හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරු මියයාම ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරු මියයාම ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

යුරෝපයේ වීදිවලින් නැගෙන්නේ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයේ දෝංකාරය | මොහාන් සමරනායක (27.10.2026)

කජ්ජා ඝාතනයේ අචිනි සිදු කළ ආරාධිත රංගනය, “අන්තිම කෝල් එක දුන්නෙ මේකි” (27.10.2026)

නාන කාමරයේ වතුර බාල්දියට බිලි වූ සිඟිති පුතු


හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරු මියයාම ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

(27.10.2026 – hirunews.lk)

හෝමාගම පොලිස් ස්ථානයේ රඳවා සිටියදී කිරිවත්තුඩුවේ පදිංචි 29 හැවිරිදි දෙදරු පියෙකු වන ‘ඉෂාර හර්ෂ කුමාර’ නැමැති සැකකරු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සිය දැඩි කනස්සල්ල පළ කරමින්, ඒ පිළිබඳව වහාම අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මත්ද්‍රව්‍ය විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන සිටි මෙම සැකකරු හමුවීමට ඔක්තෝබර් 25 වන දින උදෑසන පොලිසිය වෙත ගිය පවුලේ ඥාතීන් ප්‍රකාශ කර ඇත්තේ, ඔහුට දැඩි ලෙස පහර දී ඇති බව පෙනෙන ශාරීරික තුවාල තමන් නිරීක්ෂණය කළ බවයි.

කෙසේ වෙතත්, මෙහෙයුමක් අතරතුර සැකකරු හදිසි අසනීප තත්ත්වයකට මුහුණ දී රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරනු ලැබුවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ, අත්අඩංගුවේ පසුවන සෑම තැනැත්තෙකුගේම ජීවිතය සහ ශාරීරික අඛණ්ඩතාව සුරැකීම රාජ්‍යයේ මූලික වගකීමක් වන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(4) වගන්තියට අනුව නිසි අධිකරණ නියෝගයකින් තොරව පුද්ගලයෙකුගේ ජීවිතය අහිමි කිරීමට කිසිදු බලධාරියෙකුට අයිතියක් නොමැති බවයි.

නීති විරෝධී ලෙස අත්අඩංගුවේදී සිදුවන හිංසනයන් හා මරණයන් හෙළා දකින බවත්, මෙම සිදුවීමට අදාළව ඉදිරියේදී අවශ්‍ය වන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ෴


යුරෝපයේ වීදිවලින් නැගෙන්නේ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයේ දෝංකාරය | මොහාන් සමරනායක (27.10.2026)

+


කජ්ජා ඝාතනයේ අචිනි සිදු කළ ආරාධිත රංගනය, “අන්තිම කෝල් එක දුන්නෙ මේකි” (27.10.2026)

+


නාන කාමරයේ වතුර බාල්දියට බිලි වූ සිඟිති පුතු

(27.10.2026 – sinhala.adaderana.lk)

මඩකලපුව – තන්නාමුනේ ප්‍රදේශයේදී නාන කාමරයේ තිබූ වතුර බාල්දියකට ඇදවැටී සිඟිත්තෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ තන්නාමුනේ ප්‍රදේශයේ පදිංචි ජෙනිෆර් අග්නිව් විකාන් නමැති අවුරුද්දක් (1) වයසැති දරුවෙකි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, දරුවාගේ මව රෙදි සෝදා ඒවා වේලීමට දැමීම සඳහා නාන කාමරයෙන් පිටතට ගොස් සිටි අවස්ථාවේ, නිදා සිටි දරුවා අවදි වී නාන කාමරය වෙත ගොස් ඇති බවය.

දරුවා අවදී වී නාන කාමරයේ සිටින බව දුටු මව රෙදි වේලීමට දමා අහවර කර දරුවා නෑවීම සඳහා අවශ්‍ය ඇඳුම් සහ අනෙකුත් දෑ ගෙන ඒම පිණිස මොහොතකට නිවස තුළට ගොස් ඇත.

එම කෙටි කාලය තුළ, නාන කාමරයේ රෙදි සේදීමෙන් පසු ඉතිරිව තිබූ වතුර පිරවූ බාල්දියට දරුවා වැටී තිබේ.

යළි නාන කාමරයට පැමිණි මව දැක ඇත්තේ දරුවා බාල්දිය තුළ හිස පහළට වැටී හුස්ම සිරවී සිටින බවය.

ඒ අනුව දරුවා රෝහල වෙත රැගෙන ඇති නමුත් ඔහු මියගොස් තිබේ.

මරණය සම්බන්ධයෙන් මඩකලපුව රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඇති අතර, එහිදී අනාවරණය වූ කරුණු මත දරුවාගේ දේහය අවසන් කටයුතු සිදුකිරීම සඳහා පවුලේ ඥාතීන් වෙත භාර දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් එරාවුර් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි ෴

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤