රාජ්ය විශ්වවිද්යාල පද්ධතියේ හෙට (30) එක්දින වැඩ වර්ජනයක්
PTA පනතට එරෙහිව වෘත්තීය සමිති පාරට බහී | කොටුව දුම්රියපොළ ඉදිරියේ උද්ඝෝෂණයක් (29.10.2026)
රාජ්ය විශ්වවිද්යාල පද්ධතියේ හෙට (30) එක්දින වැඩ වර්ජනයක්
(29.10.2026 – hirunews.lk)
රාජ්ය විශ්වවිද්යාල පද්ධතිය තුළ හෙට (30) දිනයේ එක්දින වැඩ වර්ජයනක් ක්රියාත්මක කරන බව විශ්ව විද්යාල ආචාර්ය සමිති සම්මේලනය පවසනවා.
ආචාර්ය සහ සම්පත් හිඟය, අධික වැඩ බර ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගෙන, මෙම වැඩ වර්ජයනක් ක්රියාත්මක කරන බවයි එම සම්මේලනය පවසන්නේ ෴
හිටපු අමාත්ය විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් සහ සුඛෝපභෝගී වාහන කිහිපයක් අත්හිටුවයි
(29.10.2026 – hirunews.lk)
හිටපු අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂගේ පුත්රයා වන නීතිඥ රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් කිහිපයක් සහ සුඛෝපභෝගී වාහන කිහිපයක් අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පියවර ගෙන තිබෙනවා.
2025 අංක 5 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබද පනත ප්රකාරව මෙම දේපල අත්හිටුවීමට පියවර ගත් බවයි එම කොමිසමේ ජ්යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේ.
සංවිධානාත්මක අපරාධකරුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ සිද්ධියට අදාලව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම සැකකාර රඛිත රාජපක්ෂට එරෙහිව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ කරුණු වාර්තා කර තිබුණා.
ඒ අනුව මෙම සිද්ධියේ පළමු සැකකරු ලෙස රඛිත රාජපක්ෂ, දෙවැනි සැකකරු ලෙස චරිත අබේසිංහ සහ තෙවැනි සැකකරු ලෙස වරුණ හැන්දිගේ අරුණ චතුරංග යන අයවලුන් රක්ෂිත බන්ධනාගාර ගත කර මේ වන විට ඇප මත සිටිනවා.
අදාළ ගිණුම් සහ වාහන අත්හිටුවීමට අදාළ නොතීසිය භාර දීම සඳහා කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් අද (29) ඔහුගේ නිවසට ගොස් එය භාරදී තිබෙනවා ෴
බුද්ධ ශාසන ඇමතිය කල්වාරියෙක් – නි.ඇමති මවුලවියෙක් – අපි තවත් සද්ද නැතුව ඉවසන් ඉන්නේ නෑ – ශාසනය ඉවරයි (29.10.2026)
+
PTA පනතට එරෙහිව වෘත්තීය සමිති පාරට බහී | කොටුව දුම්රියපොළ ඉදිරියේ උද්ඝෝෂණයක් (29.10.2026)
+
මේ හදන්නේ අධිකරණය පැත්තකට දාලා | මාළිමාවේ පොලිසිය අතට බලය දෙන්න | PSTA පනත ගැන මිලින්ද කට අරියි (29.10.2026)
+
අඩුම ගානේ මාලිමාවට ඡන්දේ දුන්න කෙනෙකුට මාලිමාවේ ටැටූවක් ගහන්න වෙන්නේ නැහැ | පියල් ගුරුගේ කළ හෙළිදරව්ව (29.10.2026)
+
ජය ශ්රී මහා බෝධියේ අත්තක් කපා දාලා | ජය ශ්රී මහා බෝධියට වින කරන සිද්ධි ගොඩක් ගැන හෙළිදරව්වක් (29.10.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴