හෙරොයින් කිලෝ 21 ක් සමග පුද්ගලයෙකු කටානේදී අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 21 ක් සමග පුද්ගලයෙකු කටානේදී අත්අඩංගුවට

අන් දේශයක අයිතිය නැත අප ඉල්ලා – කැලුම් ජයසුමන (23.10.2026)

ඉන්දියාව ඇතුල් නුවරට වැඩේ දෙන්නයි යන්නේ (23.10.2026)

විහාරමහා දේවී සත්‍යග්‍රහයේ ඉරිදා වෙන්න යන වැඩේ මෙන්න (24.10.2026)

හෙට (25) පෝය දවසේ සිල් ගන්න විහාරමහා දේවී පාක් එකට එන්න (24.10.2026)

විහාර මහා දේවියේ සීල ව්‍යාපාරය ඇරඹෙයි (25.10.2026)

රටේ රජාට ලොකු අඵලයක් තියෙනවා – කාවන්තිස්ස එලොව යැව්වේ අඵලේ දුරු කර ගන්න (25.10.2026)

කාවන්තිස්ස ඇතාගේ මරණය ගැන සැකකරුවන්ට බලහත්කාරයෙන් වරද පිළිගන්න බලපෑම් කළ බවට ගම්වාසීන්ගෙන් චෝදනා

නන්දා මාලනියගේ පවන වගේ මේ ආණ්ඩුවට විරුද්ධව සුළි සුළඟ, අකුණ වගේ වස් කවි රට පුරා කියන්න ඕනේ (25.10.2026)


හෙරොයින් කිලෝ 21 ක් සමග පුද්ගලයෙකු කටානේදී අත්අඩංගුවට

(25.10.2026 – sinhala.adaderana.lk)

කටාන, ගිරිඋල්ල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 21 යි ග්‍රෑම් 750 ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් (2) අනාවරණය වූ තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇති බව වාර්තා වේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

මේ අතර, මෝටර් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු තලංගම, කලල්ගොඩ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සමත් වී තිබේ.

සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි (1) ග්‍රෑම් 10 ක ප්‍රමාණයක් සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴


අන් දේශයක අයිතිය නැත අප ඉල්ලා – කැලුම් ජයසුමන (23.10.2026)

+


ඉන්දියාව ඇතුල් නුවරට වැඩේ දෙන්නයි යන්නේ (23.10.2026)

+


විහාරමහා දේවී සත්‍යග්‍රහයේ ඉරිදා වෙන්න යන වැඩේ මෙන්න (24.10.2026)

+


හෙට (25) පෝය දවසේ සිල් ගන්න විහාරමහා දේවී පාක් එකට එන්න (24.10.2026)

+


විහාර මහා දේවියේ සීල ව්‍යාපාරය ඇරඹෙයි | මහ වැසි මැද සිංහල බෞද්ධයෝ කොළඹට (25.10.2026)

+++

විහාර මහා දේවියට මහා වැසි කඩාගෙන වැටෙයි | සිල් ඇත්තෝ කුඩ ඉහල ගෙන ගාථා කියයි (25.10.2026)

+++

විහාර මහා දේවියට දේශපාලන ප්‍රබලයෝ එයි – දවල් දානයත් මහ ඉහළින් සංවිධානය වෙයි (25.10.2026)

+


රටේ රජාට ලොකු අඵලයක් තියෙනවා – කාවන්තිස්ස එලොව යැව්වේ අඵලේ දුරු කර ගන්න (25.10.2026)

+


කාවන්තිස්ස ඇතාගේ මරණය ගැන සැකකරුවන්ට බලහත්කාරයෙන් වරද පිළිගන්න බලපෑම් කළ බවට ගම්වාසීන්ගෙන් චෝදනා

(25.10.2026 – hirunews.lk)

කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් දෙදෙනාට (2) වරද පිළිගන්නා ලෙස වනජීවී නිලධාරීන් බලපෑම් කළ බවට ගල්ගමුව, හුනුගල්ලෑව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඔවුන් මේ බව පවසා සිටියේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.

එහිදී ගම්වාසින් මෙලෙස අදහස් දැක්වූවා :

“මේ වනවිට කාවන්තිස්ස හාස්තියාගේ මරණය සම්බන්ධව චෝදනාවට ලක්වෙලා සිරගත කර, රක්ෂිත බන්ධනාගාරගත කරලා ඉන්න අවුරුදු විසිහයක් (26) පුරාවට අපි ඉතාමත් හොඳින් දන්නා හඳුනන පිරිසක්. මේ කාල පරිච්ඡේදය තුළ මේ ඇත්තෝ සත්ව ඝාතනයන්ට සම්බන්ධ වෙලා තියෙනව, අවම වශයෙන් වැවක මාළුවෙක් අල්ලන්න හරි සම්බන්ධ වෙලා තියෙනවා කියලා අපිට කිසිම ආරංචියක් නෑ. මේ චෝදනාවොත් ඔප්පු කරන්න බැරිවීම හේතු කොටගෙන විවිධ අය අල්ලස් ලබාදීලා, මේ ඇත්තන්ට විරුද්ධව විවිධ ප්‍රකාශ ඇතුමුන්ගෙන් ලබාගන්න උත්සාහ කරන බව අපිට ආරංචි වෙනවා. මේ ඇත්තන්ට නීතිය හමුවේ සාධාරණත්වයක් ඉටුවෙන්න ඕනේ. ඒ වගේම සාධාරණ පරීක්ෂණයක් මේ වෙනුවෙන් ඉටුවෙන්න ඕනේ.”

“පසුගිය සතියේ අපේ ගමේ බලපත්‍ර සහිත තුවක්කු තියෙන සියලු දෙනාම ඇවිල්ලා, නන්නාඳුන පිරිසක් විසි අරගෙන ගිහිල්ලා තියෙනවා. අරගෙන යන ගමන් තමයි පහර දීලා තියෙන්නේ. ඊටපස්සේ අපි මේ පුද්ගලයෝ කොහෙද අරන් ගියේ කියලා හොයනකොට, රෑ නවයට විතර ගල්ගමුව වනජීවී එකේ ඉන්නව කියලා ආරංචියට අපි ගමේ කට්ටිය ගියා. ගියාට පස්සේ කතා කරා. මොකද එතන හිටපු ප්‍රධාන නිලධාරියත් එක්ක මේ පුද්ගලයා ඇයි රැගෙන ආවේ? එතකොට කිව්වා ‘මෙයාලා තමයි කාවන්තිස්සට වෙඩි තියලා තියෙන්නේ. මේක ඔප්පු වෙලා ඉවරයි. ඒ නිසා මේ කට්ටිය අරන් ආවා.’ ඊටපස්සෙ අපි ඇහුවා ගම්වාසීන් විදිහට, ‘මේක ඇයි එයාලා කරා කියන්නේ මොනවද තියෙන සාක්ෂි?’ ඔහොම ටික වෙලාවක් ඉන්නකොට එම පුද්ගලයා මට කිව්වා, ‘මේක මල්ලි ඔයා་ ගිහින් කියන්න ඔයාලගේ කට්ටියට මේක බාරගන්න කියලා. මේක මම විසඳන්නේ, බාරගත්තා කියලා කිව්වොත් රුපියල් ලක්ෂයක විතර වගේ දඩයක් උසාවියෙන් නියෝග කරයි. ඒක ගෙවලා මේක ගොඩින් ඉවර කරන්න පුළුවන්’ කියලා . දැන් අපි ගමක් වශයෙන් මාර විදිහට අසරණ වෙලා ඉන්නේ. දැන් මේ ගම බය වෙලා ඉන්නේ. මොකද නන්නාඳුන පිරිසක් තමා ඇවිල්ලා, සමහර කට්ටිය බලෙන් සල්ලි දීලා බලෙන් කට උත්තර දෙන්න කියලා යනවා. ඒ වගේ තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. දඬුවම දෙන්න ඕනේ හරි පුද්ගලයා වෙනුවට අසරණ පිරිසක් අරන් ගිහිල්ලා මේ කරන වැඩේ වැරදියි කියන එක තමයි අපි කියන්නේ” ෴

++


නන්දා මාලනියගේ පවන වගේ මේ ආණ්ඩුවට විරුද්ධව සුළි සුළඟ, අකුණ වගේ වස් කවි රට පුරා කියන්න ඕනේ (25.10.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤