රුවන්වැලි මහා සෑයට සපත්තු දාගෙන යනවා – මිනිස්සු වැඳුම් පිදුම් කරන සෑයට ස්මාරක කියනවා (25.10.2026)
CCTV එළියට දාපු හෝටලේට විරුද්ධව උසාවි යනවා – හෝටලේ වීඩියෝව ගැන කස්සප හිමි කට අරියි (25.10.2026)
ඥානසාර හිමි නිදහස් කරගන්න තිබ්බ සත්යග්රහය මේ දැන් නවතී, මහනායක හිමි නියෝගයක් දීලා (25.10.2026)
යක්ෂපාණි ගීතය අයිතිය කාටද ? ආණ්ඩුව කොයි තරම් මේකට බය උනා ද ? (25.10.2026)
විහාර මහා දේවී සත්යග්රහයට මොකද වුනේ? (25.10.2026)
LIOC ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළට
කිසිම දෙයක් ගෑනිට කිව්වේ නෑ, කැතරින් නැන්දා මට කතාකළා, සාහසිකයාගේ පාපොච්චාරණය (25.10.2026)
කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලැබූ ළමුන් සංඛ්යාව 10 දක්වා ඉහළට ; රියදුරු අත්අඩංගුවට
(25.10.2026 – hirunews.lk)
ගාල්ල – හබරාදූව, කොග්ගල මාර්ටින් වික්රමසිංහ අනුස්මරණ කෞතුකාගාරයට පිවිසීමට ඇති දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියේ ගැටී සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ ළමුන් සංඛ්යාව 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
චාරිකාවක් සදහා පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පස්වරු 12:50 ට මරාදාන බලා ධාවනය වෙමින් තිබූ සීඝ්රගාමී දුම්රියයේ අදාළ බස් රථය ගැටී තිබූ අතර, තුවාල ලැබූවන් මේ වන විට උණවටුන සහ ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධියට අදාළව රියදුරු සහ රිය සහයක අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම ළමුන් උපකාරක පන්ති ගුරුවරුන් සහ දෙමාපියන් සමග කොට්ටාව ප්රදේශයේ සිට කෞතුකාගාරය නැරඹීමට පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී උපකාරක පන්ති ගුරුවරුන් 14 දෙනෙකු, දෙමාපියන් 06 දෙනෙකු සහ ළමුන් 41 දෙනෙකු බස් රථයේ සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
+++
+++
+
රුවන්වැලි මහා සෑයට සපත්තු දාගෙන යනවා – මිනිස්සු වැඳුම් පිදුම් කරන සෑයට ස්මාරක කියනවා (25.10.2026)
+
CCTV එළියට දාපු හෝටලේට විරුද්ධව උසාවි යනවා – හෝටලේ වීඩියෝව ගැන කස්සප හිමි කට අරියි (25.10.2026)
+++
කස්සප හිමි මහ වැසි නොතකා දුන්න විහාර මහා දේවී උද්යානය ළඟ අයිස් ක්රීම් දන්සල (25.10.2026)
+
ඥානසාර හිමි නිදහස් කරගන්න තිබ්බ සත්යග්රහය මේ දැන් නවතී, මහනායක හිමි නියෝගයක් දීලා (25.10.2026)
+++
+++
+++
+++
+
යක්ෂපාණි ගීතය අයිතිය කාටද ? ආණ්ඩුව කොයි තරම් මේකට බය උනා ද ? (25.10.2026)
+
විහාර මහා දේවී සත්යග්රහයට මොකද වුනේ? (25.10.2026)
+
LIOC ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළට
(25.10.2026 – hirunews.lk)
අද (25) මධ්යම රාත්රියේ සිට ‘ලංකා IOC’ සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ නංවා ඇති බව LIOC බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 495 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴
සෞඛ්යමය හදිසි තත්ත්වයන් හේතුවෙන් ඉරාන නාවිකයින් 40 දෙනෙකු ගාල්ලෙන් ගොඩබිමට : වෛද්ය ප්රතිකාරවලින් පසු ආපසු ඉරානයට
(25.10.2026 – hirunews.lk)
ශ්රී ලංකා මුහුදු සීමාවෙන් නාවික සැතපුම් 26 ක් පමණ ඔබ්බෙන් වූ ජාත්යන්තර මුහුදේ තිබූ ඉරාන වෙළෙඳ නෞකාවල සිටි නාවිකයින් 40 දෙනෙකු පමණ සෞඛ්යමය හදිසි තත්ත්වයන් හේතුවෙන් ගාල්ල වරාය ඔස්සේ ගොඩබිමට රැගෙන ඒමට බලධාරීන් විසින් මානුෂීය මෙහෙයුමක් ක්රියාත්මක කර තිබෙනවා.
අදාළ නාවිකයින්ගේ සෞඛ්ය තත්ත්වය පිළිබඳව ලැබුණු හදිසි ආපදා ඇමතුම් පදනම් කරගනිමින්, කොළඹ පිහිටි ඉරාන තනාපති කාර්යාලයේ පූර්ණ සංවිධානය සහ පහසුකම් සැලසීම යටතේයි මෙම මානුෂීය මෙහෙයුම සංවිධානය කර ඇත්තේ.
ගොඩබිමට රැගෙන ආ ඉරාන නාවිකයින්ට අවශ්ය වෛද්ය ප්රතිකාර සලසා දීමෙන් අනතුරුව, එම සමස්ත නාවිකයින් පිරිසම නැවත ඉරානය බලා පිටත්ව ගිය බව විදේශ කටයුතු අමාත්යාංශයේ මාධ්ය ප්රකාශක තුෂාර රොද්රිගෝ සඳහන් කළා ෴
කිසිම දෙයක් ගෑනිට කිව්වේ නෑ, කැතරින් නැන්දා මට කතාකළා, සාහසිකයාගේ පාපොච්චාරණය (25.10.2026)
+
කලුතර හෝටල් හිමිකරු සහ බිරිඳ ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට
(25.10.2026 – hirunews.lk)
කලුතර හෝටල් හිමිකරු සහ බිරිඳ ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු කඩුවෙල කොරතොට ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ ෴
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴