අයවැයෙන් සහන නොලැබුණු බව පවසමින් වාරිමාර්ග තාක්ෂණ සහායකවරුන් හෙට (15) සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක
අයවැයෙන් පොරොන්දු ඉටුවී නැතැයි ආපදා සහන සේවා සේවකයින් අනිද්දා (16) සිට වර්ජනයක
ප්‍රමිතියෙන් තොර අයිස්ක්‍රීම් මෙරට අලෙවි කළ චීන සමාගමකට රුපියල් 84,000 ක දඩයක්
මට ඔයා ගැන සැකයි – මම ඔයාව රඳවා තියා ගන්නවා – කොල්ලෝ අල්ලන් යන පොලිසියේ වීඩියෝව ලීක් (14.11.2026)
‘ශිරාන් බාසික්’ගේ රු. කෝටි 2 කට වැඩි තෙමහල් නිවසක් තහනම් කෙරේ
1989 දී ජවිපෙ මිණීමරුවෝ රටට අහිමි කළ යතිවරුන් සහ බුද්ධිමතුන් මෙන්න…! (14.11.2026)
අයවැයෙන් සහන නොලැබුණු බව පවසමින් වාරිමාර්ග තාක්ෂණ සහායකවරුන් හෙට (15) සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක
(14.11.2026 – hirunews.lk)
2027 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවලින් තමන්ට හිමිවිය යුතු සහන ලබා නොදීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට වාරිමාර්ග තාක්ෂණ සහායකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
එම සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කරන තාක්ෂණ සහායක නිලධාරීන් 450 කට අධික පිරිසක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වීමට නියමිත බවයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව තුළ ක්ෂේත්‍ර රාජකාරි සිදුකරන තම නිලධාරීන්, වාරිමාර්ග ව්‍යාපාර සහ මධ්‍ය වාරි ව්‍යාපාරවල ජලය, මඩ සහ කන්ටේනර් සම්බන්ධ කටයුතු ඇතුළු විවිධ රාජකාරිවල නිරත වන බව එම සංගමය පෙන්වා දෙනවා.
එමෙන්ම, වාරිමාර්ග ව්‍යාපාරයන්හි ඉදිකිරීම් හා නඩත්තු කටයුතු මෙන්ම ගොවි ජනතාවට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීම සහ ඔවුන් සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම ද තම නිලධාරීන්ගේ රාජකාරි අතරට අයත් බව සඳහන්.
මෙවැනි රාජකාරි ඉටුකිරීමේදී මුහුණදෙන දුෂ්කරතා සහ වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළ ද, 2027 අයවැය යෝජනා මඟින් ඒ සඳහා ප්‍රමාණවත් විසඳුම් ලබාදී නොමැති බවයි සංගමය චෝදනා කරන්නේ.
ඒ අනුව, ප්‍රධාන ඉල්ලීම් දෙකක් (2) මුල්කර ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා.
දැනට ලබාදෙන ක්ෂේත්‍ර දීමනාව රුපියල් 300 සිට රුපියල් 3,000 දක්වා වැඩි කිරීම එහි පළමු ඉල්ලීමයි.
ක්ෂේත්‍ර රාජකාරි කටයුතුවලදී දැරීමට සිදුවන ප්‍රවාහන වියදම් සඳහා මාසික ක්ෂේත්‍ර ප්‍රවාහන දීමනාවක් ලෙස රුපියල් 15,000 ක මුදලක් ලබාදීම දෙවන ඉල්ලීම වනවා.
මෙම ඉල්ලීම්වලට විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් නොවැම්බර් 15 වැනිදා සිට 17 වැනිදා දක්වා රාජකාරි කටයුතුවලින් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව සංගමය සඳහන් කරනවා.
එම කාලය තුළ ක්ෂේත්‍ර ඉදිකිරීම් කටයුතු, දෛනික ජල මෙහෙයුම් සහ වර්ෂාපතන දත්ත ලබාදීම ඇතුළු රාජකාරිවලින් ඉවත්වීමට නියමිත බව ද නිවේදනයේ දැක්වෙනවා.
තම ඉල්ලීම්වලට කඩිනමින් විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට ද සිදුවනු ඇති බව වාරිමාර්ග තාක්ෂණ සහායකවරුන්ගේ සංගමය අනතුරු අඟවා තිබෙනවා ෴
අයවැයෙන් පොරොන්දු ඉටුවී නැතැයි ආපදා සහන සේවා සේවකයින් අනිද්දා (16) සිට වර්ජනයක
(14.11.2026 – hirunews.lk)
මෙවර අයවැයෙන් රජය පොරොන්දු වූ කිසිවක් ඉටුකර නොමැති බව පවසමින් අනිද්දා (16) සිට වර්ජනයක නිරත වන බව ආපදා සහන සේවා නිලධාරි වෘත්තීය සමිතියේ සභාපති පාලිත කුමාර ප්‍රකාශ කළා.
එමෙන්ම, අයවැයෙන් කළමනාකරණ සේවා නිලධාරීන් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින් සඳහා අවම වශයෙන් රුපියල් 25,000 ක අතුරු දීමනාවක් ලබා නොදීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා කළමනාකරණ සේවා සංගමය තීරණය කර තිබෙනවා.
මේ අතර, අයවැය ගැන ඉදිරි තීරණ ගැනීමට රජයේ වෛද්‍ය නිලධිාරින්ගේ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් මේ මස 19 වනදා පැවැත්වීමට නියමිතයි ෴
ප්‍රමිතියෙන් තොර අයිස්ක්‍රීම් මෙරට අලෙවි කළ චීන සමාගමකට රුපියල් 84,000 ක දඩයක්
(14.11.2026 – hirunews.lk)
නිසි ප්‍රමිතියෙන් තොර අයිස්ක්‍රීම් අලෙවි කිරීම ඇතුළු චෝදනා 28 කට වරද පිළිගත් චීන අයිස්ක්‍රීම් සමාගමකට රුපියල් 84,000 ක දඩ මුදලක් නියම කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
කොළඹ මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකළ පරීක්ෂාවකදී අදාළ සමාගම අලෙවි කළ අයිස්ක්‍රීම් සාම්පල ලබාගෙන ඇති බව සඳහන්.
එම සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ මහා නගර සභාවේ නාගරික රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා.
එහිදී අදාළ අයිස්ක්‍රීම් සාම්පල නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන බවට අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව, නිසි ප්‍රමිතියෙන් තොර අයිස්ක්‍රීම් අලෙවි කිරීම ඇතුළු චෝදනා 28 ක් යටතේ අදාළ චීන අයිස්ක්‍රීම් සමාගමට එරෙහිව නඩු පැවරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
එම නඩුව ඊයේ (13) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අදාළ සමාගම එම චෝදනා 28 ටම වරද පිළිගෙන ඇති බව සඳහන්.
ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා අදාළ සමාගමට රුපියල් 84,000 ක දඩ මුදලක් නියම කිරීමට නියෝග කර තිබෙනවා ෴
මට ඔයා ගැන සැකයි – මම ඔයාව රඳවා තියා ගන්නවා – කොල්ලෝ අල්ලන් යන පොලිසියේ වීඩියෝව ලීක් (14.11.2026)
+
‘ශිරාන් බාසික්’ගේ රු. කෝටි 2 කට වැඩි තෙමහල් නිවසක් තහනම් කෙරේ
(14.11.2026 – sinhala.adaderana.lk)
රැඳවුම් භාරයේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ශිරාන් බාසික්’ විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල්වලින් මිලදී ගන්නා ලද බවට සැකකෙරෙන බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක් තහනම් කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පියවර ගෙන ඇත.
මෙම තෙමහල් නිවස සහ ඉඩම රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක (රු. 25,000,000) පමණ වටිනාකමකින් යුක්ත වන අතර, එය ‘ශිරාන් බාසික්’ විසින් සිය පියාගේ නමින් මිලදී ගෙන, පසුව තෑගි ඔප්පුවක් මගින් තම දියණිය වෙත පවරා දී තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඒ අනුව අදාළ නිවස ඇතුළු ඉඩම විකිණීම, පැවරීම වළක්වාලමින් ඊයේ (13) දින සිට බලපැවැත්වෙන පරිදි දින 14 ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටියදී පසුගියදා මෙරටට රැගෙන එන ලද ශිරාන් බාසික්ගේ දේපොළ කිහිපයක්ම මේ වනවිට අත්හිටුවීමට පියවරගෙන තිබේ ෴
1989 දී ජවිපෙ මිණීමරුවෝ රටට අහිමි කළ යතිවරුන් සහ බුද්ධිමතුන් මෙන්න…! (14.11.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –
ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴