ගිලන්රථ 100 ක් ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබෙනවා.
ඊට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කර හුවමාරු කර ගැනීම අද (11) කොළඹදී පැවැති ප්‍රථම බිම්ස්ටෙක් (BIMSTEC) සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවට සමගාමීව සිදු කෙරුණා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් අදාළ ගිවිසුමට අත්සන් තැබුවා.
ශ්‍රී ලංකා රජයේ විශේෂ ඉල්ලීමකට අනුව ලැබෙන මෙම ප්රදානය හරහා සුවසැරිය ගිලන්රථ ඇණිය ශක්තිමත් කරමින්, හදිසි අවස්ථාවලදී රෝගීන් වෙත ළඟාවීමට ගතවන ප්‍රතිචාර කාලය මිනිත්තු 10 කට අඩු මට්ටමකට ගෙන ඒම ප්‍රධාන අරමුණයි.
ඉන්දීය රජයේ මූල්‍ය සහායෙන් 1990 සුවසැරිය සේවාව 2016 ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 7.5 ක ප්‍රදානයක් යටතේ ගිලන්රථ 88 කින් බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළා.
ඉන් අනතුරුව 2018 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 15.02 ක අතිරේක ප්‍රදානයකින් තවත් ගිලන්රථ 209 ක් එක් කරමින් එම සේවාව දිවයින පුරා ව්‍යාප්ත කෙරුණා ෴
අමෙරිකාව කියන්නේ ප්‍රධාන පෙළේ රාජ්‍ය තස්ත්‍රවාදියෙක්! – මොහාන් සමරනායක (11.11.2026)
+
ඉරාජ් ව්‍රායි එක්ක බාල් නටයි ? ප්‍රින්සිපල් කොරියාවෙන් ලංකාවට ! (11.11.2026)
+
ජනාධිපති බොරු කියනවා කියලා දැන් පොඩි ළමයිනුත් දන්නවා (11.11.2026)
+
රංජන් ජයලාල් ගැන නලින්ද බබා වෙයි… අනේ එයා එහෙම නෑලු (11.11.2026)
+
IMF උපදෙස් අනුව රාජ්‍ය සේවය හකුලන බවට මාලිමාව බලයට ඇවිත් දෙසතියකින් අප කී කතාව සැබෑ වන හැටි (12.11.2026)
+
කස්සප හිමි අධිකරණ ගොඩක පැටලෙයි! අධිකරණයට අවනත නොවන බව කියයි! (11.11.2026)
+
අනුර ආණ්ඩුව අත්හරී (11.11.2026)
+
බලංගොඩ කස්සප හිමියන්ගේ අනුරාධපුර සත්‍යග්‍රහයට මොකද වුණේ? අලුත්ම තත්ත්වය මෙන්න! (11.11.2026)
+
බලංගොඩ කස්සප හිමියන් අනුරාධපුරයේ මාරාන්තික උපවාසයක් අරඹයි | හිමිවරුන්ගේ ජීවිත අනතුරේද? (11.11.2026)
+
Visit Visa එකෙන් විදේශ රැකියාවලට යන්න එපා – අමාත්‍යාංශය විශේෂ දැනුම් දීමක්
(11.11.2026 – sinhala.adaderana.lk)
සංචාරක වීසා (Visit Visa) බලපත්‍ර මත විදේශගත වී රැකියා ලබා ගැනීමේ අරමුණින් විදේශගත වීමෙන් වැළකී සිටින ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන් වෙත දැඩි ලෙස දැනුම් දී සිටියි.
විශේෂයෙන්ම මැලේසියාව, ඩුබායි සහ ඕමානය ඇතුළු විදෙස් රටවල රැකියා ලබා දෙන බවට පවසමින් විවිධ පාර්ශ්වයන් විසින් ලබා දෙන පොරොන්දු මත සංචාරක වීසා මඟින් විදේශගත වන ශ්‍රී ලාංකිකයන් රැසක් මේ වන විට දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
සංචාරක වීසා මත විදේශගත වීමෙන් මුහුණ දීමට සිදුවන බරපතළ අවදානම්
පොරොන්දු වූ රැකියාව හෝ වැටුප නොලැබීම – ලබා දෙන බවට පොරොන්දු වූ රැකියාව හෝ එකඟ වූ වැටුප නොලැබී යාම හෝ අඩු වැටුපකට වැඩ කිරීමට සිදුවීම.
ජාවාරම්වලට හසුවීම – විවිධ රැවටීම් සහ මිනිස් ජාවාරම්වලට ගොදුරු වීම.
නීතිමය ගැටලු – එරට නීති උල්ලංඝනය වීම හේතුවෙන් නීතිමය ගැටලු මතු වීම, අත්අඩංගුවට පත්වීම හෝ රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා තැබීමට ලක්වීම.
රටින් පිටුවහල් වීම – නීතිවිරෝධී ලෙස රැකියා කිරීම හේතුවෙන් රටින් පිටුවහල් කිරීමට යටත් වීම.
පුද්ගලික අලාභ හා පීඩන – ගමන් බලපත්‍රය අහිමි වීම, මුදල් අහිමි වීම මෙන්ම දැඩි මානසික පීඩනයකට ලක්වීම.
“සංචාරක වීසා එකෙන් ගිහින් පස්සේ වර්ක් වීසා එකට මාරු කරලා දෙන්නම්” හෝ “ඒ රටට ගිහින් රැකියාවක් හොයාගන්න පුළුවන්” වැනි අසත්‍ය පොරොන්දුවලට කිසිදු ලෙසකින් නොරැවටෙන ලෙස බලධාරීහු ඉල්සා සිටිති.
ඔබේ ආරක්ෂාව සහ අනාගතය තහවුරු කරගැනීම සඳහා විදේශ රැකියාවක් සඳහා පිටත්ව යාමේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) නිසි පරිදි ලියාපදිංචි වී, නීත්‍යානුකූල ක්‍රියාපටිපාටිය පමණක් අනුගමනය කරන්න.
නීත්‍යානුකූල මාර්ගයෙන් විදේශ රැකියාවකට යොමුවීමෙන් ඔබේ ජීවිතය සහ අනාගතය සුරක්ෂිත කරගන්නා ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි ෴
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴