ත්‍රිකුණාමලයේ නිවාඩු නිකේතනයක හිමිකරුවෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි

ත්‍රිකුණාමලයේ නිවාඩු නිකේතනයක හිමිකරුවෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි

පච්ච හා ඇඳුම් ගැන කතාවෙන් යටපත් වන, සංවිධානාත්මක අපරාධ පනතේ බරපතලම අවදානම ගැන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අනතුරු අඟවයි

අන්තර්ජාල ව්‍යාපාරයකින් මුදල් ඉපයිය හැකි යැයි පවසමින් රු. මිලියන 12 ක් වංචා කළ සැකකරුවෙක් අත්අඩංගුවට

සේප්පුවේ තිබූ මුදල්වල මූලාශ්‍රය හෙළි කිරීමට අපොහොසත් වූවැයි අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් නාමල්ගේ පෞද්ගලික ලේකම්ට ඇප – රට ගමන් තහනම්

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ යුවළකට වැඩ වරදියි

කොටපිටියේ රාහුල හිමි වහාම මාධ්‍ය කැඳවයි | හිරේ ඉන්න හිමිට කිසිම දේශපාලනයක් නෑ (20.10.2026)

කඩුවක් දික් කරලා මගේ අත පණ නැති වෙන්න ගැහුවා | චේන් එක දීපන් කියලා මාලේ කඩාගෙන පැනලා ගියා (20.10.2026)

ශ්‍රී ලංකන් එයාර්ලයින් එක හැක් කරලා – දයාසිරි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි (20.10.2026)

මේ පනත කොහොම හරි සම්මත වුණොත් ජෙවීපී එක ගමේ නඩු අහලා තනි පක්ෂ පාලනයක් අරගෙන යනවා (20.10.2026)

බොදු බල සේනා හිමිවරුන් වහාම මාධ්‍ය කැඳවයි | ගලබොඩඅත්තේ හිමි රට වෙනුවෙන් සේවය කළා (20.10.2026)

රටම අඳුරට ගල් අඟුරු වංචාවේ සුල මුල එළියට | රු. මිලියන 18,368.89 ක අති දැවැන්ත පාඩුවක් (20.10.2026)


ත්‍රිකුණාමලයේ නිවාඩු නිකේතනයක හිමිකරුවෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි

(21.10.2026 – hirunews.lk)

ත්‍රිකුණාමලය පොලිස් වසමේ 04 කණුව හන්දියේදී නිවාඩු නිකේතනයක හිමිකරුවෙකු පිරිසක් විසින් ඊයේ (20) රාත්‍රියේ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවට ත්‍රීකුණාමලය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, අවුරුදු 56 ක් වූ සිංහපුර, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු නිවාඩු නිකේතනයේ තනිව සිටියදී කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව සඳහන්.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රිකුණාමලය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


පච්ච හා ඇඳුම් ගැන කතාවෙන් යටපත් වන, සංවිධානාත්මක අපරාධ පනතේ බරපතලම අවදානම ගැන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අනතුරු අඟවයි

(20.10.2026 – hirunews.lk)

යෝජිත ‘සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත’ යටතේ පච්ච (tattoos) සහ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් දැක්වෙන වගන්ති සාමාන්‍ය ජනතාවට බියවීමට අවශ්‍ය නැතැයි අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවද, මෙම පනත මඟින් පොලිසියට ලබා දී ඇති අධික බලතල සහ සාමාන්‍ය ජනතාවට එරෙහිව එය අයථා ලෙස භාවිතවීමේ අවදානම ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙන්වා දෙනවා.

සිය මුහුණුපොතේ සටහනක් තබමින් ජනාධිපති නීතිඥවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සිය මුහුණු පොතේ තැබූ සටහනනේ මෙසේද සඳහන් වෙනවා.

“යෝජිත ‘සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතේ’ සඳහන් වන පච්ච (tattoos) සහ ඇඳුම් පැළඳුම් යනු ප්‍රසිද්ධ සංවිධානාත්මක අපරාධ කල්ලිවල සාමාජිකයින් විසින් භාවිතා කරනු ලබන ඒවා පමණක් බවත්, සාමාන්‍ය ජනතාව ඒ ගැන බිය විය යුතු නැති බවත් අධිකරණ ඇමතිතුමා විසින් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනවා මට අසන්නට ලැබිණි.

මෙම පනත් කෙටුම්පත කිසිදු මහජන උපදේශන ක්‍රියාවලියක් ඔස්සේ සකස් කරන ලද්දක් නොවේ. මා දන්නා ආකාරයට මෙම පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශය විසින් සකස් කරන ලද කෙටුම්පතක් ද නොවේ.

මෙම යෝජිත නීතිය කොතරම් දුරදිග ගිය, පුළුල් (overbroad) එකක්ද යන්නත්, එහි සාමාන්‍ය ජනතාව සඳහා ආරක්ෂක විධිවිධාන රහිතව සකස් කරන ලද්දක් බවත් අමාත්‍යවරයා විසින් නොදැන සිටීමට හේතුවක් නැත.

යම් කිසිවකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතු ටැටූ (පච්ච) හෝ ඇඳුම් පැළඳුම් අපරාධ කල්ලි විසින් භාවිතා කරන ඒවාට සමානදැයි මුලින් තීරණය කරන්නේ කවුද? එම තීරණ ගනු ලබන්නේ මෙම යෝජිත නීතිය යටතේ අති විශාල බලතල පවරනු ලබන පොලිස් නිලධාරීන් විසින්ය.

එම බලතල අතර විනිසුරුවරයෙකුගේ අනුමැතියකින් තොරව මාස දෙකක් දක්වාද, ඉන්පසු වසරක් දක්වාද පුද්ගලයෙකු රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය ඇතුළත් වේ. ඕනෑම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ හෝ පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම රැඳවුම් නියෝග නිකුත් කළ හැකිය.

රැඳවුම් නියෝගයක් නොමැති වුවද, මෙම නීතිය යටතේ අධිකරණයට ඉදිරිපත් කරනු ලබන පුද්ගලයෙකු සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නොමැති වුවද, එම පුද්ගලයා අනිවාර්යයෙන්ම රක්ෂිත බන්ධානාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයාට සිදු වේ.

අදාළ පුද්ගලයාගේ පච්චය හෝ ඇඳුම් පැළඳුම් සංවිධානාත්මක අපරාධ කල්ලිවලට අයත් එකක් බවත් පවසමින් පොලිසිය මෙම නීතිය යටතේ පුද්ගලයෙකු ඉදිරිපත් කල විට, මහෙස්ත්‍රාත්වරයාට ඔහුව රක්ෂිත බන්ධානාගාරගත කිරීමට සිදුවනු ඇත.

එවිට එම පුද්ගලයාට ඇප ලබාගත යුත්තේ මහාධිකරණයෙනි. සාමාන්‍ය ජනතාවට මහාධිකරණ වෙත යාම කොතරම් අපහසුදැයි අපි දනිමු.

අධිකරණ අමාත්‍යවරයා අපරාධ නඩුවලට පෙනී සිටි නීතිඥවරයෙකු වන බැවින්, අධිකරණයක සාක්ෂි ලෙස පාපොච්චාරණ පිළිගැනීමට ඉඩ සැලසීමේ ඇති අනතුරු සහ එය විසින් වධහිංසා පැමිණවීමේ හා අපයෝජනයේ සංස්කෘතියක් ප්‍රවර්ධනය කරන ආකාරය අමාත්‍යවරයා හොඳින් දනී.

ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ සාමාජිකයින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ හදිසි නීති රෙගුලාසි යටතේ මෙම වධහිංසා පැමිණවීම්වලට, අපයෝජනවලට සහ දීර්ඝ කාලීන රඳවා තබා ගැනීම්වලට ගොදුරුවූවෝ වෙති.

මෙම නව පනත් කෙටුම්පත කාලීන අවශ්‍යතාවයක් ලෙස සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන්නන් විසින්, විවිධ රජයන් යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, හදිසි නීති රෙගුලාසි සහ ICCPR පනත අයථා ලෙස භාවිතා කර ඇති ආකාරයත්, එය ජනතාවට ඇති කළ අපමණ හානියත් දැකගත යුතුය.

මෙවැනි නීති අයථා ලෙස භාවිතා කිරීම අත් දැක ඇති සහ එහි වින්දිතයන්ගේ තත්ත්වය නිරීක්ෂණය කොට ඇති අපට මෙහි ඇති සැබෑ අවදානම දකින්නට පුළුවන ෴


අන්තර්ජාල ව්‍යාපාරයකින් මුදල් ඉපයිය හැකි යැයි පවසමින් රු. මිලියන 12 ක් වංචා කළ සැකකරුවෙක් අත්අඩංගුවට

(20.10.2026 – hirunews.lk)

ටෙලිග්‍රෑම් හරහා සම්බන්ධ වෙමින් අන්තර්ජාල ව්‍යාපාර මඟින් මුදල් ඉපැයිය හැකි බව පවසා රුපියල් 12,691,033 ක මුදලක් වංචා කළ තරුණයෙක් අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකය සඳහන් කරනවා.

මෙම සැකකරු වංචා කරන ලද මුදලින් රුපියල් 500,000 ක මුදලක් තම බැංකු ගිණුම වෙත බැර කරවා ගනිමින් මෙම වංචාව සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දී ඇතැයි ද පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නවගත්තේගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.

පරිගණක අපරාධ විමර්ශන අංශයට ලද ‍පැමිණිල්ලකට අනුව මෙහි විමර්ශන ආරම්භ කර ඇතැයි ද පොලිසිය පවසනවා.

පරිගණක අපරාධ විමර්ශන අංශය වයඹ පළාත් ඒකකය මගින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


සේප්පුවේ තිබූ මුදල්වල මූලාශ්‍රය හෙළි කිරීමට අපොහොසත් වූවැයි අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් නාමල්ගේ පෞද්ගලික ලේකම්ට ඇප – රට ගමන් තහනම්

(20.10.2026 – hirunews.lk)

සේප්පුවේ තිබූ මුදල්වල මූලාශ්‍රය හෙළි කිරීමට අපොහොසත් වූ බව කියන සිද්ධියකට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සංජේ සමරසිංහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට කොළඹ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (20) නියෝග කළා.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද අධිකරණයෙන් නිකුත් කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙලෙස නියෝග නිකුත් වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සංජේ සමරසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (20) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ, ඔහු සන්තකයේ තිබූ මුදල් ප්‍රමාණයක මූලාශ්‍ර හෙළි කිරීමට අපොහොසත්වීමේ චෝදනාවක් සම්බන්ධයෙන් බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ ෴


විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ යුවළකට වැඩ වරදියි

(20.10.2026 – sinhala.adaderana.lk)

විදේශ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ අඹුසැමි යුවළක් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩ ප්‍රදේශයේදීය.

සැකකාර යුවළ දළුගම, කිරිබත්ගොඩ ප්‍රදේශයේ ලිපිනයක සිය ආයතනය පවත්වාගෙන ගොස් ඇති අතර ආයතනයේ බලපත්‍රය පසුගිය වසරේ සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වී තිබේ.

නමුත් ඔවුන් සිය ආයතනයේ නම භාවිත කරමින්ම වැලිමඩ නුගතලාව ප්‍රදේශයේදී ආයතනය නැවතත් ආරම්භ කරමින් මෙම වංචාව සිදුකර ඇති බව කාර්යාංශය සඳහන් කළේය.

එහිදී ඔවුන් සර්බියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කොරියාව සහ රුමේනියාව යන රටවල රැකියා ලබා දෙන බව පවසා රැකියා ඇනවුම් පවා නොමැතිව මහජනතාවගෙන් මුදල් අය කරමින් මෙම ජාවාරම සිදුකර තිබේ.

පසුගිය වසරේ සිට මෙම වසරේ සැප්තැම්බර් 09 වැනි දින දක්වා කාලය තුළ පමණක් මෙම යුවළට එරෙහිව පැමිණිලි 12 ක් වාර්තා වී ඇති බවත් ඉන් වංචා කර ඇති මුළු මුදල රුපියල් අසූ දෙලක්ෂ හතලිස් දහසක් (82,40,000) බවටද මේ වන විට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය විසින් අනාවරණය කරගෙන තිබේ.

අත්අඩංගුවට ගත් යුවළ වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේන් අනතුරුව එළැඹෙන 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද අධිකරණය නියෝග කර ඇත.

එමෙන්ම මෙහි ස්වාමිපුරුෂයා කඩවත ප්‍රදේශයේ පදිංචි අයෙකු බැවින් ඉදිරි නීතිමය කටයුතු සඳහා එළැඹෙන 26 වැනි දින මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය ෴


කොටපිටියේ රාහුල හිමි වහාම මාධ්‍ය කැඳවයි | හිරේ ඉන්න හිමිට කිසිම දේශපාලනයක් නෑ (20.10.2026)

+


කඩුවක් දික් කරලා මගේ අත පණ නැති වෙන්න ගැහුවා | චේන් එක දීපන් කියලා මාලේ කඩාගෙන පැනලා ගියා (20.10.2026)

+


ශ්‍රී ලංකන් එයාර්ලයින් එක හැක් කරලා – දයාසිරි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි (20.10.2026)

+


මේ පනත කොහොම හරි සම්මත වුණොත් ජෙවීපී එක ගමේ නඩු අහලා තනි පක්ෂ පාලනයක් අරගෙන යනවා (20.10.2026)

+


බොදු බල සේනා හිමිවරුන් වහාම මාධ්‍ය කැඳවයි | ගලබොඩඅත්තේ හිමි රට වෙනුවෙන් සේවය කළා (20.10.2026)

+


රටම අඳුරට ගල් අඟුරු වංචාවේ සුල මුල එළියට | රු. මිලියන 18,368.89 ක අති දැවැන්ත පාඩුවක් (20.10.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤