නල්ලූර්හි තිලීපන් ස්මාරකයේ අනවසර ඉදිකිරීම් වහා ඉවත් කරන්නැයි නියෝගයක්
නල්ලූර්හි තිලීපන් ස්මාරකයේ අනවසර ඉදිකිරීම් වහා ඉවත් කරන්නැයි නියෝගයක්
(01.11.2026 – lankacnews.com)
යාපනය, නල්ලූර් ප්රදේශයේ ස්ථාපිත කර ඇති තිලීපන් ස්මාරක පරිශ්රයේ පවතින අනවසර ඉදිකිරීම් සියල්ල කඩිනමින් කඩා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස යාපනය දිසාව භාර නියෝජ්ය පොලිස්පතිවරයා විසින් යාපනය මහ නගර සභාව වෙත ලිඛිත නියෝගයක් නිකුත් කර තිබේ.
නල්ලූර් පිටත වටරවුම් මාර්ගයේ පිහිටි කෝවිලකට අයත් ඉඩමක, උපවාසයක නිරතව සිටියදී මියගිය තිලීපන් නමැත්තා සිහිපත් කිරීම වෙනුවෙන් මෙම ස්මාරකය ඉදිකර ඇත.
අදාළ ඉඩම දීර්ඝකාලීන බදු පදනම මත යාපනය මහා නගර සභාව වෙත පවරා දී ඇති භූමියක් වුවද, මෙම ස්මාරකයේ ඉදිකිරීම් සිදුකර ඇත්තේ නගර සභාවේ පූර්ව හෝ නීත්යානුකූල අනුමැතියකින් තොරව බව නියෝජ්ය පොලිස්පතිවරයා සිය ලිපිය මඟින් පෙන්වා දී තිබේ.
එමෙන්ම මෙම අනවසර ස්මාරකය හේතුවෙන් මහජනතාව තුළ අතීත යුද මතකයන් යළි පිබිදීමේ අවදානමක් පවතින බවත්, එමඟින් ජාතීන් අතර ගොඩනැගෙමින් පවතින වාර්ගික සංහිඳියාවට දැඩි බාධා එල්ල වන බවත් පොලිසිය අවධාරණය කරයි.
එම කරුණු සැලකිල්ලට ගනිමින්, අදාළ ස්මාරකයේ අනවසර කොටස් වහාම කඩා ඉවත් කිරීමට කටයුතු කරන ලෙස නියෝජ්ය පොලිස්පතිවරයා නගර සභාවට වැඩිදුරටත් දැනුම් දී ඇත ෴
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴