කිලෝමීටර් 3,000 ක් එපිට ඉඳන් කළ මෙරට ප්රථම රොබෝ දුරස්ථ ශල්යකර්මය (22.10.2026)
රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත් ගැන නීතිඥ සංගමයෙන් දැඩි විරෝධය
(21.10.2026 – sinhala.adaderana.lk)
රජය විසින් මෑතකදී ගැසට් පත්රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA)’ සහ ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (OCB)’ සම්බන්ධයෙන් ශ්රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල සහ විරෝධය පළ කර තිබේ.
ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක් මඟින් පෙන්වා දී ඇත්තේ, මෙම පනත් කෙටුම්පත් මඟින් විධායකයට අධික බලතල ප්රදානය කෙරෙන අතර, පුද්ගල නිදහස ආරක්ෂා කිරීමේදී අධිකරණ අධීක්ෂණය දැඩි ලෙස සීමා කෙරෙන බවය.
- රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සම්බන්ධ ගැටලු
මීට පෙර සකස් කරන ලද කෙටුම්පතට සාකච්ඡා මාර්ගයෙන් එකඟ වූ කරුණු වෙනස් කරමින්, ගැසට් කරන ලද අවසන් පනත් කෙටුම්පත සකස් කර ඇති බව නීතිඥ සංගමය පෙන්වා දෙයි. එහි ඇති ප්රධාන අඩුපාඩු ලෙස පහත කරුණු පෙන්වා දී ඇත.
- අනිවාර්ය රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම – සැකකරුවන් සම්බන්ධයෙන් කරුණු ඇගයීමට මහේස්ත්රාත්වරයාට ඇති අභිමතානුසාරී බලය සීමා කරමින් රිමාන්ඩ් කිරීම අනිවාර්ය කර තිබීම.
- ඇප ලබා ගැනීමේ දැඩි සීමා – මහාධිකරණයෙන් පමණක් ඇප ලබා ගත හැකි වීම සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි වැරදිවලදී ඇප ලබා දීම සුවිශේෂී අවස්ථාවලට පමණක් සීමා වීම.
- අධිකරණ අනුමැතියකින් තොරව රඳවා ගැනීම් දීර්ඝ කිරීම – මුල් මාස දෙකෙන් ඔබ්බට රඳවා තබා ගැනීම සඳහා මහේස්ත්රාත් අනුමැතිය ලබා ගැනීමේ අවශ්යතාව ඉවත් කර තිබීම.
- මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම – මෙම පනත් කෙටුම්පත මඟින් ජනතාවගේ අදහස් ප්රකාශ කිරීමේ, රැස්වීමේ, සමාගමයේ සහ යාම් ඊම්වල නිදහස මෙන්ම වධහිංසාවලින් ආරක්ෂා වීමේ අයිතියට තර්ජනයක් එල්ල වන බැවින්, ශ්රී ලංකා නීතිඥ සංගමය විසින් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 121 වගන්තිය යටතේ ශ්රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ තීරණයක් ලබා ගැනීමේ පෙත්සමක් ගොනු කර ඇත.
- සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (OCB) සම්බන්ධ ගැටලු
කිසිදු මහජන උපදේශනයකින් තොරව හඳුන්වා දී ඇති මෙම පනත් කෙටුම්පත හරහා සුළු වැරදි පවා “දරුණු අපරාධ” ලෙස වර්ගීකරණය කර ඇති බව නීතිඥ සංගමය අවධාරණය කරයි.
- පුළුල් වපසරිය – බුද්ධිමය දේපළ, කතෘ හිමිකම් උල්ලංඝනය කිරීම්, සුරාබදු සහ වන සංරක්ෂණ වැරදි වැනි සාමාන්ය වැරදි පවා සංවිධානාත්මක අපරාධ ලෙස හැඳින්වීමේ අවදානමක් ඇත.
- අධිකරණ ක්රියාවලිය මඟ හැරීම – අමාත්යාංශ ලේකම්වරයාගේ නියෝග මත වසරක කාලයක් දක්වා පුද්ගලයන් රඳවා තබා ගැනීමට බලය ලැබීම සහ මහේස්ත්රාත්වරයා ඊට යටත් වීම.
- සාමකාමී විරෝධතා සහ සිවිල් සමාජය මර්දනය වීමේ අවදානම – වෘත්තීය සමිති ක්රියාකාරකම්, සාමකාමී විරෝධතා සහ තරුණ ප්රජාව අසාධාරණ ලෙස මෙම පනතේ බලපෑමට ලක් විය හැක.
- පොලිස් පාපෝච්චාරණ පිළිගැනීම – පොලිස් අත්අඩංගුවේදී ලබා ගන්නා ප්රකාශ සාක්ෂි ලෙස පිළිගැනීමට ඉඩ සලස්වා තිබීම මඟින් සැකකරුවන්ගේ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය අහිමි වේ.
ඒ අනුව ශ්රී ලංකා නීතිඥ සංගමය විසින් රජය සහ අදාළ පාර්ශ්ව වෙත පහත සඳහන් ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ :
- PSTA පනත් කෙටුම්පත ඉවත් කර ගැනීම හෝ කාරක සභා අවස්ථාවේදී සුදුසු සංශෝධන ගෙන ඒම.
- කාරක සභා වාර්තාව සහ එහි සිදු වූ වෙනස්කම්වලට හේතු ප්රසිද්ධ කිරීම.
- OCB පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීම සහ පුළුල් මහජන උපදේශනයකින් පසු පමණක් එවැනි නීති ඉදිරිපත් කිරීම.
- ත්රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA) ප්රමාදයකින් තොරව අහෝසි කිරීම.
නීතියේ ආධිපත්යය, මූලික අයිතිවාසිකම් සහ ප්රජාතන්ත්රවාදී වටිනාකම් සුරක්ෂිත කිරීම සඳහා නීතිඥ සංගමය අඛණ්ඩව පෙනී සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි
(21.10.2026 – hirunews.lk)
අධිකරණ නියෝග ක්රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබෙනවා.
අහිංසක පුද්ගලයින්ට එරෙහිව නිස්සාරණ ලෙස නඩු පැවරීම වැළැක්වීම සඳහා රටේ සියලුම පොලිස් නිලධාරීන් ආවරණය වන පරිදි චක්රලේඛයක් නිකුත් කරන ලෙසට මීට පෙර අධිකරණය ලබාදුන් නියෝගය ක්රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
ගම්පහ දෙවොලපොල, මාකන්දන ප්රදේශයේ පදිංචි චාමර චතුරංග මාරසිංහ නමැත්තාට එරෙහිව මත්ද්රව්ය ළඟ තබා ගැනීමේ චෝදනා යටතේ එකම දිනයක නඩු දෙකක් (2) පැවරීමේ සිද්ධිය මෙම නඩු කටයුත්තට පදනම් වී තිබෙනවා.
අදාළ නඩු දෙක සම්බන්ධයෙන් මීට පෙර කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා, එම නඩු පැවරීම නිස්සාරණ ලෙස සිදුකර ඇති බවට තීරණය කරමින්, අදාළ පොලිස් නිලධාරීන්ට සහ පොලිස් දෙපාර්තමේන්තුවට විත්තිකරුට වන්දි ගෙවන ලෙස නියෝග කර තිබුණා.
එමෙන්ම, මෙවැනි ආකාරයෙන් අහිංසක පුද්ගලයින්ට එරෙහිව නිස්සාරණ නඩු පැවරීම වැළැක්වීම සඳහා සියලුම පොලිස් නිලධාරීන් ආවරණය වන පරිදි චක්රලේඛයක් නිකුත් කරන ලෙසටද පොලිස්පතිවරයාට නියෝග කර තිබූ බව සඳහන්.
කෙසේ වෙතත්, අදාළ නියෝගය ක්රියාත්මක කිරීම වෙනුවට බස්නාහිර පළාත උතුර භාර නියෝජ්ය පොලිස්පතිවරයා විසින් ගම්පහ, කැලණිය සහ මීගමුව පොලිස් කොට්ඨාසවල නිලධාරීන් සඳහා නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
එය සලකා බැලූ මහේස්ත්රාත්වරයා, තමන් නියෝග කර තිබුණේ පොලිස්පතිවරයාට බව පෙන්වා දෙමින්, පළාත් මට්ටමින් උපදෙස් නිකුත් කිරීමෙන් අධිකරණ නියෝගය ඉටු නොවන බව අවධාරණය කළා.
පොලිසියේ ක්රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ මහේස්ත්රාත්වරයා, අධිකරණ නියෝගයකට පවා පොලිසිය මෙලෙස ප්රතිචාර දක්වන්නේ නම් අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් කවර කතාදැයි ප්රශ්න කර තිබෙනවා.
මේ අතර, අදාළ නඩු දෙක සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්රහයේ 17(1) වගන්තිය යටතේ කටයුතු නොකළ යුත්තේ මන්දැයි කරුණු විමසීමට අධිකරණයට කැඳවූ නිලධාරීන් පෙනී නොසිටීම සම්බන්ධයෙන්ද මහේස්ත්රාත්වරයා මීට පෙර සිය අප්රසාදය පළ කර තිබුණා.
ඒ අනුව, අධිකරණ නියෝග ක්රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න, ඔහුට එරෙහිව නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබෙනවා.
+
කිලෝමීටර් 3,000 ක් එපිට ඉඳන් කළ මෙරට ප්රථම රොබෝ දුරස්ථ ශල්යකර්මය (22.10.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴