පොලිස් භාරයේ සිටි තරුණයා මියයාමේ සිදුවීමට හෝමාගම අපරාධ අංශ OIC අත්අඩංගුවට

පොලිස් භාරයේ සිටි තරුණයා මියයාමේ සිදුවීමට හෝමාගම අපරාධ අංශ OIC අත්අඩංගුවට

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් තරුණ සේවා සභාවේ හිටපු සභාපති නීතීඥ ලලිත් පියුම් පෙරේරාට ඇප

රු. කෝටි 6 කට අධික මත්ද්‍රව්‍ය තොගයක් තැපැල් හුවමාරුවේදී අල්ලයි

මහ බැංකුවෙන් තවත් තහනම් පිරමීඩ ජාවාරම් 27 ක් නම් කෙරේ

වාහන හතක් (7) මතට මාර ගසක් කඩාවැටේ

අනුරට ඒ ජනාදරයට කිට්ටු වෙන්නවත් බෑ… ජේවීපීකාරයො බය මේ තිත්ත ඇත්ත දන්න නිසයි (28.10.2026)

‘බෝන් අගේන්’ වගේ කතා තනිකර බොරු කියලයි මේ කියන්නෙ (28.10.2026)

ලූලා කළු සල්ලි සුදු කරපු ඒවටත් බිමල්ලා අත්පුඩි ගහනවද ? (28.10.2026)

හෝමාගම තරුණයාගේ මරණයට SI ගුරුසිංහ අල්ලයි! OICට මාරුවක්! ගල්කිස්සේ ද්විත්ව ඝාතනය අංජුගේ වැඩක්! (28.10.2026)

ඉල්ලා අස්වෙන්න නැත්නම් වාදෙට එන්න – විපක්ෂයෙන් අභියෝගයක් (28.10.2026)

හෝමාගම පොලිස් ඝාතනය (28.10.2026)

කාශ්‍යප හිමි අත්ඩංගුවට ? පැලවත්තෙ තීරණයක් (28.10.2026)

මහානායක හිමිවරුන්ගේ ලිපියට ආණ්ඩුවෙන් ගැසූ පහර (28.10.2026)

‘අලුත් පාර්ලිමේන්තුව’ – ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත – 2026.10.28


පොලිස් භාරයේ සිටි තරුණයා මියයාමේ සිදුවීමට හෝමාගම අපරාධ අංශ OIC අත්අඩංගුවට

(28.10.2026 – hirunews.lk)

පොලිසිය භාරයේ සිටියදී තරුණයෙකු මියයාමේ සිද්ධියට අදාලව හෝමාගම පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිදුවීමට අදාළ විමර්ශන කඩිනම් කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය විසින් කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය වෙත නියෝග නිකුත් කර තිබුණා.

ඒ එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා පවුලේ ඥාතීන් ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් එක්ව මොස්මක් මගින් ගොනුකර තිබූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීයි ෴


දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් තරුණ සේවා සභාවේ හිටපු සභාපති නීතීඥ ලලිත් පියුම් පෙරේරාට ඇප

(28.10.2026 – hirunews.lk)

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් තරුණ සේවා සභාවේ හිටපු සභාපති නීතීඥ ලලිත් පියුම් පෙරේරා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (28) නියෝග කළා.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස ද අධිකරණයෙන් නියෝග නිකුත් වුණා.

සිද්ධියට අදාල සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙස ද නියෝග කළා.

රජයේ ඉඩමක් නියමිත ක්‍රමවේදයකින් තොරව ලබාගෙන රජයට රුපියල් ලක්ෂ පනහකට (50) අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ නිතී අනුෂා සම්බන්ධප්පෙරුම පවසා සිටියේ අම්පාර ප්‍රදේශයේ මෙම ඉඩමට අදාලව අතුරු බදු ගෙවීමක් කර රජයට පාඩුවක් සිදු කර ඇති බවයි.

“ස්වාමීනි, අම්පාර දිස්ත්‍රික්කයේ සාපුර ගමේ පිහිටි ඉඩමක් හා එහි පිහිටි ගොඩනැගිල්ලක් රජයේ ඉඩමක් බවට අඟවා අතුරු බදු ගිවිසුම් සකස් කර එය ජාතික තරුණ සේවා සභාව වෙත බදු පදනමින් ලබා ගෙන ඒ සඳහා තුන්වන පාර්ශ්වයක් වෙත අයුතු සහගත හා නීති විරෝධී ලෙස තරුණ සේවා සභාවේ මුදලින් රුපියල් ලක්‍ෂ 38 ක් ගෙවීම සිදු කර තිබෙනවා. තවද අධ්‍යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව එකී ගොඩනැගිල්ල අළුත්වැඩියාව සඳහා තරුණ සේවා සභාවේ මුදලින් රු. ලක්ෂ 13 ක් අයුතු සහගත ලෙස ගෙවීමට සැලැස්වීම මගින් රජයට රු. 5,100,000 මුදලක් පාඩුවක් සිදුකර තිබෙනවා. ඒ අනුව ඇප ලබා දීමට විරුද්ධතාවය දක්වනවා.”

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණයට කරුණු දක්වමින් තම සේවාදායකයා ඇප මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා ෴


රු. කෝටි 6 කට අධික මත්ද්‍රව්‍ය තොගයක් තැපැල් හුවමාරුවේදී අල්ලයි

(28.10.2026 – hirunews.lk)

රුපියල් හය කෝටි දෙලක්ෂ හැට පන් දහසක් (6,02,65,000) වටිනා මත්ද්‍රව්‍ය තොගයක් , ගුවන් තැපැල් පාර්සල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (28) දින දහවල් අත්අඩංගුවට ගනුන ලැබ තිබෙනවා.

තායිලන්තය , ස්පාඤ්ඤය , එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල ව්‍යාජ ලිපිනයන් වෙත , කුෂ් , හෂීෂ් , කොකේන් සහ එක්ස්ටැසී යන මත්ද්‍රව්‍ය පාර්සල් 09 ක් තුළ අසුරා එවා තිබුණි.

මෙම පාර්සල් භාර ගැනීමට කිසිවෙකු නොපැමිණීම නිසා , එම ලිපිනයන් පිළිබද සොයා බැලීමේ දී , ඒවා ව්‍යාජ ලිපිනයන් බවට කරුණු අනාවරණය වීම නිසා , ඒවා අද (28) දින දහවල් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සහ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරිපිට විවෘත කිරීම සිදු කෙරුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එලෙස අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය, මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ ෴


මහ බැංකුවෙන් තවත් තහනම් පිරමීඩ ජාවාරම් 27 ක් නම් කෙරේ

(28.10.2026 – hirunews.lk)

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් 1988 අංක 30 දරන බැංකු පනතේ (සංශෝධිත) 83(ඇ) වගන්තිය යටතේ සමාගම්, ජංගම දුරකථන යෙදුම් (Apps) සහ ඊට සම්බන්ධ ආයතන 27 ක් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මහ බැංකුව විසින් මහජනතාව දැනුවත් කිරීම සඳහා නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ, පුළුල් විමර්ශනයකින් අනතුරුව ‘මැක්ස් ඇප් මීඩියා’ (Max App Media Ltd.) සමාගම, එහි අනුබද්ධිත ‘මැක්ස් එල්කේ’ (Max LK (Pvt) Ltd.) සහ ‘මැක්ස් මීඩියා ලංකා’ (Max Media Lanka (Pvt) Ltd.) යන සමාගම් විසින් තහනම් පිරමීඩ ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇති බවට තහවුරු වී ඇති බවයි.

ඒ අනුව, ඉහත සඳහන් කළ නීතිමය විධිවිධාන යටතේ තවත් සමාගම්, යෙදුම් සහ ආයතන රැසක් ද තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ලෙස හඳුනාගෙන ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙම විධිවිධානය යටතේම පහත සඳහන් සමාගම්, යෙදුම් සහ ආයතන ද තහනම් කරන ලද (පිරමීඩ) යෝජනා ක්‍රම ලෙස තීරණය කර ඇතැයි මහබැංකුව සඳහන් කරනවා.


වාහන හතක් (7) මතට මාර ගසක් කඩාවැටේ

(28.10.2026 – sinhala.adaderana.lk)

කුරුණෑගල රජ පිහිල්ල උද්‍යානය සහ රජ පිහිල්ල තානායම අතර ඇති මාර්ගයේ මාර ගසක් කඩාවැටී තිබේ.

අද(28) උදෑසන නමයට (09:00) පමණ මෙම ගස ඇඳ වැටීමෙන් වාහන හතක් (7) අනතුරට පත්ව ඇත.

අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර එම අවස්ථාවේ මාර්ගය අසල නවතා තිබූ වාහන මෙලෙස අනතුරට පත්ව තිබේ.

+


අනුරට ඒ ජනාදරයට කිට්ටු වෙන්නවත් බෑ… ජේවීපීකාරයො බය මේ තිත්ත ඇත්ත දන්න නිසයි (28.10.2026)

+


‘බෝන් අගේන්’ වගේ කතා තනිකර බොරු කියලයි මේ කියන්නෙ (28.10.2026)

+


ලූලා කළු සල්ලි සුදු කරපු ඒවටත් බිමල්ලා අත්පුඩි ගහනවද ? (28.10.2026)

+


හෝමාගම තරුණයාගේ මරණයට SI ගුරුසිංහ අල්ලයි! OICට මාරුවක්! ගල්කිස්සේ ද්විත්ව ඝාතනය අංජුගේ වැඩක්! (28.10.2026)

+


ඉල්ලා අස්වෙන්න නැත්නම් වාදෙට එන්න – විපක්ෂයෙන් අභියෝගයක් (28.10.2026)

+


හෝමාගම පොලිස් ඝාතනය (28.10.2026)

+


කාශ්‍යප හිමි අත්ඩංගුවට ? පැලවත්තෙ තීරණයක් (28.10.2026)

+


මහානායක හිමිවරුන්ගේ ලිපියට ආණ්ඩුවෙන් ගැසූ පහර (28.10.2026)

+


‘අලුත් පාර්ලිමේන්තුව’ – ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත – 2026.10.28

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤