නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් කඩවීම් නැවත සිදුවීමේ අවදානමක් : ක්ෂමා සංවිධානයෙන් චෝදනා

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් කඩවීම් නැවත සිදුවීමේ අවදානමක් : ක්ෂමා සංවිධානයෙන් චෝදනා

රටේම කටවල් වහලා, මුං සදාකල් බලයේ ඉන්නයි හදන්නේ (21.10.2026)

විසෙන් තමයි විස නසන්නේ… ජේවීපීකාරයින්ට සම්මා දිට්ඨි හරියන්නේ නෑ (21.10.2026)

දැන් ලයිට් කපනවට කියන්නෙ,විදුලිය කළමනාකරණය කරනවා කියලයි (21.10.2026)

චීන ආයෝජකයන් ගියපු ඇත්තම කතාව මෙන්න – ඇතාට වෙඩි තියලා මාසයයි, පැය 24 න් සැකකාරයෙක් ඇල්ලුවේ කොහොමද? (21.10.2026)

කාවන්තිස්සට වෙඩි තැබූ දිනය CIDය සොයාගනී! වීඩියෝ සාක්ෂි දෙකක්! (21.10.2026)

දිලීප පොඩි පුතු සනීපයට නිදි – ජෙරොම් නඩුව (21.10.2026)

හූනියම කැපීම වීරප්පන්ට භාර දෙයි (22.10.2026)

හාමුදුරුවරු 2000 ක් අරලියගහ මැදුරට ගෙන්නන රහස (21.10.2026)

සුනිල් සෙනවි කියන නිඝන්ඨයා කියන්නේ අමූලික බොරු – මෙන්න ඇත්ත (21.10.2026)


නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් කඩවීම් නැවත සිදුවීමේ අවදානමක් : ක්ෂමා සංවිධානයෙන් චෝදනා

(22.10.2026 – hirunews.lk)

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතල තර්ජනයක් පවතින බව ‘ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්’ සංවිධානය ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ යෝජිත නව කෙටුම්පත මගින් අතීතයේදී සිදුවූ මානව හිමිකම් කඩවීම් නැවතත් සමාජය තුළ තහවුරුවීමේ දැඩි අවදානමක් මතුව ඇති බවයි.

2025 අගභාගයේදී නිකුත් කරන ලද මූලික සැලසුමට වඩා යම් යම් සංශෝධන ඇතුළත් කර තිබුණද දීර්ඝ කාලයක් තිස්සේ මර්දනකාරී ලෙස භාවිත වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට හඳුන්වාදීමට නියමිත මෙම පනත් කෙටුම්පතද තවදුරටත් අධික ලෙස පුළුල් සහ අපැහැදිලි ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ නිරූපණයන්ගෙන් සමන්විත වන බවයි එහි දැක්වෙන්නේ.

රජය විවේචනය කරන්නන් මතභේදාත්මක අදහස් දක්වන්නන් සහ සුළුතර කොටස්වලට එරෙහිව බලධාරීන් වරින් වර ආයුධයක් කරගත් මෙවැනි ත්‍රස්ත මර්දන නීතියක් සංශෝධනය කිරීමේදී ඒ පිළිබඳව දැඩි අවධානයක් සහ පරීක්ෂාවක් යොමුකළ යුතු බවද එමඟින් අවධාරණය කර තිබෙනවා.

නව පනත් කෙටුම්පත මගින් සිදුවිය යුත්තේ අතීතයේ පැවැති මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා ප්‍රතිසංස්කරණය කිරීම්වලින් ඉවත්වීම මිස බලධාරීන්ට මර්දනය සඳහා තවත් අලුත් මෙවලම් ලබාදීම නොවන බවද එම සංවිධානය සිය නිවේදනයෙන් පෙන්වා දෙනු ලැබුවා.

එමෙන්ම ත්‍රස්තවාදය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නන් වසරක් දක්වා රැඳවුම් භාරයේ තබා ගැනීමටත්, නඩුව ආරම්භ කිරීමට පෙර තවත් වසරක කාලයක් රැඳවුම් භාරයේ තබාගැනීමටත්, මෙම පනතින් අවසර හිමිවන බවත් එම සංවිධානය පවසනවා.

ඒ අනුව, නඩු විභාගය ආරම්භ කිරීමට පෙර පවා පුද්ගලයෙකු වසර දෙකක කාලයක් අත්අඩංගුවේ තබා ගැනීමට හැකිවන බවත්, එය මානව හිමිකම් සහ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවත්, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය සිය නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා ෴


මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

(22.10.2026 – sinhala.adaderana.lk)

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අද (22) සත්වන (7) දිනටත් පැවැත්වෙයි.

පසුගිය 16 වැනි දින පස්වරුවේ විහාර මහා දේවි උද්‍යානයට වැඩම කළ ස්වාමින් වහන්සේලා විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළ අතර එදින එහි අට්ටාලයක් ඉදි කිරීමට යාමේදී පොලීසිය සමග උණුසුම් තත්ත්වයක්ද නිර්මාණය විය.

සත්‍යග්‍රහයේ නිරත ස්වාමීන්වහන්සේලා සඳහන් කරනුයේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගන්නා තෙක් මෙම ස්ථානයෙන් ඉවත් නොවන බවය.

පසුගිය 16 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳි සිටි භික්ෂූන් වහන්සේලා පිරිස අනතුරුව බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉදිරිපිටට වැඩම කළ අතර එහිදී අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡාවකද නිරත විය.

අනතුරුව එම සාකච්ඡාව අසාර්ථක බව පවසමින් ඉල්ලීම් සඳහා විසඳුමක් ලබා දෙන තෙක් විහාර මහා දේවි උද්‍යානයේ රැඳී සිටින බවට උන්වහන්සේලා සඳහන් කළේය ෴


රටේම කටවල් වහලා, මුං සදාකල් බලයේ ඉන්නයි හදන්නේ (21.10.2026)

+


විසෙන් තමයි විස නසන්නේ… ජේවීපීකාරයින්ට සම්මා දිට්ඨි හරියන්නේ නෑ (21.10.2026)

+


දැන් ලයිට් කපනවට කියන්නෙ,විදුලිය කළමනාකරණය කරනවා කියලයි (21.10.2026)

+


චීන ආයෝජකයන් ගියපු ඇත්තම කතාව මෙන්න – ඇතාට වෙඩි තියලා මාසයයි, පැය 24 න් සැකකාරයෙක් ඇල්ලුවේ කොහොමද? (21.10.2026)

+


කාවන්තිස්සට වෙඩි තැබූ දිනය CIDය සොයාගනී! වීඩියෝ සාක්ෂි දෙකක්! (21.10.2026)

+


දිලීප පොඩි පුතු සනීපයට නිදි – ජෙරොම් නඩුව (21.10.2026)

+


හූනියම කැපීම වීරප්පන්ට භාර දෙයි (22.10.2026)

+


හාමුදුරුවරු 2000 ක් අරලියගහ මැදුරට ගෙන්නන රහස (21.10.2026)

+


සුනිල් සෙනවි කියන නිඝන්ඨයා කියන්නේ අමූලික බොරු – මෙන්න ඇත්ත (21.10.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤