සුපිරි වෙළෙඳසලකින් මස්, මාළු, කජු සොරාගත් ‘නීතිඥ හෙර’ අත්අඩංගුවට
සුපිරි වෙළෙඳසලකින් මස්, මාළු, කජු සොරාගත් ‘නීතිඥ හෙර’ අත්අඩංගුවට
(19.06.2026 – hirunews.lk)
කොළඹ වාණිජ බැංකුවක නීති අංශයේ නීතිඥවරියක් රත්මලානේ පිහිටි සුපිරි වෙළෙඳසලකින් එළු මස්, කුකුළු මස් හා කජු ඇතුළු භාණ්ඩ කීපයක් සොරාගෙන යමින් සිටියදී ඊයේ (18) රාත්‍රීයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කරනවා.
එසේ සොරා ගත් භාණ්ඩ අතර රුපියල් 5290 ක් වටිනා කුකුළු මස් ග්‍රෑම් 520 ක්, එළු මස් ග්‍රෑම් 250 ක්, බදින ලද කජු, දත් බුරුසුවක් හා ලන්ච් ශීට් පැකට්ටුවක් ඇයගේ අත්බෑගය තුළ සඟවා සිටියදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
භාණ්ඩ මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි කාන්තාවක් හොර රහසේ තම අත්බෑගයට භාණ්ඩ කීපයක් දමා ගන්නා අයුරු සීසීටීවි කැමරාවේ සටහන් වන බවත්, ඇය සුළු මොහොතකින් එම ස්ථානයෙන් පිටවීමට නියමිත බවත් පවසමින් එම වෙළෙඳසලෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය වෙත ඊයේ (18) රාත්‍රී දුරකථන ඇමතුමක් ලැබුණ බව පොලිසිය පවසනවා.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම කාන්තාව වෙළෙඳසලෙන් පිටවීමේදී ඇයගේ අත්බෑගය පොලිස් කාන්තාවක් ලවා පරික්ෂා කිරීමේදී හොර රහසේ අත්බෑගයට දමා ගත් භාණ්ඩ සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙම සැකකාර නීතිඥවරිය පෙරේදා (17) දින ද මේ අයුරින්ම එම සුපිරි එම වෙළෙඳසලෙන් මාළු සොරාගෙන ඇතැයි ද පොලිසිය පවසනවා.
සැකකාර නීතිඥවරිය සන්තකයේ තිබූ නීතිඥ හැඳුනුම්පතේ පන්නිපිටිය ප්‍රදේශයේ ලිපිනයක් සඳහන්ව ඇතත්, ඇය රත්මලාන ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි තැනැත්තියක් බව පොලිසිය සඳහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
+
අනේ මගේ රත්තරං පුතා බේරලා දෙන්න – පුතාට ගොඩක් අමාරුයි දැන් (19.06.2026)
පියාගේ දුරකථන අංකය : 076 943 8229 / 076 179 1686
බැංකු ගිණුම් විස්තර :
K M S T Ariyarathna
118457198198
Sampath bank
Menikhinna branch
+
ගලෙන්බිඳුනුවැව වෙළදසැලක ගින්නක් – ගින්න නිවන්න ලොකු මහන්සියක් ගත් හැටි (19.06.2026)
+
අද (19) සිට අධිවේගයේ ආසන පටි අනිවාර්යයි : නීතිය කඩ කළ බස් රථයකට වැඩ වරදී
(19.06.2026 – hirunews.lk)
ආසන පටි නොමැති වාහන සඳහා රජය මගින් ලබා දී තිබූ මාස තුනක (3) සහන කාලය අද (19) දිනයෙන් අවසන් වෙනවා.
ඒ අනුව, දක්ෂිණ අධිවේගී මාර්ගයට ගැලණිගම පිවිසුමෙන් ඇතුළුවීමට පැමිණි පෞද්ගලික වාහන සහ මගී බස් රථවල ගමන් ගන්නා මගීන්, ආසන පටි පැළඳ සිටිනවාද යන්න පරික්ෂා කිරීම අද (19) පෙරවරුවේ සිදු කෙරුණා.
එහිදී පානදුර සිට කඩුවෙල දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක මගීන් 33 දෙනාම ආසන පටි පැළඳ නොසිටි බවට පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබෙනවා.
එහිදී පොලිසිය විසින් නීතිය ක්‍රියාත්මක කිරීමටයි කටයුතු කර ඇත්තේ ෴
සුගීශ්වරව අත්අඩංගුවට අරගෙන IMF එක අපකීර්තියට පත් කළා (19.06.2026)
+
පාර හරස් කරලා අල්ලන්න සුගීෂ්වර කරපු වැරැද්ද මොකක්ද – මිනිමරුවන්වත් පොලීසිය මෙහෙම අල්ලන්නේ නෑ (19.06.2026)
+
දොළවත්ත මැගසින් බන්ධනාගාරයට – එලියට ඇවිත් කියපු විස්තරේ මෙන්න (19.06.2026)
+
සුගීෂ්වර පඩි දෙකක් ගත්ත කියලා චෝදනා කරන්නේ පඩි තුනක් ගත්ත ජාතික ලොතරැයි එකේ සභාපති ඇන්ටන් පෙරේරා (19.06.2026)
+
මිනිස්සුන්ගේ බෙල්ල කපලා වැටේ ගහපු උන් ම්ලේච්ඡ විදිහට මිනිස්සුන්ව මර්දනය කරනවා
+
කාදිනල් පියතුමා වැඳලා කියන්නේ – බෞද්ධ කතෝලික ගැටුමක් ඇති කරන්න එපා (19.06.2026)
+
සලේ ගැන ඇහෙන විවිධ කතා මැද – මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජාතික රෝහලට (19.06.2026)
+
හැමෝම කතාවෙන මොකද්ද ? මේ හරිනිගේ ටීවී ඉන්ටර්විව් එක (19.06.2026)
+
වතුරවිල තේ කර්මාන්ත ශාලාව ගිනි ගනියි – මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නෑ (19.06.2026)
+++
+++
+++
20.12.2025
(සියලු සංස්කාරයන් අනිත්‍යයි ! අප්‍රමාදීව නිවන් පිනිස කටයුතු සම්පාදනය කරගන්න !)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴
Neethiya danney nathi kenek nisaa, eya eyaage job ekatath nusudusu pudgaliyak. Bankuwe account walinuth thamange mallata daagannawa athi!