පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් තුන්නමක් (3) මාරාන්තික උපවාසයක් අරඹයි
සම්බුද්ධ ශාසනය රකින මිහින්තලේ මහා දේව කන්නලව්ව | SL Leaders Live (11.11.2026)
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් තුන්නමක් (3) මාරාන්තික උපවාසයක් අරඹයි
(11.11.2026 – sinhala.adaderana.lk)
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු තුන්නමක් (3) අනුරාධපුර සත්‍යග්‍රහය සිදුකරමින් සිටි ස්ථානයේ අද (11) පෙරවරුවේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.
අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව භික්ෂූන් වහන්සේ පිරිසක් රුවන්වැලි සෑය අභියස දන්සල් භූමියේ පසුගිය 07 වැනිදා සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබුණි.
ඒ, අදාළ ස්ථානයෙන් ඉවත් වන ලෙසට අධිකරණ නියෝගයක් ද ලබාදී තිබූ පසුබිමකය.
මේ අතර කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට අද (11) වැඩම කර ප්‍රකාශයක් ලබාදෙන ලෙසටද පූජ්‍ය කස්සප හිමිට දැනුම්දී තිබුණි.
කෙසේවෙතත් එවන් පසුබිමක පූජ්‍ය කස්සප හිමි ඇතුළු තුන්නමක් (3) මෙලෙස මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත.
මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීම ගැන අදහස් පළ කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමි :
“කාරණා දෙකක් (2) මත පදනම්ව අද අපි භික්ෂූන් වහන්සේලා තුන්නම (3) මාරාන්ති උපවාසයක් කරා ගමන් කරනවා.”
“මේ මොහොතේ සිට අපි වතුර බිඳක්වත් පානය කරන්නේ නැහැ. මෙතනට එන අය අපිට වතුර බෝතලයක්වත් පූජා කරන්න එපා. අපි සම්පූර්ණයෙන් ආහාරවලින්, ගිලන්පසවලින් වළකිනවා කොන්දේසි 2 ක් මත.”
“පළවෙනි කොන්දේසිය තමයි මහානායක හාමුදුරුවෝ පොරොන්දුවූ පරිදි ඥානසාර හාමුදුරුවෝ කොන්දේසි විරහිතව නිදහස් කරන්න මැදිහත් වෙන්න ඕනේ.”
“දෙවෙනි කොන්දේසිය තමයි මේ අනුරාධපුර පුණ්‍ය භූමිය ඉන්දියානුකරණය කරන ගැසට් පත්‍රය හකුල ගන්න ඕනේ.”
“ඒ කොන්දේසි දෙක ඉෂ්ට වෙන තෙක් අපි වතුර බිඳක්වත් පාවිච්චි කරන්නේ නැහැ. නිවටයෙකු විදියට ජීවත්වෙනවාට වඩා ශ්‍රේෂ්ඨයෙකු ලෙස සම්බුද්ධ ශාසනයට ජීවිතය පූජාකරන එක අපිට වටිනවා.”
+++
+++
+++
සත්යග්රහ භූමියේ ඊයේ (10) රෑ වෙච්චි දේ මෙන්න | කවුරුත් හිතපු නැති විදිහට සෙනගක් ඇවිත් (11.11.2026)
+++
+++
+++
මහේස්ත්රාත්කම කරන්න කළින් ව්‍යවස්ථාව ඉගෙන ගන්න – පුළුවන්නම් මාව අත්අඩංගුවට ගන්න කියන්න (11.11.2026)
++
සම්බුද්ධ ශාසනය රකින මිහින්තලේ මහා දේව කන්නලව්ව | SL Leaders Live (11.11.2026)
+++
අපිට තියෙන එකම බුද්ධ භූමිය මේකයි – අපි රට බේරලා දෙන්න කියලා කන්නලව් කරනවා (11.11.2026)
+++
මිහින්තලේට සඝ සේනාවක් එයි | උලපනේ හිමි මිහින්තලේ හිමි ගේමට එන්ටර් වෙයි | දැන් ලැබුණු සජීවී දර්ශන (11.11.2026)
+++
පොඩි එවුනුත් ජනාධිපතිට පචයා කියලා බනිනවා – උලපනේ හිමි සුද්ද සිංහලෙන්ම අමතපු හැටි (11.11.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴