Spiritual Healer ෆේස්බුක් පිටුවෙන්

Spiritual Healer ෆේස්බුක් පිටුවෙන්
https://www.facebook.com/spiritualhealer123/

“මව්බිම” පත්‍රයේ “මළවුන්ගේ හෝරාව” ලිපි සහ තවත් ලිපි

—————————————————

අධ්‍යාත්මික ගවේෂකවරයා – කසුන් තිසර නාගොඩවිතාන මහතා ගැන තොරතුරු බිදක් (ඔහුගේ වචන වලින්) උපුටාගැනීම පියවි ඇසින් ඔබ්බට 2 ග්‍රන්ථයෙන්
29.05.2015

මා කුඩා කල සිටම බුද්ධ වන්දනාවට කැමැත්තක් දැක්වුවා. හරිම කැමැත්තෙන් දහම් පාසල් ගියා. භික්ෂුන් වහන්සේ කෙරෙහි ගෞරව කළා. උදේ හවස ආගමික වතාවත්වල යෙදුණා. මේ අතර මා තුළ අතීන්ද්‍රීය ශක්තියක් ගොඩ නැගුණා, වයස අවුරුදු 7-8 කාලයේදීත් අදෘෂ්‍යමාන ජීවීන් සමඟ සම්බන්ධකම් පැවැත්වූවා. මේ සියල්ලම අධ්‍යාත්මික ශක්තිය වශයෙන් මට වැටහුණා. මෙයින් මට යම් දේ කිරීමේ හැකියාවකුත් ගොඩ නැගුණා. උදාහරණයක් වශයෙන් පාසලේදී ගෙදරදී කර ගෙන ආයුතු පැවරුම් වැඩ කරගන්නට බැරි වුණ දාට “අද ටීචර් ඉස්කෝලේ එන්නේ නැත්නම් හොඳයි” කියා හිතනවා. ඒක සීයට සීයක්ම සාර්ථක වුණා. මිනිසුන් දුටු විට ඔවුන්ගේ ශරීර වලින් යම් යම් විවිධ වර්ණ ආලෝක නිකුත්වන හැටි දැක්කා.

මා ඉගෙන ගත්තේ බොරැල්ල ඩී. එස්. සේනානායක විද්‍යාලයේ. එතැනින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුල් වී කළමනාකරණ උපාධිය සමත් වුණා. ජාතික කළමනාකාරිත්ව ආයතනයෙන් මානව සම්පත් ඩිප්ලෝමාවත් සමත් වුණා. ඉන්පසු උසස් ජාතික ගණකාධිකරණ (H.N.D.A) ඩිප්ලෝමාව සමත් වුණා. අන්තර් ජාතික ප්‍රමිති ආයතනයෙන් (I.S.O – 9000) තත්ත්ව කළමනාකරණ පිළිබඳ විගණකවරයෙක් හා උපදේශක වරයෙක් ලෙස සහතික ලැබුවා. මානව සම්පත් කළමනාකරණ උපදේශකවරයෙක් හා ඵලදායිතා උපදේශක වරයෙක් ලෙස ප්‍රසිද්ධ සමාගම් කීපයක්ම මගේ සේවය ලබනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් ආයතනයේ බෞද්ධ ආයුර්වේද උපාධි, ඩිප්ලෝමාව සමත් වුණා. කැළණි විශ්ව විද්‍යාලයෙන්ම බෞද්ධ මනෝ උපදේශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සමත් වුණා. මානව සෞඛ්‍ය සදහා අධිභෞතික බලපෑම් පිළිබඳ ආචාර්ය උපාධියට පර්යේෂණ කටයුතු කරගෙන යනවා.

මා ගොඩනගා ගත් ශක්තියෙන්, දැනට රෝගීන් සුවපත් කරගෙන යනවා. මෙහිදී රෝගියාගේ අවංකකම හා පැවැත්ම අත්‍යාවශ්‍ය බව අවධාරණය කරනවා ෴

********************* ( ‘භූත ආත්මය – තවත් ලිපි’ පිටුවට ….. )