ජය ශ්‍රී මහා බෝධිය අනතුරක! තාක්ෂණික වාර්තාවක් කරුණු අනාවරණය කරයි

ජය ශ්‍රී මහා බෝධිය අනතුරක! තාක්ෂණික වාර්තාවක් කරුණු අනාවරණය කරයි


ජය ශ්‍රී මහා බෝධිය අනතුරක! තාක්ෂණික වාර්තාවක් කරුණු අනාවරණය කරයි

(17.05.2026 – divaina.lk)

ලෝවාසී බෞද්ධ ජනතාවගේ ඉහළම ගෞරවයට පාත්‍ර වන, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සෞඛ්‍ය සහ අනාගත පැවැත්ම පිළිබඳ බරපතළ ගැටලුවක් මතුව ඇති බව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට වාර්තා වෙයි. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මළුවෙහි මෑතකදී සිදුකර ඇති ඉදිකිරීම් සම්බන්ධයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ මහාචාර්ය රංගික හල්වතුර මහතා විසින් නිකුත් කර ඇති තාක්ෂණික වාර්තාවක් මගින් මෙම කරුණු අනාවරණය කර තිබේ.

ඒ අනුව, ශ්‍රී මහා බෝධි මළුවේ අතුරා තිබූ වැලි තලාව වෙනුවට සිදුරු සහිත ගඩොල් වර්ගයක් ඇල්ලීම නිසා බෝධියේ පැවැත්මට අනිවාර්යයෙන්ම බලපෑම් එල්ල විය හැකි බව එහි සඳහන් වේ.

ඉතිහාසයේ පටන් වැලි මතුපිටක් පවත්වා ගැනීම මගින් පසෙහි වාතාශ්‍රය සහ උෂ්ණත්වය ස්වභාවිකව පාලනය වී ඇති බවත් ගඩොල් අල්ලා සිදුකර ඇති නවීන පදික සැකසුම් මගින් හිරු රශ්මිය හමුවේ මතුපිට උෂ්ණත්වය ඉතා වේගයෙන් ඉහළ යන බවත් එහි සඳහන් වේ. එසේම එහි අභ්‍යන්තර පවතින වායු කුහර හේතුවෙන් තාපය පිටවීම වැළැක්වීම මගින් මතුපිට දිගු වේලාවක් රස්නය පවතින බවත් එම වාර්තාවෙහි දැක්වේ. ඉහළ යන උෂ්ණත්වය සහ පරාවර්තනය වන සූර්ය විකිරණ හේතුවෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පත්‍රවලින් ජලය පිටවීම ඉහළ ගොස් ශාකයේ පරිවෘත්තිය ක්‍රියාවලියට අහිතකර බලපෑම් එල්ල විය හැකි බව එම වාර්තාව කියයි.

එසේම, පසට ජලය කාන්දුවීම සහ වායු හුවමාරුව සීමා වීම නිසා බෝධි ශාකයේ මූල පද්ධතියට බලපෑම් එල්ලවිය හැකි බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.

මේ සම්බන්ධයෙන් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ උද්භිද විද්‍යාත්මක ශක්තිමත්භාවය සහ සෞඛ්‍ය පරීක්ෂා කිරීමේ වගකීම ඇති පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂක ජනරාල්වරිය ලෙස කටයුතු කරන එච්. චන්ද්‍රිකා පී. ජයවීර මහත්මියගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී, මෙම වෙනස් කිරීම සම්බන්ධයෙන් සිය ආයතනයෙන් උපදෙස් හෝ අවසර ගෙන නොමැති බව සඳහන් කළාය. බෝධීන් වහන්සේගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් සිය ආයතනයට වගකීමක් ඇති බවත් කී අධ්‍යක්ෂ ජනරාල්වරිය සිදුවිය හැකි හානිය සම්බන්ධයෙන් කඩිනම් විධිමත් විද්‍යාත්මක පරීක්ෂණයක් කළ යුතුව ඇති බවත් කීවාය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ. සෙනරත් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ මෙම නව ඉදිකිරීම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර මත සිදුවූවක් නොවන බවය. මේ සම්බන්ධයෙන් කිසිදු දැනුවත් කිරීමක් හෝ අවසර ගැනීමක් බෝධීන් වහන්සේගේ භාරකාරීත්වය සිදු කර නැති බවද ඔහු පැවසීය.

වසර 2300 කට අධික අඛණ්ඩ ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන මිනිස් අතකින් රෝපණය කරන ලද, රෝපණය කළ දිනය සහ ඉතිහාසයේ නිවැරදිව ලේඛන ගත කර ඇති ලොව පැරණිතම වෘක්ෂය ලෙස අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ සැලකුම් ලබති.

මෙම නව ඉදිකිරීම් හේතුවෙන් හටගෙන ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් බැතිමතුන්ගේ වන්දනා කටයුතුවලට ද ගැටලු රැසක් මතුව ඇත.

මේ පිළිබඳව විමසා බැලීම සඳහා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ දුරකථනයෙන් මහා විහාරය ඇමතූ අතර අපගේ තොරතුරු ලබාගැනීමේ උත්සාහය ව්‍යර්ථ විය.

සිරිමන්ත රත්නසේකර


මේ හොර අන්තරේ ත්‍රස්තවාදීන් වහාම අත්අඩංගුවට ගත යුතුයි (17.05.2026)

+

ත්‍රිකුණාමලේ සහ මල්වානේ තියෙන්නෙ පොලිසි දෙකක් ද ? නැත්නං, රටවල් දෙකක් ද ? (17.05.2026)

+

මාස දෙකට රුපියල් බිලියන 44 ක් අඹපකදෙල් වෙලා (17.05.2026)

+


ශ්‍රී ලංකාව ඉන්දියාවට යටත් කරගැනීමේ සැලැස්ම ක්‍රියාත්මක වන හැටි – රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක (17.05.2026)

+


ආණ්ඩුවේ තවත් ආයතනයක හැකර් ප්‍රශ්නයක්! 22 නමගේ මත්ද්‍රව්‍ය සිද්ධියට 3 කට රතු වරෙන්තු! (17.05.2026)

+


ගෝඨාභය රිටර්න්ස් ලංකාව catch 22 තත්වයක (17.05.2026)

+


ආණ්ඩුවේ හොඳ කියන්න විපක්ෂයක් අවශ්‍ය නැහැ ඒකට ආණ්ඩුව ඉන්නවා! – Iranga Mendis (17.05.2026)

+


මැයි මාසයේ කෙඳිරි ගාන සව් කංජි පින්නයෝ (17.05.2026)

+


මාලිමාව භාණ්ඩාගාරය කඩපු හැටි මුදල් කමිටුවේ හර්ෂණ කියයි (17.05.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *