හෝමාගම පොලිස් සිර මැදිරියේ සිටි තරුණයෙකු මියයෑම ගැන ඥාතීන්ගෙන් චෝදනා

හෝමාගම පොලිස් සිර මැදිරියේ සිටි තරුණයෙකු මියයෑම ගැන ඥාතීන්ගෙන් චෝදනා

නාමල් හිරේ දින 50 යි ! (25.10.2026)

අනුර දන්නෙත් නෑ අනුරාධපුරේ වෙන්නෙ මොකක්ද කියලා – පෙළපාලි යන එවුන්ම අන්තිමට අනිත් පැත්ත හැරෙනවා (25.10.2026)

රුවන්මැලි සෑය ස්මාරකයක් කළ කල්වාරියා… මුං නං කල්ලතෝනිම තමයි (25.10.2026)

පරංගි ආණ්ඩුවට එරෙහිව තව තවත් කවි ගී නිර්මාණ එළියට එයි (25.10.2026)

මර්දනය නවත්වනකන් අපි වස්කවි නවත්වන්නෙත් නෑ (25.10.2026)

අනුරාධපුරය අහිමි වෙයිද? ඉන්දියාව ස්පොන්සර් කරන සැලැස්ම මෙන්න (25.10.2026)

අනුර කුමාර බෞද්ධයෙක් උනා නම් මේ ප්‍රශ්ණ නෑ (25.10.2026)

සිහිනය හැරදා නැගිටිනු රාවණා – කැලුම් ජයසුමන (25.10.2026)


හෝමාගම පොලිස් සිර මැදිරියේ සිටි තරුණයෙකු මියයෑම ගැන ඥාතීන්ගෙන් චෝදනා

(25.10.2026 – hirunews.lk)

හෝමාගම මූලස්ථාන පොලිසියේ අත්අඩංගුවේ සිටි තරුණයෙකුට පහරදී ඝාතනය කර ඇති බවට ඔහුගේ ඥාතීන් චෝදනා කරනවා.

අද (25) අලුයම් කාලයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රඳවා සිටි මෙම තරුණයා මියගොස් ඇත්තේ පොලිස් නිලධාරීන්ගේ පහරදීම හේතුවෙන් බවයි ඥාතීන් පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව, මුනමලේවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි එක්දරු පියෙකු වන ‘ෆැන්සිස් දුරගේ ඉෂාර හර්ෂ කුමාර’ නමැත්තායි.

අද (25) උදෑසන ඔහු බැලීම සඳහා ඥාතීන් හෝමාගම මූලස්ථාන පොලිසියට ගොස් තිබෙන අතර, එහිදී අපරාධ විමර්ශන අංශයට රැගෙන ගොස් සිටි තරුණයා පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු (4) විසින් ඔසවාගෙන පැමිණි බවත්, ඔහුට පහරදී තිබූ බවත් ඥාතීන් චෝදනා කරනවා.

පසුව පොලිස් සිර මැදිරියේ වැතිර සිටි තරුණයා ඥාතීන්ගේ ඉල්ලීම මත හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය කටයුතු කර තිබෙන අතර, කෙසේ වෙතත්, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවයි ඥාතීන් පවසන්නේ.

තම ඥාතියාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටින ඔවුන්, හෝමාගම මූලික රෝහල් භූමියේදී කලබලකාරී ලෙස හැසිරීමෙන් රෝහල් භූමියේ දැඩි උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙන බවත් වාර්තා වෙනවා.

+++

+++

+


නාමල් හිරේ දින 50 යි ! (25.10.2026)

+


අනුර දන්නෙත් නෑ අනුරාධපුරේ වෙන්නෙ මොකක්ද කියලා – පෙළපාලි යන එවුන්ම අන්තිමට අනිත් පැත්ත හැරෙනවා (25.10.2026)

+


රුවන්මැලි සෑය ස්මාරකයක් කළ කල්වාරියා… මුං නං කල්ලතෝනිම තමයි (25.10.2026)

+


පරංගි ආණ්ඩුවට එරෙහිව තව තවත් කවි ගී නිර්මාණ එළියට එයි (25.10.2026)

+


මර්දනය නවත්වනකන් අපි වස්කවි නවත්වන්නෙත් නෑ (25.10.2026)

+


අනුරාධපුරය අහිමි වෙයිද? ඉන්දියාව ස්පොන්සර් කරන සැලැස්ම මෙන්න (25.10.2026)

+


අනුර කුමාර බෞද්ධයෙක් උනා නම් මේ ප්‍රශ්ණ නෑ (25.10.2026)

+


සිහිනය හැරදා නැගිටිනු රාවණා – කැලුම් ජයසුමන (25.10.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤