විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට (23) දින 8 යි

විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට (23) දින 8 යි

පාඨලීගේ නඩුවේ සාක්ෂිකරු ගෙන්වීමට රු. 450,000 ක් වැය කිරීමක් ගැන විමර්ශනයක් ඉල්ලයි

මොනවද මේ රතු පාටින් ගලන්නේ.? |හෝමගම කර්මාන්ත ශාලාවකින් රතු පැහැති අප ජලය පාරේ කාණුවට හරවලා (23.10.2026)


විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට (23) දින 8 යි

(23.10.2026 – sinhala.adaderana.lk)

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයේ 8 වන දිනය අද (23) වේ.

පසුගිය 16 වැනිදා විහාර මහාදේවි උද්‍යානයට වැඩම කළ ස්වාමින් වහන්සේලා විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළ අතර, එදින සිට මේ දක්වාම උන් වහන්සේලා ඇතුළු පිරිස එම භූමියේ රැඳී සිටියි.

කෙසේ නමුත් මෙම විරෝධතාව පැවැත්වෙන භූමියෙන් ඉවත්වන ලෙස ඊයේ (22) අධිකරණයෙන් නියෝගයක් නිකුත් කළේය.

කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව විරෝධතාවට එක්ව සිටින පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලාට මෙන්ම සිවිල් ක්‍රියාකාරීන්ට සහ විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයින්ට මෙම නියෝගය අදාළ වේ.

එම නියෝගයට අනුව විහාර මහාදේවී උද්‍යානයේ බුදු පිළිමය අසල පරිශ්‍රය, ඇවිදින මංතීරු සහ එෆ්.ආර්. සේනානායක මාවත, ලිප්ටන් වටරවුම, සොයිසා වටරවුම, ධර්මපාල මාවත, කන්නන්ගර මාවත, ග්‍රීන් පාත් සහ මල් පාර ඇතුළු මාර්ග අවහිර කිරීමෙන් වළකින ලෙස දැනුම් දී තිබේ.

++

විහාරමහාදේවි උයනේ සත්‍යග්‍රහ බිමේ උදෑසන බුද්ධ පූජාව හා හීල් දානය

+++

+++

කස්සප හිමිට දෙන්න බැරි වුණු උසාවි නියෝගය අන්තිමේ උලපනේ හිමිගේ අතටම පොලිසියෙන් දෙයි

+


පාඨලීගේ නඩුවේ සාක්ෂිකරු ගෙන්වීමට රු. 450,000 ක් වැය කිරීමක් ගැන විමර්ශනයක් ඉල්ලයි

(23.10.2026 – hirunews.lk)

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ නඩුවක සාක්ෂිකරුවෙකු ජර්මනියේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා රුපියල් 450,000 ක පමණ මුදලක් රාජ්‍ය මුදලින් වැය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා ශිරාල් ලක්තිලක විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක විසින් ඉදිරිපත් කර ඇති මෙම පැමිණිල්ල, නීතිඥ රජික කොඩිතුවක්කු සහ තීක්ෂණ ගම්මන්පිල විසින් අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී තිබෙන බවයි.

කොළඹ මහාධිකරණයේ විභාග වන දරන නඩුවට අදාළව ඔක්තෝබර් 19 වැනිදා අධිකරණයේදී ලබාදුන් සාක්ෂියක් පදනම් කරගෙන මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව එම නිවේදනයේ සඳහන්.

සාක්ෂිකරුවා ජර්මනියේ සිට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වැය වූ මුදල තමන් නොදැරූ බවත්, ඒ සියලු වියදම් දැරුවේ ‘CCD හි අධ්‍යක්ෂ ඉන්දික මහත්තයා’ බවත් ඔහු අධිකරණයේදී සඳහන් කර ඇතැයි මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා.

විදේශගත සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබාගැනීමේදී නීතිමය ක්‍රමවේද අනුගමනය කර තිබේද, රාජ්‍ය මුදල් වැය කිරීමේදී අදාළ නීතිමය හා මූල්‍ය රෙගුලාසි පිළිපැද තිබේද සහ මෙම ක්‍රියාවලිය සාක්ෂිකරුවන්ගේ ස්වාධීනත්වයට හෝ සාධාරණ නඩු විභාගයකට බලපා තිබේද යන්න පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙසයි පැමිණිල්ලෙන් ඉල්ලා ඇත්තේ.

එමෙන්ම, රාජ්‍ය මුදල් භාවිතය පිළිබඳ විගණනයක් සිදුකරන ලෙසත්, නීති උල්ලංඝනයක් සිදුව ඇති බව තහවුරු වුවහොත් වගකිවයුත්තන්ට එරෙහිව නීත්‍යනුකූල පියවර ගන්නා ලෙසත් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ෴


මොනවද මේ රතු පාටින් ගලන්නේ.? |හෝමගම කර්මාන්ත ශාලාවකින් රතු පැහැති අප ජලය පාරේ කාණුවට හරවලා (23.10.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤