අයවැයට එරෙහිව ‘රාජ්‍ය සේවා ඉංජිනේරුවන්’ වැඩ වර්ජනයේ

අයවැයට එරෙහිව ‘රාජ්‍ය සේවා ඉංජිනේරුවන්’ වැඩ වර්ජනයේ

රඹෑව මාරක බස් අනතුර : මියගිය ලංගම රියදුරු ගංජා සහ මත්පැන් පානය කර සිටි බව හෙළිවෙයි

අර ගෝරිල්ලව ෆෝම් කරලා එව්වේ ආණ්ඩුවෙන් – අපි නැගිට්ටම වෙන දේ ඔයාලට පෙන්නන්නම් (13.11.2026)

රාජාංගනේ හාමුදුරුවොයි මිහින්තලේට හඬක් කියන කෙනයි ඊයේ (12) මිනිස්සු ගෙන්නලා එතන කුලප්පු කළා (13.11.2026)

සාමකාමී විරෝධයට නිකායෙන් නෙරපලා දාපු එකා මාලිමා මැරයොත් එක්ක ඇවිත් පහර දුන්නා | විමල් මාධ්‍ය කැඳවයි (13.11.2026)

වදින්න ආපු අය නෙවෙයි එතන හිටියේ, ‘පප්පා ගම’ වගේ ඇවිළුණු අනුරාධපුරයට කඩා වැදුණු ‘හෙල්මට් ටීම් එක’ කවුද? (13.11.2026)

භික්ෂු සාසනය විනාශ වීමේ වගකීම නායක හිමිවරු භාරගන්න – සාසනය වෙනුවෙන් කිසිම පනතක් ගේන්න ලැබුනෙ නෑ (13.11.2026)

රාජාංගනේ යකෝ ! චීත්ත වැඩ කරන්න එපා – ඉත්තෑකන්දේ හිමි අනුරපුර වලියට එන්ටර් වෙයි (12.11.2026)

“ප්ලෑන් කරපු තැනට ප්‍රබල දේශපාලඥයෙක් ආවා, අනුරාධපුර හෝටලයක ප්ලෑන් කරලයි ගැහුවේ” (13.11.2026)

ඉතිහාසයේ මහා සතුරා නැවත ඇවිත් එකතුවෙන්න. එළාර පරාජය කරන්න. (13.11.2026)

කුණුහරුප සාදු තමයි වලිය පටන් ගත්තේ | හිමිවරුන්ගේ සිවුර ගලවලා උඹලා ඩයස්පෝරා සතුටු කරා හොඳයි අපි බලාගමු (13.11.2026)


අයවැයට එරෙහිව ‘රාජ්‍ය සේවා ඉංජිනේරුවන්’ වැඩ වර්ජනයේ

(13.11.2026 – lankacnews.com)

2027 අයවැය යෝජනා මඟින් රාජ්‍ය සේවා ඉංජිනේරුවරුන්ගේ සාධාරණ වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබා නොදෙමින් ඔවුන් මුළුමනින්ම නොසලකා හැරීමට එරෙහිව, අද (13) දිවයින පුරා අසනීප නිවාඩු වාර්තා කරමින් එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වන බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය පවසයි.

ඉකුත් 2012 වසරේ සිට ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ නිලධාරීන් වෙනුවෙන් අඛණ්ඩව ලබා දුන් ‘ක්ෂේත්‍ර සහභාගිත්ව සහ ප්‍රවාහන දීමනාව’ 2024 වසරේදී අසාධාරණ ලෙස කපා හැරීමට රජය පියවර ගෙන තිබිණි. එම දීමනාව 2027 අයවැය මඟින් නැවත ප්‍රතිෂ්ඨාපනය කර ලබා දෙන බවට රජය පාර්ශ්වයෙන් මීට පෙර පොරොන්දු ලබා දී තිබුණ ද, ඉදිරිපත් වූ නව අයවැය මඟින් එම පොරොන්දුව කඩකරමින් ඉංජිනේරු සේවය මුළුමනින්ම නොසලකා හැර ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

රජයේ මෙම අත්තනෝමතික ක්‍රියාකලාපයට දැඩි විරෝධය පළ කරමින්, සංගමයේ සභාපති ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර සහ ලේකම් ඉංජිනේරු එම්.පී.අයි.පී.එම්. පතිරණ යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, 12 වැනිදා රැස්වූ විධායක කමිටුවේදී මෙම වර්ජන තීරණය ඒකමතිකව ගත් බවයි.

ලබන වසර තුළදී මෙරට දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති පසුබිමක, එම ව්‍යාපෘතිවල ප්‍රධාන තාක්ෂණික හා ක්ෂේත්‍ර භූමිකාව මෙහෙයවනු ලබන්නේ රාජ්‍ය සේවා ඉංජිනේරුවරුන් විසිනි.

අද (13) දින ක්‍රියාත්මක කරන සංකේත වැඩවර්ජනය රජය වෙත එල්ල කරන මූලික අනතුරු ඇඟවීමක් පමණක් බව පෙන්වා දෙන සංගමය, මේ සඳහා කඩිනම් සහ සාධාරණ විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී දැඩි අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවට ද අවධාරණය කරයි.

එසේ වුවහොත් රටේ සංවර්ධන කටයුතු ඇනහිටීමේ පූර්ණ වගකීම රජය භාරගත යුතු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ ෴


රඹෑව මාරක බස් අනතුර : මියගිය ලංගම රියදුරු ගංජා සහ මත්පැන් පානය කර සිටි බව හෙළිවෙයි

(13.11.2026 – hirunews.lk)

අනුරාධපුර – රඹෑව ප්‍රදේශයේදී සිදුවූ බිහිසුණු බස් රථ අනතුර සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී සහ වෛද්‍ය පරීක්ෂණවලදී තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලංගම බස් රථයේ රියදුරු විසින් අනතුර සිදු වන අවස්ථාවේදී ගංජා සහ මත්පැන් පානය කර සිටි බව සිදු කරන ලද මුත්‍රා සාම්පල් පරීක්ෂාවකින් හෙළි වී ඇති බවයි වාර්තා වෙන්නේ.

අනුරාධපුර මිහින්තලය පොලිස් වසමේ මහනුවර – යාපනය (ඒ-09) මාර්ගයේ රඹෑව වැලිඔය හන්දිය ආසන්නයේදී පසුගිය (10) වැනිදා උදෑසන බස් රථ තුනක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරෙන් ලංගම බස් රථ රියැදුරෙකු සහ කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිව්දෙනෙක් මියගොස්, තවත් මගීන් 76 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබුවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය කළේ, මෙම අනතුර සිදුව ඇත්තේ ජනකපුර සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් සහ අක්කරපත්තුව සිට යාපනය දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බවයි.

එහිදී වව්නියාව සිට කොළඹ දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් ද, කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයේ පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබූ බවයි සඳහන් වන්නේ.

අනතුරින් එක් ලංගම බස් රථයක රියැදුරෙකු හා මගීන් තිදෙනෙකු (3) මියගිය අතර මරණකරුවන් අවුරුදු 47 හා 56 වයස්වල පසුවන ඇටවීරගොල්ලෑව සහ රිදිගම ප්‍රදේශවල පදිංචිකරුවන් ෴


අර ගෝරිල්ලව ෆෝම් කරලා එව්වේ ආණ්ඩුවෙන් – අපි නැගිට්ටම වෙන දේ ඔයාලට පෙන්නන්නම් (13.11.2026)

+


රාජාංගනේ හාමුදුරුවොයි මිහින්තලේට හඬක් කියන කෙනයි ඊයේ (12) මිනිස්සු ගෙන්නලා එතන කුලප්පු කළා (13.11.2026)

+


සාමකාමී විරෝධයට නිකායෙන් නෙරපලා දාපු එකා මාලිමා මැරයොත් එක්ක ඇවිත් පහර දුන්නා | විමල් මාධ්‍ය කැඳවයි (13.11.2026)

+


වඳින්න ආපු අය නෙවෙයි එතන හිටියේ, ‘පප්පා ගම’ වගේ ඇවිළුණු අනුරාධපුරයට කඩා වැදුණු ‘හෙල්මට් ටීම් එක’ කවුද? (13.11.2026)

+


භික්ෂු සාසනය විනාශ වීමේ වගකීම නායක හිමිවරු භාරගන්න – සාසනය වෙනුවෙන් කිසිම පනතක් ගේන්න ලැබුනෙ නෑ (13.11.2026)

+


රාජාංගනේ යකෝ ! චීත්ත වැඩ කරන්න එපා – ඉත්තෑකන්දේ හිමි අනුරපුර වලියට එන්ටර් වෙයි (12.11.2026)

+


“ප්ලෑන් කරපු තැනට ප්‍රබල දේශපාලඥයෙක් ආවා, අනුරාධපුර හෝටලයක ප්ලෑන් කරලයි ගැහුවේ” (13.11.2026)

+


ඉතිහාසයේ මහා සතුරා නැවත ඇවිත් එකතුවෙන්න. එළාර පරාජය කරන්න. (13.11.2026)

+


කුණුහරුප සාදු තමයි වලිය පටන් ගත්තේ | හිමිවරුන්ගේ සිවුර ගලවලා උඹලා ඩයස්පෝරා සතුටු කරා හොඳයි අපි බලාගමු (13.11.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤