හෝමාගම පොලිසිය භාරයේ සිටි සැකකරුවෙකු මියයෑමේ සිද්ධිය – මියගිය සැකකරුගේ ඥාතීන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

හෝමාගම පොලිසිය භාරයේ සිටි සැකකරුවෙකු මියයෑමේ සිද්ධිය – මියගිය සැකකරුගේ ඥාතීන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

රුවන්වැලිමහසෑ ස්මාරකය මාලිමාවට ආයෙත් ශාප වෙයිද ? (26.10.2026)

ස්මාරකවලට වඳින්නේ නෑ කියලා නොදන්න විශ්වවිද්‍යාල ගුරා (26.10.2026)

කට්ටිය සෙට් කරලා, කියලා අත වනාගෙන මාර ආතල් එකක්නේ ගන්නෙ (26.10.2026)

මේ ආණ්ඩුවේ අසමත්කම වහගන්නෙ රාජපක්ෂලාට මුවාවෙලා… නාමල් රාජපක්ෂ ලියයි (26.10.2026)

හෝමාගම පොලීසිය තරුණයාව රඳවාගෙන ඇත්තේ නීතිවිරෝධීව (26.10.2026)

ආන්ඩුවෙ ගෑස් ඇප් එක ඩවුන්ලෝඩ් වෙනවද ? (26.10.2026)

භික්ෂු සටන පාවාදුන්නද, පැරදුනාද? (26.10.2026)

‘රොඩී කැම්පේන්’ රජාට අදින්න ගිහින් රෙද්ද බිම වැටීම (26.10.2026)

සදාචාරයක් නැති ධම්මිකලාගේ සේරිවාණිජ කළු ව්‍යාපාර වල ඇතුලාන්තය මෙන්න (26.10.2026)


හෝමාගම පොලිසිය භාරයේ සිටි සැකකරුවෙකු මියයෑමේ සිද්ධිය – මියගිය සැකකරුගේ ඥාතීන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

(26.10.2026 – sinhala.adaderana.lk)

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටියදී මියගිය ඉෂාර හර්ෂ කුමාරගේ ඥාතීන් මානව හිමිකම් කොමිෂන් සභාවට අද (26) පැමිණිල්ලක් සිදු කර තිබේ.

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් හෝමාගම පොලිසියේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයාමේ සිදුවීමක් ඊයේ (25) වාර්තා වුණි.

කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි ‘ඉෂාර හර්ෂ කුමාර’ නමැති 29 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිස් සිර මැදිරියෙහි රඳවා සිට ඇති අතර එහිදි ඔහු පොලිස් පහරදීමට ලක්ව ඇති බවට ඥාතීන් චෝදනා කළේය.

පසුව ඥාතීන්ගේ ඉල්ලීම මත සැකකරු හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබුණ ද එහිදි ඔහු මියගොස් තිබුණි.

මේ සම්බන්ධයෙන් පොලීසිය සඳහන් කළේ, වැටලීමක් අතරතුර හෝමාගම පොලීසියට රැගෙන ආ සැකකරුවකු හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසුව මියගිය බවයි.

මේ අතර මෙම සිදුවීමට අදාළව කඩිනම් හා ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති, උපපොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවා තිබේ ෴


රුවන්වැලිමහසෑ ස්මාරකය මාලිමාවට ආයෙත් ශාප වෙයිද ? (26.10.2026)

+


ස්මාරකවලට වඳින්නේ නෑ කියලා නොදන්න විශ්වවිද්‍යාල ගුරා (26.10.2026)

+


කට්ටිය සෙට් කරලා, කියලා අත වනාගෙන මාර ආතල් එකක්නේ ගන්නෙ (26.10.2026)

+


මේ ආණ්ඩුවේ අසමත්කම වහගන්නෙ රාජපක්ෂලාට මුවාවෙලා… නාමල් රාජපක්ෂ ලියයි (26.10.2026)

+


හෝමාගම පොලීසිය තරුණයාව රඳවාගෙන ඇත්තේ නීතිවිරෝධීව (26.10.2026)

+


ආන්ඩුවෙ ගෑස් ඇප් එක ඩවුන්ලෝඩ් වෙනවද ? (26.10.2026)

+


භික්ෂු සටන පාවාදුන්නද, පැරදුනාද? (26.10.2026)

+


‘රොඩී කැම්පේන්’ රජාට අදින්න ගිහින් රෙද්ද බිම වැටීම (26.10.2026)

+


සදාචාරයක් නැති ධම්මිකලාගේ සේරිවාණිජ කළු ව්‍යාපාර වල ඇතුලාන්තය මෙන්න (26.10.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤