ෆේස්බුක් ගිණුම් රැසක් පසුපස පොලිසිය පන්නයි
(24.10.2026 – lankacnews.com)
ව්යාජ සමාජ මාධ්ය ගිණුම් උපයෝගී කරගනිමින් මෙරට විවිධ ජාතීන් සහ ආගමික ප්රජාවන් අතර නොසන්සුන්තාවන් හා ගැටුම්කාරී වාතාවරණයක් නිර්මාණය කිරීමට උත්සාහ දරන විවිධ තරාතිරම්වල පුද්ගලයන් විස්සකට (20) ආසන්න පිරිසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ එක්ව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතා අනාවරණය කළේය.
මෙම අර්බුදකාරී තත්ත්වය කෙරෙහි රජයේ දැඩි අවධානය යොමුව ඇති බව පෙන්වා දුන් අමාත්යවරයා, ජාතිවාදී හා ආගම්වාදී වෛරය ව්යාප්ත කරන ඇතැම් සමාජ මාධ්ය ගිණුම් මෙරටින් බැහැරව විදේශයන්හි සිට මෙහෙයවනු ලබන බව සඳහන් කළේය.
එවැනි ක්රියාවන්හි නිරත පුද්ගලයන් පිළිබඳ නිවැරදි තොරතුරු අනාවරණය කරගැනීම සඳහා අදාළ රටවල පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාල මාර්ගයෙන් විශේෂ රාජ්යතාන්ත්රික හා ආරක්ෂක වැඩපිළිවෙළක් දැනටමත් අරඹා ඇති බව ද හෙතෙම ප්රකාශ කළේය.
එමෙන්ම, මෙලෙස වෛරී ප්රකාශ පතුරුවන ඇතැම් පුද්ගලයන් ඇතැම් දේශපාලනඥයන්ගේ සෘජු උසිගැන්වීම් සහ අනුග්රහය මත මෙම කඩාකප්පල්කාරී ක්රියාවන්හි නිරත වන බවට පොලිසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි ද අමාත්යවරයා පෙන්වා දුන්නේය.
පසුගිය වසර දහයක (10) කාලසීමාව තුළ වෛරී ප්රකාශ පැතිරවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්රස්ත විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිලි 6 ක් ලැබී ඒ පිළිබඳ විමර්ශන පවත්වා ඇති බව ද ඒ මහතා සිහිපත් කළේය.
ශ්රී ලංකාව තුළ සමාජ මාධ්ය පරිශීලනය ශීඝ්රයෙන් ඉහළ යාමත් සමඟ, මෙරට මෙන්ම විදෙස්ගතව සිටින ඇතැම් කණ්ඩායම් ජනකොටස් අතර ජාතිවාදී හා ආගම්වාදී ගිනිදැල් ඇවිලවීම සඳහා සංවිධානාත්මකව මෙවැනි ව්යාජ ගිණුම් සකස් කරමින් සිටින බව අමාත්ය විජේපාල මහතා පෙන්වා දුන්නේය.
මෙවැනි සිදුවීම් විමර්ශනය කිරීමේදී නිල පැමිණිලි නොලැබීම, විදේශ රටවල සිට ක්රියාත්මක වීම සහ පවතින නීතිමය රාමුවේ සීමාවන් වැනි ප්රායෝගික බාධා රැසකට මුහුණ දීමට විමර්ශන නිලධාරීන්ට සිදුව ඇති බව ද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, කුමන බාධා පැවතිය ද අදාළ ව්යාජ ගිණුම් සහ පිටු පිටුපස සිටින සැබෑ පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා පොලිසිය අඛණ්ඩව දැඩි ක්රියාමාර්ග ගනිමින් සිටින බව අමාත්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය ෴
කිඹුලෙකුට ගොදුරු වූ 12 හැවිරිදි පාසල් සිසුවා ජීවිතක්ෂයට
(24.10.2026 – hirunews.lk)
ගල්කිරියාගම පොලිස් බල ප්රදේශයට අයත් මානේරුව, වම්බටුවැව ප්රදේශයේදී කිඹුලෙකුගේ ප්රහාරයකට ලක්වූ 12 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මානේරුව, වම්බටුවැව ප්රදේශයේ පදිංචිව සිටි මානේරුව මහා විද්යාලයේ අටවන (8) ශ්රේණියේ ඉගෙනුම ලැබූ ඩබ්ලිව්. එම්. සදෙව් දම්සිරි වර්ණසූරිය නමැති සිසුවායි.
ඊයේ (23) පාසල නිමවී නිවසට පැමිණි සිසුවා වැඩිහිටි කාන්තාවක සමඟ වම්බටුවැවට දිය නෑමට ගොස් තිබෙනවා.
එහිදී ජලයෙන් වැසී තිබූ නාන තොටුපළේ පඩිපෙළ මත වාඩි වී සිටියදී වැවේ සැඟවී සිටි කිඹුලෙකු සිසුවා ඩැහැගෙන ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
සිද්ධිය සැලවීමත් සමඟ ප්රදේශවාසීන් එක්ව ඊයේ (23) සවස සිට අද (24) උදෑසන දක්වාම සිසුවා සොයා විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබෙනවා.
වැවේ ජලය අධික ලෙස පිරී තිබීම හේතුවෙන් සෝදිසි මෙහෙයුමට බාධා එල්ල වී ඇති අතර, පසුව ඊයේ (23) රාත්රියේ බැකෝ යන්ත්රයක ආධාරයෙන් වැවේ වාන් කපා ජලය බැස යාමට සලස්වා තිබෙනවා.
එම මෙහෙයුමේදී අද (24) උදෑසන සිසුවාගේ මෘත දේහය වැව තුළ තිබියදී සොයාගෙන ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴