කථානායකට එරෙහි විශ්වාසභංගය ගැන බිමල්ගේ ප්රකාශයට අජිත්ගෙන් පිළිතුරු
කථානායකට එරෙහි විශ්වාසභංගය ගැන බිමල්ගේ ප්රකාශයට අජිත්ගෙන් පිළිතුරු
(30.10.2026 – sinhala.adaderana.lk)
කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව න්යාය පුස්තකයට ඇතුළත් කළ පසු ඉවත් කළ නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.
මන්ත්රීවරයා මෙම අදහස් පළ කළේ කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව එළැඹෙන 03 වැනි දින විවාදයට නොගන්නා බව සභානායක අමාත්ය බිමල් රත්නායක මහතා විසින් සිදුකර ඇති ප්රකාශයට පිළිතුරු ලබා දෙමිනි.
එහිදී මන්ත්රීවරයා පැවසුවේ කථානායකවරයාට ඉදිරිපත් කර ඇති චෝදනා 50 බරපතළ බවත් එය පසුගිය 12 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවය.
පසුව පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය මෙම විශ්වාසභංගයේ ඇති කරුණු පිළිබඳව එහි ඇති කාර්යපටිපාටික කාරණා පිළිබඳව සෑහීමකට පත්වී න්යාය පුස්තකයට ඇතුළත් කර ප්රකාශයට පත් කළ බවත් මන්ත්රීවරයා මෙහිදී සඳහන් කළේය.
ඒ අනුව න්යාය පුස්තකයට ඇතුළත් කළ පසු යෝජනා කිසිවක් ඉවත් කළ නොහැකි බවත් පැවසූ මන්ත්රීවරයා පෙන්වා දුන්නේ ඉවත් කිරීමට අවශ්ය වේ නම් එය සියලු මන්ත්රීවරු විසින් ඉල්ලා අස්කරගත යුතු බවත් එසේ නොමැති නම් පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයකින් එය ඉවත් කළ යුතු බවත්ය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී. පෙරේරා මහතා :
“මේ කථානායකවරයාට ඉදිරිපත් කරලා තිබෙන චෝදනා 50 ම ඉතාම බරපතළයි. එක පැත්තකින් දූෂණය, එක පැත්තකින් කාර්ය පටිපාටික දෝෂ, එක පැත්කින් අසාධාරණ පාර්ලිමේන්තු සම්ප්රදායට එරෙහි අයුක්ති සහගත හැසිරීම යන මේ සියල්ලම මේ චෝදනා 50 ට අන්තර්ගතවෙලා තියෙනවා. මේ විශ්වාසභංගය පාර්ලිමේන්තුවට අපි 12 වැනිදා ඉදිරිපත් කළාම පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් මේ විශ්වාසභංගයේ ඇති කරුණු පිළිබඳව, එහි ඇති කාර්යපටිපාටික කාරණා පිළිබඳව සෑහිමකට පත්වෙලා න්යාය පුස්තකයෙන් මෙය පළ කරලා ප්රකාශයට පත් කළා. එතකොට පාර්ලිමේන්තුවේ න්යාය පුස්තකයට ඇතුළත් කරලා තියෙන කිසිම යෝජනාවක් නැවත ඉවත් කර ගැනීමට හැකියාවක් නෑ එය සියලු මන්ත්රීවරු විසින් ඉල්ලා අස්කරගත හොත් හෝ පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයක් කළොත් ඇරෙන්න. ඒ නිසා පාර්ලිමේන්තුවේ කටයුතු බහුතරයක් ආණ්ඩුවට ඕන විදිහට තිබ්බාට ආණ්ඩුවට ඕනේ විදිහට බාරගත්ත යෝජනා ප්රතික්ෂේප කරන්න බෑ. න්යාය පුස්තකයට දැම්මා කියන්නේ ඒක දැම්මාමයි ඒක ආපහු හරවන්න බෑ…
මොන හේතු මතද මේ විරෝධය ආණ්ඩුවෙන් අරන් එන්නේ. කාටත් පැහැදිලියි කථානායකවරයාට තියෙන මේ යෝජනා එක පැත්තකින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කාර්යාංශය මගින් විදිමත් පරීක්ෂණයක් ආරම්භ කරලා ගැඹුරින් මේ පරීක්ෂණය කරගෙන යනවා. කථානායක විසින්ම කරපු නියෝගයක් මත පාර්ලිමේන්තුවේ නිලධාරීන්ම මේ ගැන පරීක්ෂණ කරලා මේ චෝදනා 50 න් චෝදනා 30 ක් විතර ප්රමාණයකට සාක්ෂි හොයාගෙන තියෙනවා; ඒ පිළිබඳ වාර්තා පාර්ලිමේන්තුවට භාර දීලා තියෙනවා; ඒවා ලිඛිත සාක්ෂි බවට පත්වෙලා තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ කථානායකගේ නිර්දෝශීභාවය පිළිබඳව කතා කරන්න, ඉදිරිපත් වෙන්න සභානායක හැර වෙන කිසි කෙනෙක් නෑ. සභානයකත් මේ චෝදනාවලට කථානායක නිර්දෝශීබව හෝ මේ චෝදනා වැරදිබව කියන්නේ නෑ. කථානායක කියන්නේ මේ චෝදනාවල අසභ්ය කරුණු අන්තර්ගතයි කියලා. ඒ විතරක් නෙමෙයි බලය අයුතු ලෙස භාවිතා කිරීම, අසාධාරණ ලෙස කටයුතු කිරීම, පාර්ලිමේන්තු සම්ප්රදාය නොතැකීම, ස්ථාවර නියෝග සහ ආණ්ඩුක්රම ව්යවස්ථාවට එරෙහිව කටයුතු කිරීම ගැන ඉතාම විස්තරාත්මක ගැන ඉතාම විදිමත් චෝදනා අපි විස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා.
එතකොට මෙවැනි වෙලාවක යම් සැකයක් මතුවුණොත් නීතිමය කාරණා ගැන සම්ප්රදාය මොකක්ද? රටේ නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීම. මීට කලින් අපි අවස්ථා කිහිපයකම පාර්ලිමේන්තුව නීතිපතිවරයාගෙන් යම් යම් කාරණා පිළිබඳව නීතියට අදාළව උපදෙස් ලබාගෙන තියෙනවා. මේ 10 වන පාර්ලිමේන්තුවෙන් අපි එහෙම උපදෙස් ලබා ගත්තා… අද වෙනකන් නීතිපතිවරයාගෙන් මේ පිළිබඳව විමසලා නෑ.”
‘පුඥඥසෝම පොලිසියේ’ පීචං වැඩ (29.10.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴