ඥාණසාර හිමිට යලි සිවුර ඇන්දවීම බෞද්ධ චාරිත්රානුකූලව කල යුතු බව කියයි
ඥානසාර හිමිට නිදහස ඉල්ලන සත්යග්රහය අද 09 වන දිනටත් : සටන අත්නොහරින බව උලපනේ හිමි කියයි
භික්ෂූන් වහන්සේලා සම්බන්ධ අධිකරණ නියෝගය ගැන එජාපයෙන් ආණ්ඩුවට චෝදනා
විදුලි රැහැනක ගැටී පස් හැවිරිදි දරුවෙකු සහ දෙදරු පියෙකු මරුට
නිට්ටඹුව නගරයේ යන්ත්රෝපකරණ සහ විදුලි උපකරණ අලෙවිසලක ගින්නක්
දේශපාලන දැනුම මනිමු – 02 (22.10.2026)
දැන් ඉන්නේ බයිසිකල් පැදපු නාමල් නෙමේ. (23.10.2026)
මත්ද්රව්ය බවට සැකකෙරෙන උර තොගයක් මාතර තලල්ල වෙරළේ
විදෙස්ගත ශ්රී ලාංකිකයන්ගේ රියදුරු බලපත්ර ගැන පැහැදිලි කිරීමක්
ඥාණසාර හිමිට යලි සිවුර ඇන්දවීම බෞද්ධ චාරිත්රානුකූලව කල යුතු බව කියයි
(24.10.2026 – lankacnews.com)
බන්ධනාගාර නිලධාරීන් විසින් ඉවත් කරනු ලැබූ, බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය යළි උන්වහන්සේ වෙත පැළඳවීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා පැවසීය.
ඉස්ලාම් දහමට සහ ශුද්ධ වූ කුරානයට අපහාස වන අයුරින් ප්රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්රහය යටතේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා මෙම ප්රකාශය සිදු කළේය.
මෙහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්යෙෂ්ඨ නීතිඥ අශෝක වීරසූරිය මහතා කරුණු දක්වමින් කියා සිටියේ, බන්ධනාගාර රෙගුලාසි උල්ලංඝනය නොවන අයුරින් බෞද්ධ සම්ප්රදායානුකූලව ඥානසාර හිමියන්ට චීවරය පැළඳවීම සඳහා කෝට්ටේ මහානායක හිමිපාණන් වහන්සේ විසින් බන්ධනාගාර බලධාරීන් වෙත මීට පෙර ලිඛිත ඉල්ලීමක් කර තිබූ බවයි.
එහෙත් බන්ධනාගාර බලධාරීන් එම ඉල්ලීමට මෙතෙක් කිසිදු ප්රතිචාරයක් දක්වා නොමැති බව ද නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසීය.
“මම බෞද්ධයෙකු නොවුණත්, බෞද්ධ ආගමික වතාවත්වල දෘෂ්ටිකෝණයෙන් බලන විට මෙය ඉතා සාධාරණ ඉල්ලීමක්. මගේ සේවාදායකයා සංවිධානාත්මක අපරාධකරුවෙකු නොවේ,” යනුවෙන් ජ්යෙෂ්ඨ නීතිඥවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම සිදුවීම මුල් කරගනිමින් බන්ධනාගාරය තුළ මෙන්ම ඉන් පිටත ද ඇතිව තිබෙන නොසන්සුන්කාරී වාතාවරණය සහ ඇතිවිය හැකි ගැටුම්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, විත්තිකරු ඉලෙක්ට්රොනික තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන බව බන්ධනාගාර බලධාරීන් මීට දින දෙකකට පෙර මෝසමක් මගින් අධිකරණයට දන්වා තිබූ බව විනිසුරුවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ අනුව, අධිකරණ කටයුතු සඳහා අවශ්ය නිසි ඉලෙක්ට්රොනික තාක්ෂණික උපකරණ සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඥානසාර හිමියන් ‘වට්ස්ඇප්’ වීඩියෝ ඇමතුමක් ඔස්සේ අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.
විත්තිය විසින් ඉල්ලා සිටින සහනය පිළිබඳව ප්රශ්න කළ විනිසුරුවරයා, චීවරය යළි පෙරවීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට නීතිමය ප්රතිපාදන නොමැති බව පෙන්වා දුන්නේය.
මෙවැනි ඉල්ලීමක් පූර්වාදර්ශයක් කොට සලකා බැලුවහොත්, බන්ධනාගාරගතව දඬුවම් විඳින අනෙකුත් සියලුම භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් ද එම තත්ත්වය ගැටලු සහගත ලෙස බලපාන බව විනිසුරුවරයා අවධාරණය කළේය.
“විවිධ වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතව දඬුවම් විඳින තවත් භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් සිටිනවා. එවිට එම සියලුම හිමිවරුන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට පෙර මහානායක හිමිවරුන් ලවා යළි සිවුරු පෙරවිය යුතුද?” යනුවෙන් විනිසුරුවරයා විමසා සිටියේය.
මේ අතර, 2024 අංක 50 දරන අපරාධ නඩු විධාන සංග්රහ (සංශෝධන) පනත යටතේ වරද පිළිගැනීමේ එකඟතාවයකට එළැඹීමේ හැකියාවක් පවතින්නේ ද යන්න පිළිබඳව ඉදිරි නඩු දිනයේදී කරුණු දක්වන ලෙස දෙපාර්ශ්වයටම නියෝග කළ විනිසුරුවරයා, නඩුව නැවත ජනවාරි 29 වැනිදා කැඳවීමට නියම කළේය.
මෙම නඩුවේදී විත්තිකරු වෙනුවෙන් ජ්යෙෂ්ඨ නීතිඥ අශෝක වීරසූරිය මහතා සමඟ නීතිඥ සංජය මාරඹේ සහ පසන් කරුණාරත්න යන මහත්වරුන් පෙනී සිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ සුපුන් රණසිංහ මහතා පෙනී සිටියේය ෴
ඥානසාර හිමිට නිදහස ඉල්ලන සත්යග්රහය අද 09 වන දිනටත් : සටන අත්නොහරින බව උලපනේ හිමි කියයි
(24.10.2026 – hirunews.lk)
සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ පිරිසක් කොළඹ විහාර මහාදේවි උද්යානයේ ආරම්භ කළ සත්යග්රහය අද (24) ක්රියාත්මක වන්නේ 9 වන දිනටයි.
මේ අතර, විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේලාට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දුන් ආඥාව වෙනස් කළ නොහැකි බව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංක එස්. බෝදරගම ඊයේ ප්රකාශ කළා.
ඒ, එම නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ ඉදිරිපත් කළ මෝසම සළකා බැලීමෙන් අනතුරුවයි.
එමෙන්ම අධිකරණ නියෝගය කියවා දුන් පසුවත් එම ප්රදේශයේ පිරිස රැඳී සිටින බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ගොනු කළ මෝසම ද මහේස්ත්රාත්වරයා ප්රතික්ෂේප කළා.
මේ අතර, පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය අසලට කළ උද්ඝෝෂණයේ වගඋත්තරකරුවන් කරමින් නම් කර තිබූ භික්ෂූන් වහන්සේ එම පාගමනට පැමිණ නොමැති නම් ඒ බව ඉහළ අධිකරණයට දැනුම් දී අවශ්ය පියවර ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන ඊයේ නියෝග කළා.
ඒ, භික්ෂූන් වහන්සේ කිහිප නමක් පාගමනට එක් නොවූවද ඔවුන්ගේ නම් කොටුව පොලිසිය විසින් දෝෂ සහිතව ඇතුළත් කර ඇති බව භික්ෂූන් වහන්සේ පිරිසක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කළ දැනුම් දීමකට අනුවයි.
එවැනි පසුබිමක ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටි භික්ෂූන් වහන්සේලාට එරෙහිව ගත් උසාවි නියෝගයට ඇතුළත් කර තිබූ හිමිවරුන්ගේ නම් ඒ නියෝගයෙන් ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණය මගින් හිතාමතාම බරපතල වරදක් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පවසන්නේ උසාවි නියෝගයට නම් ඇතුළත් කළ ඇතැම් භික්ෂූන් වහන්සේ මෙම ක්රියාවට සම්බන්ධ වී නොසිටි බවයි.
මුලින් නම් ඇතුළත් කර පසුව එම නම් ඉවත් කරගැනීම උසාවිය හිතාමතාම නොමග යැවීමක් බවත් රජය සැමවිටම බුද්ධාගමටත්, ගරුතර මහා සංඝරත්නයටත් පහර ගැසීමට උත්සාහ කරන බවත් එම නිවේදනයේ සඳහන්.
මේ අතර, සත්යාග්රහය පැවැත්වෙන ස්ථානයට ඊයේ (23) පැමිණි පූජ්ය උලපනේ සුමංගල හිමියන් කියා සිටියේ මෙම සත්යාග්රහය කුමන බාධක පැමිණියද ඥානසාර හිමි නිදහස් කරනතුරු අඛණ්ඩව ක්රියාක්මක කරන බවයි ෴
භික්ෂූන් වහන්සේලා සම්බන්ධ අධිකරණ නියෝගය ගැන එජාපයෙන් ආණ්ඩුවට චෝදනා
(23.10.2026 – sinhala.adaderana.lk)
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස පතා මහනුවර සිට පාගමනින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටි භික්ෂූන් වහන්සේලා සම්බන්ධ අධිකරණ නියෝගයකට ඇතුළත් කර තිබූ හිමිවරුන්ගේ නම් පසුව ඉවත් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම පක්ෂය සඳහන් කර ඇත්තේ මෙලෙස නම් ඉවත් කිරීම තුළින් හිතාමතාම බරපතළ වරදක් සිදුකර ඇති බවය.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ අදාළ ක්රියාදාමයට සම්බන්ධ නොවූ භික්ෂූන් වහන්සේලාගේ නම් පවා මුලින් අධිකරණ නියෝගයට ඇතුළත් කර තිබූ බවය.
එලෙස නම් ඇතුළත් කිරීමට හේතු වූ කරුණු මොනවාදැයි ප්රශ්න කරන එක්සත් ජාතික පක්ෂය, පසුව එම නම් ඉවත් කරගැනීම අධිකරණය නොමඟ යැවීමක් බවට ද චෝදනා කර තිබේ.
භික්ෂූන් වහන්සේලාගේ නම් අදාළ නියෝගයෙන් ඉවත් කිරීම තුළින් ඔවුන්ගේ ක්රියාකාරකම් ආරක්ෂාවට තර්ජනයක් නොවන බව තහවුරු වන බව ද එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මේ අතර, වත්මන් ආණ්ඩුව නියෝජනය කරන පිරිස් මීට පෙර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවති අරගලයට සහ විරෝධතාවලට සහයෝගය ලබාදුන් බව සිහිපත් කරන එක්සත් ජාතික පක්ෂය, එදා එම විරෝධතාවලට සහාය දුන් පිරිස් අද ඊට ප්රතිවිරුද්ධ ක්රියාමාර්ග අනුගමනය කරන්නේ කෙලෙසදැයි ප්රශ්න කර තිබේ.
මේ අතර වත්මන් ආණ්ඩුව බුද්ධාගමට සහ මහා සංඝරත්නයට එරෙහි ක්රියාමාර්ග අනුගමනය කරන බවට ද එම පක්ෂය සිය නිවේදනය මගින් චෝදනා කර ඇත.
ආණ්ඩුවේ මෙම ක්රියාපිළිවෙත දැඩි ලෙස හෙළා දකින බවත්, බුද්ධ ශාසනයට සහ භික්ෂූන් වහන්සේලාට හානි කිරීමට කිසිදු ලෙසකින් නොදෙන බවත් එක්සත් ජාතික පක්ෂය සිය නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ ෴
විදුලි රැහැනක ගැටී පස් හැවිරිදි දරුවෙකු සහ දෙදරු පියෙකු මරුට
(23.10.2026 – hirunews.lk)
අරලගන්විල, ඇල්ලේවැව, දයාසිරිගම ප්රදේශයේ නිවසක් වටා වන අලි තර්ජනයෙන් ආරක්ෂා වීම සඳහා ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් පස් හැවිරිදි (5) දරුවෙකු සහ 41 හැවිරිදි දෙදරු පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අරලගන්විල පොලිසිය සඳහන් කළේ අද (23) පෙරවරු 09:30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.
මියගිය දරුවා ජාඇල, දළුගම ප්රදේශයේ පදිංචිකරුවකු වන අතර, ඔහු සිය පවුලේ සාමාජිකයන් සමඟ දයාසිරිගම ප්රදේශයේ නිවසක නවාතැන් ගෙන සිට තිබෙනවා.
දරුවා නිවසේ මිදුලේ තවත් දරුවකු සමඟ සෙල්ලම් කරමින් සිටියදී නිවස වටා ඇද තිබූ විදුලි රැහැනක ගැටී ඇති බව සඳහන්.
එම අවස්ථාවේ දරුවාගේ ජීවිතය බේරාගැනීමට ඉදිරිපත් වූ නිවසේ හිමිකරු වන 41 හැවිරිදි දෙදරු පියාට ද විදුලි සැර වැදී බරපතළ තුවාල සිදුව තිබෙනවා.
පසුව ඔහු දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් අරලගන්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴
නිට්ටඹුව නගරයේ යන්ත්රෝපකරණ සහ විදුලි උපකරණ අලෙවිසලක ගින්නක්
(23.10.2026 – hirunews.lk)
නිට්ටඹුව නගරයේ පිහිටි යන්ත්රෝපකරණ සහ විදුලි උපකරණ අලෙවිසලක අද (23) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 2 ක් යොදා ඇති බවයි නිට්ටඹුව පොලිසිය සඳහන් කරන්නේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිදුවූ දේපල හානි පිළිබඳව ද මෙතෙක් අනාවරණය වී නොමැත.
+++
+
දේශපාලන දැනුම මනිමු – 02 (22.10.2026)
+
දැන් ඉන්නේ බයිසිකල් පැදපු නාමල් නෙමේ. (23.10.2026)
+
මත්ද්රව්ය බවට සැකකෙරෙන උර තොගයක් මාතර තලල්ල වෙරළේ
(24.10.2026 – sinhala.adaderana.lk)
මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් මාතර, තලල්ල, නාඔරුන්න වෙරළේ තිබී අද (24) උදෑසන සොයාගෙන තිබේ.

නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මෙම උර තොගය හමුවූ බව නාවික හමුදාව පවසයි.
මෙහිදී මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර 10 ක් සහ ගමන් මළු 11 ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
+++
+++
(24.10.2026 – hirunews.lk)
මාතර, තලල්ල වෙරළ තීරයේදී අත්අඩංගුවට ගන්නා ලද අයිස් සහ හෙරොයින් මත්ද්රව්ය තොගයේ බර කිලෝග්රෑම් 500 ට අධික බව ආරක්ෂක නියෝජ්ය අමාත්ය අරුණ ජයසේකර පවසනවා.
මාතර – තලල්ල වෙරළ තීරයෙන් උර 10 ක සහ ගමන් මලු 11 ක තිබී හමුවූ මත්ද්රව්ය තොගය අයිස් සහ හෙරොයින් බවට පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය විසින් තහවුරු කරගෙන තිබෙනවා.
ඩිංගි යාත්රාවකින් මෙරටට ගෙන එනු ලැබූ මත්ද්රව්ය බවට සැක කරන උර තොගයක් අද (24) අලුයම මාතර – තලල්ල වෙරළ තීරයේදී නාවික හමුදාව විසින් සොයාගෙන තිබුණේ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ කරනු ලැබූ ඒකාබද්ධ මෙහෙයුමකදීයි ෴
විදෙස්ගත ශ්රී ලාංකිකයන්ගේ රියදුරු බලපත්ර ගැන පැහැදිලි කිරීමක්
(23.10.2026 – sinhala.adaderana.lk)
විදේශගත ශ්රී ලාංකික පුරවැසියන්ට මෙරට තුළ රියදුරු බලපත්ර ලබාගැනීමේ සහ භාවිත කිරීමේ ක්රියාවලිය සම්බන්ධයෙන් ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය.
අමාත්යවරයා පෙන්වා දුන්නේ ශ්රී ලාංකික පුරවැසියෙකුට දැනටමත් ලංකාවේ නිකුත් කළ රියදුරු බලපත්රයක් පවතින්නේ නම්, විදේශගතව සිට නැවත මෙරටට පැමිණෙන අවස්ථාවලදී එම බලපත්රය භාවිත කරමින් කිසිදු බාධාවකින් තොරව නීත්යානුකූලව වාහන ධාවනය කිරීමට හැකියාව පවතින බවය.
එමෙන්ම විදේශගතව සිටින අවස්ථාවකදී යම් ශ්රී ලාංකිකයෙකු සිය ලංකාවේ රියදුරු බලපත්රය අදාළ විදේශ රටට භාරදී එම රටේ රියදුරු බලපත්රයක් ලබාගෙන තිබේ නම්, නැවත මෙරටට පැමිණි පසු අදාළ ලේඛන ඉදිරිපත් කර රියදුරු බලපත්රය නැවත ලබාගැනීමට හැකියාව පවතින බව ද අමාත්යවරයා සඳහන් කළේය.
යම් හෙයකින් විදේශගතව සිටින ශ්රී ලාංකිකයෙකුගේ මෙරට රියදුරු බලපත්රය නැතිවී ඇත්නම්, සාමාන්ය ක්රමවේදයට අනුව පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කර නව බලපත්රයක් සකස් කරගැනීමට අවස්ථාව සැලසෙන බව ද අමාත්යවරයා පැවසීය.
ඒ අනුව, ශ්රී ලාංකික පුරවැසියන්ට අනවශ්ය ලෙස අමතර මුදල් වියදම් කිරීමකින් තොරව තමන්ගේ නීත්යානුකූල පුරවැසි අයිතිය යටතේ රියදුරු බලපත්ර පහසුකම් ලබාගැනීමට හැකියාව පවතින බව අමාත්ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
එහිදී අදහස් දැක්වූ අමාත්යවරයා,
“විදේශගතව සිටින ශ්රී ලාංකික පුරවැසියන්ට ලංකාවේ නිකුත් කළ රියදුරු බලපත්රයක් තිබෙනවා නම්, ඔවුන් මෙරටට පැමිණි පසු කිසිදු බාධාවකින් තොරව එම බලපත්රයෙන් වාහන ධාවනය කරන්න පුළුවන්. දෙවැන්න, ශ්රී ලාංකික පුරවැසියෙකු විදේශගතව සිටින විට එම රටේ රියදුරු බලපත්රය ලබාගැනීමට ලංකාවේ බලපත්රය එරටට භාරදී තිබේ නම්, නැවත මෙරටට පැමිණි පසු අදාළ ලේඛන ඉදිරිපත් කර සාමාන්ය ශ්රී ලාංකික පුරවැසියෙකු ලෙස මෙරට බලපත්රයක් ලබාගන්න පුළුවන්. එමෙන්ම විදේශගත ශ්රී ලාංකිකයෙකුගේ ලංකාවේ රියදුරු බලපත්රය නැතිවී තිබේ නම්, සාමාන්යයෙන් රියදුරු බලපත්රයක් නැතිවූ විට සිදුකරන ආකාරයට පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කර නව බලපත්රයක් සාදාගැනීමට හැකියාව තියෙනවා. ඒ නිසා ෆින්ලන්තයේ, කුවේට් හි හෝ වෙනත් ඕනෑම රටක සිට පැමිණෙන ශ්රී ලාංකිකයෙකුට අදාළ ලේඛන ඉදිරිපත් කර ලංකාවේ සාමාන්ය පුරවැසියෙකු ලෙස මෙරට රියදුරු බලපත්ර පහසුකම් ලබාගන්න පුළුවන්. අනවශ්ය ලෙස අමතර මුදල් ගෙවන්න ඕන නැහැ, තමන්ගේ ශ්රී ලාංකික පුරවැසි අයිතියෙන්ම නීත්යානුකූලව වාහන ධාවනය කරන්න පුළුවන්.”
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴