නව ත්‍රස්ත පනතට එරෙහිව උදය ගම්මන්පිල ගෙන් පෙත්සමක්

නව ත්‍රස්ත පනතට එරෙහිව උදය ගම්මන්පිල ගෙන් පෙත්සමක්

කොළඹ වරායේ ඩොලර් මි. 392 ක ව්‍යාපෘතියෙන් චීනය ඉවත් වෙයි

ඥානසාර හිමියන්ගේ සිරගත වීම සම්බන්ධයෙන් හිටපු ජනපතිගෙන් මෛත්‍රීගෙන් ලිපියක්

දෙරණ 360 | නිතීඥ සාගර කාරියවසම් – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (19.10.2026)

හිරු ටීවී සළකුණ – ඩී වී චානක – 2026-10-19


නව ත්‍රස්ත පනතට එරෙහිව උදය ගම්මන්පිල ගෙන් පෙත්සමක්

(19.10.2026 – sinhala.adaderana.lk)

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනස් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන දෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සමේ වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු පවසා ඇත්තේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවයි.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ ෴

+++

කොටුව මහේස්ත්‍රාත්වරයාට එරෙහිව ගම්මන්පිලගෙන් නඩුවක් (19.10.2026)

+


කොළඹ වරායේ ඩොලර් මි. 392 ක ව්‍යාපෘතියෙන් චීනය ඉවත් වෙයි

(19.10.2026 – sinhala.adaderana.lk)

කොළඹ වරායේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ දකුණු ආසියානු වාණිජ හා සැපයුම් මධ්‍යස්ථාන (SACLH) ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට එහි කොටස්කරුවන් තීරණය කර ඇති බව ‘චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස්’ සමාගම නිවේදනය කර තිබේ.

අමෙරිකානු ඩොලර් මිලියන 392 ක ආයෝජනයක් වන මෙම දැවැන්ත ව්‍යාපෘතිය අත්හැර දැමූ බව එම සමාගම පෙන්වා දී ඇත.

මෙම අවසන් කිරීම සඳහා ‘ශ්‍රී ලංකා වරාය අධිකාරිය’, අවසන් කිරීමේ ගිවිසුම අත්සන් කළ දින සිට දින 30 ක් තුළ අමෙරිකානු ඩොලර් මිලියන 21.9 ක වන්දි මුදලක් ආයෝජකයන්ට එකවර ගෙවිය යුතු බව ‘චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩින්ග්ස්’ ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක් වේ.

ව්‍යාපෘතිය කෙරෙහි බලපෑ බාහිර සාධක, ව්‍යාපෘති කාලරාමුවල සිදුවූ වෙනස්කම් ඇතුළු කරුණු සලකාබැලූ විට ව්‍යාපෘතිය නවතාදැමීම සියලු පාර්ශ්වවලට සුබදායක වනු ඇති බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනයේ පරිදි, ව්‍යාපෘතිය අත්හිටුවීමෙන් පසු ඒ වෙනුවෙන් ‘ශ්‍රී ලංකා වරාය අධිකාරිය’ අමෙරිකානු ඩොලර් මිලියන 21.9 ක මුදලක් ව්‍යාපෘතිය සිදුකරන SACL සමාගමට එකවර ගෙවිය යුතුය.

ඒ ව්‍යාපෘතිය අවසන් කිරීමේ ගිවිසුම අත්සන් කර දින තිහක් (30) ඇතුළත දී.

චීන සමාගමේ අනුබද්ධ ආයතනය යොදවා තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 26 ක මූලික ආයෝජනයෙන් නියමිත බදු සහ ප්‍රමාද ගාස්තු අඩුකිරීමෙන් පසු ඉතිරිවන ප්‍රමාණය ලෙස එම අමෙරිකානු ඩොලර් 21.9 ක මුදල දැක් වේ.

මෙම ව්‍යාපෘතියේ සියයට 70 ක කොටස් අදාළ චීන සමාගම සතුවූ අතර ඉතිරි කොටස් 15% බැගින් මෙරට ‘ඇක්සස් ඉංජිනියරින්ග්’ හා ‘ශ්‍රී ලංකා වරාය අධිකාරිය’ හිමිව තිබුණි.

ඒ අනුව ‘වරාය අධිකාරිය’ විසින් ගෙවනු ලබන වන්දි මුදල මෙම කොටස්කරුවන් තිදෙනා (3) අතර බෙදීයනු ඇති ෴


ඥානසාර හිමියන්ගේ සිරගත වීම සම්බන්ධයෙන් හිටපු ජනපතිගෙන් මෛත්‍රීගෙන් ලිපියක්

(19.10.2026 – sinhala.adaderana.lk)

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළි බන්ධනාගාර ගත කිරීමට හේතු වූ අධිකරණ තීන්දුවේ සඳහන් වන ‘තාක්ෂණික දෝෂය’ කුමක්ද යන්න පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර තිබේ.

රටේ ගෞරවනීය මහා සංඝරත්නය, මාධ්‍යවේදීන් සහ මහජනතාව මේ සම්බන්ධයෙන් නගන ගැටලු සඳහා පිළිතුරු ලෙස මෙම නිවේදනය නිකුත් කරන බව ඔහු පවසයි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවත බන්ධනාගාර ගත කිරීමේදී අදාළ නඩු තීන්දුවේ දැක්වෙන්නේ, උන්වහන්සේ නිදහස් කිරීමට අධිකරණයට සිදුවූ අවස්ථාවේදී ජනාධිපති කාර්යාලයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ලිපි ලේඛනවල තාක්ෂණික දෝෂයක් සිදුවී ඇති බවය.

ගරු අධිකරණයේ එම තීරණය සම්පූර්ණයෙන්ම නිවැරදි බවත්, තමා එම තීන්දුවට ගරු කරන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන නඩු දෙකක් විභාග වී ඇති අතර, අධිකරණයට බාධා කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව යටතේ අධිකරණයට අපහාස කිරීම යන චෝදනා යටතේ (37417/10 සහ 40042 යන නඩු අංක යටතේ) මෙම නඩු පැවතී ඇත.

මෙම නඩු දෙක යටතේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව දීම සඳහා අදාළ ලිපි ලේඛන අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයට යවා අනුමැතිය ලබාගත යුතු විය.

ජනාධිපති කාර්යාලයේ නීති අංශය භාර අතිරේක ජ්‍යෙෂ්ඨ ලේකම්වරිය විසින් ඒ බව තමාට දන්වා සිටියද, අදාළ ඉල්ලීම අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයට යවා නොමැති බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ඒ අනුව, අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව හුදෙක් තමාගේ අත්සන පමණක් ලබාගෙන ඇති අතර, එය තමා නොමග යැවීමක් බව හෙතෙම සඳහන් කරයි.

පාක්‍යසෝති සරවනමුත්තු මහතාගේ රාජ්‍ය නොවන සංවිධානයක් මඟින් සන්ධ්‍යා එන්නැලිගොඩ මහත්මිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් මත මෙම නීතිමය තීරණය ලැබී ඇත.

තම මණ්ඩලයේ එවකට කටයුතු කළ නිලධාරීන්ගේ මෙම වරද හේතුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමීන්ට යළි සිරගත වීමට සිදුවී ඇති බව පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා, එවකට තම නිලධාරීන් අතින් සිදුවූ එම අත්වැරැද්ද සම්බන්ධයෙන් ගෞරවනීය මහා සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බව ප්‍රකාශ කර ඇත.

අන්තර්ජාලයෙන් ලබාගත් අදාළ අධිකරණ තීන්දුවේ පිටපතක් හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම කරුණු අනාවරණය කරගත් බවද මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් දන්වා සිටියි.


දෙරණ 360 | නිතීඥ සාගර කාරියවසම් – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (19.10.2026)

+


හිරු ටීවී සළකුණ – ඩී වී චානක – 2026-10-19

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤