අලි ප්රතිකාර රූගත කිරීමේ ජාවාරමක් ගැන ‘හිරු CIA’ අනාවරණයෙන් පසු පරීක්ෂණයක්
වට්ස්ඇප් මගින් තෑගි පාර්සලයක් ලබා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට
හෝමාගම පොලිසියේදී මියගිය පුද්ගලයා කලින් දවසේ රිය අනතුරකට ලක්වෙලා රෝහලෙන් පැන ගිය අයෙක්.. – පොලිසිය
කිංග්ස්බරි හෝටලය මගෙන් සමාව ගන්න ඕන – යවපු එන්තරවාසිය ගැන සරත් වීරසේකර කට අරියි (31.10.2026)
අලි ප්රතිකාර රූගත කිරීමේ ජාවාරමක් ගැන ‘හිරු CIA’ අනාවරණයෙන් පසු පරීක්ෂණයක්
(30.10.2026 – hirunews.lk)
අලි ඇතුන්ට ප්රතිකාර කිරීමේ දර්ශන රූගත කිරීම සඳහා වනජීවී පශු වෛද්යවරුන් සමඟ විවිධ පුද්ගල කණ්ඩායම් වනාන්තර තුළට රැගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
වනජීවී හා සත්වෝද්යාන පශු වෛද්ය සංගමයේ සභාපති වෛද්ය නිහාල් පුෂ්පකුමාර මේ බව සඳහන් කළේ, අදාළ රූගත කිරීම් ජාවාරමක් ලෙස ක්රියාත්මක වන බවට පරිසරවේදීන් ‘හිරු CIA’ හරහා කළ අනාවරණයට ප්රතිචාර දක්වමින්.
එම දර්ශන මුදලට අලෙවි කිරීම සහ අන්තර්ජාලයට මුදාහැරීම සිදුවන බවට සැක මතුවී ඇති බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.
මේ අතර, කාවන්තිස්ස හස්තියා නිර්වින්දනය කිරීම සහ ප්රතිකාර කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්යවරුන් ගත් ඇතැම් ක්රියාමාර්ග වීඩියෝ දර්ශන ලබාගැනීමට පහසු වන ආකාරයෙන් සැලසුම් කර තිබූ බවටයි චෝදනා එල්ල වුණේ.
ආපදාවලට ලක්ව වනාන්තර තුළ සිටින අලි ඇතුන්ට ප්රතිකාර කිරීමේදී ඇතැම් පිරිස් කැමරා කිහිපයක් යොදාගනිමින් එම කටයුතු රූගත කරන බවට ‘හිරු CIA’ ඊයේ (29) සාක්ෂි සහිතව අනාවරණ කළා.
‘හිරු CIA’ කළ වැඩිදුර සොයාබැලීමේදී අනාවරණ වී ඇත්තේ පසුගිය කාලය පුරාම වනජීවී පශු වෛද්යවරුන්ගේ අනුදැනුම මත වනාන්තර තුළට රැගෙන ගිය පුද්ගලයන් අලි ඇතුන්ට සිදුකරන ප්රතිකාර රූගත කර ඇති බවයි.
වෙඩි ප්රහාරවලට ලක්වූ කාවන්තිස්ස හස්තියාගේ මරණයත් සමඟ වනජීවී දෙපාර්තමේන්තුවේ ප්රතිකාර ක්රමවේද පිළිබඳවද ප්රශ්න මතුවී ඇති පසුබිමකයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇත්තේ.
වට්ස්ඇප් මගින් තෑගි පාර්සලයක් ලබා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට
(31.10.2026 – hirunews.lk)
වට්ස්ඇප් සමූහය මගින් වටිනා තෑගි පාර්සලයක් ලබා දෙන බව පවසා රුපියල් 1,455,000 ක මුදලක් සැකකාරියගේ ගිණුම වෙත බැර කරවා ගෙන මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශය වයඹ පළාත් ඒකකය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, ඊයේ (30) කටුනායක ගුවන්තොටුපල මගී පර්යන්තයේදී එම වංචාවට සම්බන්ධ සැකකාරිය විමර්ශන නිලධාරීන් විසිනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකාරිය අවුරුදු 46ක් වන නුගේගොඩ ප්රදේශයේ පදිංචිකාරියක්.
සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශය වයඹ පළාත් ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴
හෝමාගම පොලිසියේදී මියගිය පුද්ගලයා කලින් දවසේ රිය අනතුරකට ලක්වෙලා රෝහලෙන් පැන ගිය අයෙක්.. – පොලිසිය
(31.10.2026 – lankacnews.com)
හෝමාගම මූලස්ථාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන රෝහල්ගත කිරීමෙන් පසු සැකකරුවකු මියයාමේ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 09 දෙනෙකු සහ සිවිල් වැසියන් 08 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 17 දෙනෙකුගෙන් මේ වන විට ප්රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිස් මාධ්ය කොට්ඨාසය නිවේදනය කරයි.
පොලිස්පතිවරයාගේ සෘජු නියෝගය පරිදි බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මඟින් ක්රියාත්මක කරනු ලබන මෙම පුළුල් විමර්ශනයට අදාළව, සිද්ධියට මුල් වූ සියලු පාර්ශ්වයන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මියගිය පුද්ගලයා සමඟ පසුගිය ඔක්තෝබර් 24 වැනිදා රාත්රියේ අත්අඩංගුවට ගනු ලැබ, මේ වන විට බන්ධනාගාරගතව පසුවන අනෙක් සැකකරුගෙන් අධිකරණ නියෝග මත බන්ධනාගාරය තුළදීම පසුගිය 29 වැනිදා දීර්ඝ ප්රකාශයක් සටහන් කරගෙන ඇත.
සැකකරුගේ මරණයට අදාළව පසුගිය ඔක්තෝබර් 28 වැනිදා අත්අඩංගුවට ගැණුනු හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා (හිටපු උප පොලිස් පරීක්ෂක) පසුදා (29) හෝමාගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ලබන නොවැම්බර් මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
මියගිය සැකකරු ඔක්තෝබර් 24 වැනිදා දහවල් රිය අනතුරකට ලක්ව ප්රතිකාර ලබාගැනීම සඳහා හෝමාගම රෝහලට (ඇඳ හිසපත් අංක 65644/2026 යටතේ) පස්වරු 01:05 ට ඇතුළත්ව ඇති අතර, එදිනම පස්වරු 05:55 ට කිසිදු අවසරයකින් තොරව රෝහලෙන් රහසේ පලාගොස් ඇති බවට විමර්ශනවලදී තහවුරු වී තිබේ.
අනතුරුව ඔක්තෝබර් 25 වැනිදා පොලිසිය මඟින් මොහු යළි අත්අඩංගුවට ගෙන රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති අතර, මෙම සම්පූර්ණ කාලරාමුව හා වෛද්ය වාර්තා පිළිබඳව විමර්ශන නිලධාරීන් විසින් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇත ෴
+++
හෝමාගම තරුණයා අත්අඩංගුවට ගැනීමට පෙර පහරදී තිබු කථාවට සුදේශ් නන්දිමාල් සැරටම කියපු කථාව.. (30.10.2026)
+++
රිමාන්ඩ් කළ හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති දුම්බර බන්ධනාගාරයට
(31.10.2026 – hirunews.lk)
හෝමාගම පොලිස් භාරයේ රඳවා සිටියදී තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හෝමාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා දුම්බර බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබෙනවා.
අදාළ උප පොලිස් පරීක්ෂකවරයා පෙරේදා (29) රාත්රියේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන විත් සැකකරුවෙකු ලෙස ලියාපදිංචි කිරීමෙන් අනතුරුව එදින (29) රාත්රියේ දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු මීට පෙර රාජකාරියේ නිරතව සිටියදී විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණා.
එම සැකකරුවන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටීම හේතුවෙන්, ඔහුට එල්ල විය හැකි ජීවිත තර්ජන සැලකිල්ලට ගනිමිනුයි මෙලෙස වෙනත් බන්ධනාගාරයකට මාරුකර ඇත්තේ ෴
කිංග්ස්බරි හෝටලය මගෙන් සමාව ගන්න ඕන – යවපු එන්තරවාසිය ගැන සරත් වීරසේකර කට අරියි (31.10.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴