රෝහල් ගත කළ පූජ්ය බලංගොඩ කස්සප හිමි යළි සත්යග්රහයට
කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබූ සැකකරු ඇහැටුවැව නිපුණතා සංවර්ධන නිලධාරියෙක් බව හෙළි වෙයි
11 හැවිරිදි සිසුවකුට පහර දුන් විදුහල්පතිවරයෙකුට චෝදනා
කුවේට් සිට ආ ගුවන් යානයක් තුළදී ලාංකික කතක් දරුවෙකු ප්රසූත කරයි
රෝහල් ගත කළ පූජ්ය බලංගොඩ කස්සප හිමි යළි සත්යග්රහයට
(18.10.2026 – sinhala.adaderana.lk)
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාර මහාදේවි උද්යානයේදී ඇරඹි සත්යග්රය අතරතුර රෝහල් ගත කළ පූජ්ය කස්සප හිමියන් නැවතත් විහාර මහාදේවී උද්යානයේ සත්යග්රහයට එක්ව තිබේ.

පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාර මහාදේවී උද්යානයේ ඇරඹි සත්යග්රහයේ නිරතව සිටි පූජ්ය බලංගොඩ කස්සප හිමියන් ඊයේ (17) රෝහල් ගත කර තිබුණි.
සත්යග්රහයේ නිරතව සිටියදී ඇතිවූ නොසන්සුන්තාවක් මත ඒ හිමියන් රෝහල් ගත කර තිබුණි.
+++
විහාර මහා දේවි භූමිය පන්සලක් වෙයි | බෞද්ධයන් එක්වී බෝධි පූජාවක් තියයි (18.10.2026)
+++
+++
+++
+++
+++
+++
+++
+++
+
කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබූ සැකකරු ඇහැටුවැව නිපුණතා සංවර්ධන නිලධාරියෙක් බව හෙළි වෙයි
(19.10.2026 – hirunews.lk)
කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇහැටුවැව ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත නිපුණතා සංවර්ධන නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකය සහ බස්නාහිර පළාත් අඩවි වනජීවී කාර්යාලය එක්ව ඊයේ සිදුකළ මෙහෙයුමකදී අඹන්පොල, හුණුගල්ලෑව ප්රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු 56 හැවිරිදි එම ප්රදේශයේම පදිංචිකරුවෙක්.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී බෝර 12 ගිනි අවියක්, බෙහෙත් කොට තුවක්කුවක්, පතොරම් 24 ක්, වියළන ලද දඩ මස් පොලිස් භාරයට ගෙන තිබුණා.
ගල්ගමුව සහ සියඹලන්ගමුව අවට ප්රදේශවල සැරිසැරූ ‘ඩයනා’ නමැති අලියාට වෙඩි තබා ඇත්තේ ද මෙම සැකකරු විසින් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකය සඳහන් කළේ.
මේ අතර, දින කිහිපයක සිට ‘අර්ජුන’, ‘මහසෙන්’ සහ ‘සැන්ඩෝ’ යන අලි ඇතුන් සම්බන්ධයෙන් ද කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම්, පරිසරවේදී නයනක රන්වැල්ල කියා සිටියේ.
11 හැවිරිදි සිසුවකුට පහර දුන් විදුහල්පතිවරයෙකුට චෝදනා
(18.10.2026 – hirunews.lk)
බණ්ඩාරගම, වැල්මිල්ල ශ්රී සාරාලංකාර මහා විද්යාලයේ 7 වසරේ ඉගෙනුම ලබන 11 හැවිරිදි පිරිමි දරුවෙකුට එම පාසලේ විදුහල්පතිවරයා විසින් අමානුෂික ලෙස පහරදී ඇති බවට දරුවාගේ පියා විසින් පැමිණිල්ලක් සිදුකර ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසනවා.
පාලගම ප්රදේශයේ පදිංචි අදාළ දරුවාගේ පියා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ තම පුතු පරුෂ වචනයක් පැවසූ බව කියමින් විදුහල්පතිවරයා විසින් අත් දෙකෙන්ම දරුවාගේ මුහුණ දෙපසට වැරෙන් අවස්ථා කිහිපයකදී පහර දී තිබෙන බවයි.
එම පහරදීම නිසා දරුවාට අවම වශයෙන් දත් මැදීමටවත් නොහැකි තත්ත්වයක් උදා වී ඇති අතර, පහර කෑමට ලක්වූ දරුවා ප්රථමයෙන් වෑතර දිසා රෝහලටත්, අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙතත් ඇතුළත් කර තිබුණා.
මෙම අමානුෂික පහරදීම සම්බන්ධයෙන් පාසලේ සේවය කරන සංවර්ධන නිලධාරියෙකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කර ඊට විරෝධය පළකිරීම හේතුවෙන් විදුහල්පතිවරයා ඔහු සමඟ උරණ වී ඇති බව වාර්තා වනවා.
දේශපාලන බලයද උපයෝගී කරගනිමින්, අනෙකුත් ගුරුවරුන් ලවා පෙත්සමක් අත්සන් කරවාගෙන අදාළ සංවර්ධන නිලධාරියා පාසලෙන් ඉවත් කිරීමට විදුහල්පතිවරයා කටයුතු සම්පාදනය කරමින් සිටින බවත්, ඒ සඳහා හොරණ කලාප අධ්යාපන කාර්යාලයේ උසස් නිලධාරීන්ගේ සහයද ලැබී ඇති බවත් පැවසෙනවා.
සිසුවාට සිදුවූ පහරදීම සහ තමන්ගේ රැකියාවට එල්ල වන අනිසි බලපෑම පිළිබඳව අදාළ සංවර්ධන නිලධාරියා විසින් ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද පැමිණිලි කර තිබෙන බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය පරීක්ෂණ පවත්වනවා ෴
කුවේට් සිට ආ ගුවන් යානයක් තුළදී ලාංකික කතක් දරුවෙකු ප්රසූත කරයි
(19.10.2026 – hirunews.lk)
කුවේට් රාජ්යයේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළ බලා පැමිණෙමින් තිබූ මගී ගුවන් යානයක් තුළදී ශ්රී ලාංකික කාන්තාවක් පිරිමි දරුවෙකු ප්රසූත කර තිබෙනවා.
අද (19) අලුයම මෙලෙස ගුවනේදීම දරුවෙකු බිහි කර ඇත්තේ ත්රිකුණාමලය ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය 2024 වසරේදී ගෘහ සේවිකාවක ලෙස රැකියාව සඳහා කුවේට් රාජ්යය වෙත ගොස් තිබුණා.
අද (19) අලුයම 02:52 ට ‘කුවේට් සිටි’ ගුවන් තොටුපොළෙන් පිටත් වූ ‘ජසීරා එයාර්වේස්’ (Jazeera Airways) ගුවන් සේවයට අයත් J9-551 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණෙමින් සිටියදී ඇයට ප්රසව වේදනා හටගෙන තිබුණා.
ඒ අනුව, ගුවන් යානයේ සේවය කළ ගුවන් සේවිකාවන්ගේ ක්ෂණික සහාය ඇතිව ඇය ගුවනේදීම මෙම පිරිමි දරුවා ප්රසූත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
සිදුවූ දරු ප්රසූතිය පිළිබඳව ගුවන් නියමුවා විසින් කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් වෙත කල්තියා දැනුවත් කිරීමට පියවර ගෙන තිබූ අතර ගුවන් යානය කටුනායකට ගොඩබැස්වීමත් සමඟම මවට සහ බිළිඳාට අවශ්ය හදිසි වෛද්ය ප්රතිකාර ලබාදීම සඳහා ගිලන් රථයක් ඇතුළු විශේෂ වෛද්ය කණ්ඩායමක් ගුවන් යානය අසල සූදානම් කර තැබීමට ගුවන් තොටුපොළ බලධාරීන් කටයුතු කළා.
අනතුරුව මව සහ අලුත උපන් බිළිඳා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇති අතර එම මව සහ අලුත උපන් බිළිඳා යහපත් සෞඛ්ය තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ෴
ශ්රීලන්කන් ගුවන් සමාගමෙන් විශේෂ දැනුම්දීමක්
(19.10.2026 – hirunews.lk)
ශ්රීලන්කන් ගුවන් සේවයේ නාමය භාවිත කරමින් සිදුකරන වංචනික ක්රියාකාරකම්වලට හසු නොවන ලෙස එම ගුවන් සේවය මහජනතාවට දැනුම් දී තිබෙනවා.
ශ්රීලන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේ ගුවන් සේවයේ නාමයෙන් පෙනී සිටින ව්යාජ ජංගම යෙදුම් සහ සමාජ මාධ්ය ගිණුම් හරහා සිදුවිය හැකි මූල්ය වංචා සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි.
විශේෂයෙන්ම, WhatsApp ඇතුලු සමාජ මාධ්ය ඔස්සේ පළ කෙරෙන සැකසහිත දැන්වීම් සහ පණිවිඩවල සඳහන් සබැඳි හරහා ගෙවීම් සිදුකිරීමෙන් වළකින ලෙස එම ගුවන් සේවය අවධාරණය කරනවා.
එමෙන්ම, OTP අංක, බැංකු කාඩ්පත්වල PIN අංක සහ අනෙකුත් රහස්ය තොරතුරු කිසිදු පුද්ගලයෙකු සමඟ හුවමාරු කර නොගන්නා ලෙස ද දැනුම් දී තිබෙනවා.
ශ්රීලන්කන් ගුවන් සේවයේ නිල ජංගම යෙදුම බාගත කර ගැනීමේදී Apple App Store හෝ Google Play Store වැනි නිල යෙදුම් පමණක් භාවිත කරන ලෙස ද ගුවන් සේවය ජනතාවට උපදෙස් දී තිබෙනවා.
ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීමේදී හෝ වෙනත් ගනුදෙනු සිදුකිරීමේදී ශ්රීලන්කන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවියට පිවිසීම හෝ නිල පාරිභෝගික සේවා මාර්ග ඔස්සේ තොරතුරු තහවුරු කර ගැනීම සුදුසු බව ද එහි දක්වා තිබෙනවා.
වෙබ් අඩවි සහ සමාජ මාධ්ය ගිණුම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ද එම ගුවන් සේවය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටීනවා.
ශ්රී ලංකන් ගුවන් සමාගමේ ඔන්ලයින් ඇප් එකට සමාන මෘදුකාංගයක් නිර්මාණය කර ගුවන් ටිකට්පත් සඳහා සියයට පනහක (50%) ප්රතිලාභයක් ලබා දෙන බවට ප්රචාරය කරමින් මහජනතාවගේ මුදල් වංචා කිරීමේ මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධයෙන් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම හමුවේ ඉකුත් දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දැක්වුවා.
SLS ප්රමිති සහතික ලාංඡනය නොමැති PVC ජලනළ බට හා සන්ධි උපාංග අලෙවියට එරෙහිව දිවයිනේ දිස්ත්රික්ක 20 ක වැටලීම් 87 ක්
(19.10.2026 – hirunews.lk)
SLS ප්රමිති සහතික ලාංඡනය නොමැති PVC ජලනළ බට හා සන්ධි උපාංග අලෙවියට එරෙහිව දිවයිනේ දිස්ත්රික්ක 20 ක වැටලීම් 87 ක් සිදු කර 1,140ක් නඩු භාණ්ඩ ලෙස නිලධාරීන් භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
නිවාස, ගොඩනැගිලි සහ අනෙකුත් ජල සැපයුම් පද්ධති සඳහා භාවිත කරන PVC ජලනළ බට සහ සන්ධි උපාංග නියමිත ප්රමිතියෙන් යුක්ත වීම පාරිභෝගික ආරක්ෂාවට ඉතා වැදගත් වන බවත් විශේෂයෙන් පානීය ජලය සැපයීම සඳහා භාවිත කරන නළ පද්ධතිවල ගුණාත්මකභාවය, කල්පැවැත්ම සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අදාළ ශ්රී ලංකා ප්රමිති පිරිවිතර පිළිපැදීම අත්යවශ්ය වන බැවින් මෙම විශේෂ වැටලීම් සිදු කළ බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසා සිටියේ.
නීතියෙන් නිශ්චිතව ආවරණය වන PVC ජලනළ බට සහ සන්ධි උපාංග සඳහා SLS ප්රමිති සහතික ලාංඡනය තිබීම අනිවාර්ය වන බවත් එම ලාංඡනය නොමැතිව අදාළ භාණ්ඩ අලෙවි කිරීම හෝ අලෙවිය සඳහා ඉදිරිපත් කිරීම නීතිමය උල්ලංඝනයක් බවයි අධිකාරිය පවසා සිටියේ.
මෙම නීතිමය අවශ්යතාව උල්ලංඝනය කරමින් අනිවාර්ය SLS ප්රමිති සහතික ලාංඡනය නොමැති PVC ජලනළ බට සහ සන්ධි උපාංග වෙළෙඳපොළේ අලෙවි කරන බවට ලැබුණු තොරතුරු සහ සිදුකළ නිරීක්ෂණ පදනම් කරගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2026 ඔක්තෝබර් 13 සහ 14 යන දිනවල දිස්ත්රික්ක 20 ක් ආවරණය වන පරිදි විශේෂ වැටලීම් හා විමර්ශන වැඩසටහනක් ක්රියාත්මක කළ බවයි අධිකාරිය පවසා සිටියේ ෴
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴