හිමිකාරීත්වය හෙළිදරව් කිරීමට අපොහොසත් වන සමාගම්වලට රුපියල් මිලියනයක දඩයක් සහ වසර 10 ක සිර දඬුවමක් ලැබිය හැකි බවට අනතුරු ඇඟවීම්

හිමිකාරීත්වය හෙළිදරව් කිරීමට අපොහොසත් වන සමාගම්වලට රුපියල් මිලියනයක දඩයක් සහ වසර 10 ක සිර දඬුවමක් ලැබිය හැකි බවට අනතුරු ඇඟවීම්

නුවරඑළි පල්ලමේ කන්ටේනරයක් බස් රථයක හැපේ.. ලොකු අනතුරක් නූලෙන් වැලකේ…

කඩවතදී පොලිසියෙන් ත්‍රීරෝද රථයකට වෙඩි – බාලවයස්කරුවෙකු රාගම රෝහලට

සංඝ පාතාලයේ අමුතු ගේම් – චාමරගෙන් අපූරු හෙළිදරව්වක් ? (31.10.2026)

කල්ලතෝනි ජේවීපීකාරයින්ට හොඳ උත්තරයක්… සමාව ඉල්ලීම නැත්නම් රු. කෝටි 10 ක් (31.10.2026)

මේගොල්ලො තව ඉස්සරහට මොනවා කරයිද දන්නෙ නෑ… ප්‍රවේසම් වෙන්ඩ වෙනවා නේද ? (31.10.2026)

ගහලා මැරුවේ නැත්නම් ඇයි වැඩ තහනම් කළේ ? DIG ලොක්කගේ පුතාව බේරාගන්ඩ පොලිසිය ෆුල් ට්‍රයි (31.10.2026)

කුඩු ජාවාරමුන්ගේ පාර වෙනස් වෙයි! උතුරේ සිට කොළඹට ලොරියෙන් කුඩු ගෙනෙයි! ඩුබායි අළුත් පිරිසක්! (31.10.2026)

ලාල්ගෙ පිරිමි ඇහැ ඇරෙද්දි හරිණි ඇස් වහගන්නෙ ඇයි (31.10.2026)

ජෙනරාල් වැරදුන සෙනවි – රෙදි ඉල්ලෙ හලෝ… (31.10.2026)

බලිය තමන් බව අනුර පිලිගනී… (31.10.2026)

කාංචනගෙ කොමිස් එක දැන් යන්නෙ කොහාටද දැන ගන්න කැමතිද ? (31.10.2026)

අනුරාධපුර පූජා භූමියට වෙන්න යන දේ මෙන්න – චාමර විජේසූරිය (31.10.2026)


හිමිකාරීත්වය හෙළිදරව් කිරීමට අපොහොසත් වන සමාගම්වලට රුපියල් මිලියනයක දඩයක් සහ වසර 10 ක සිර දඬුවමක් ලැබිය හැකි බවට අනතුරු ඇඟවීම්

(31.10.2026 – hirunews.lk)

සැබෑ ප්‍රතිලාභී හිමිකාරීත්ව (Beneficial Ownership) තොරතුරු ලබාදීම පැහැර හැර ඇති සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව අවසන් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, අදාළ තොරතුරු ලබා නොදීම සම්බන්ධයෙන් වරදකරුවන් වන සමාගම්වලට රුපියල් මිලියනයකට නොවැඩි දඩයක් හෝ වසර 10 කට නොවැඩි සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම නියම කළ හැකි බවයි දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ.

ඔක්තෝබර් 28 වැනිදා නිකුත් කළ නිවේදනයකින් සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ අදාළ තොරතුරු ලබාදීම සඳහා ලබාදී තිබූ දීර්ඝ කළ කාලසීමාව ඔක්තෝබර් 21 වැනිදායින් අවසන් වූ බවයි.

මුලින් සැප්තැම්බර් 30 වැනිදා ලෙස නියම කර තිබූ අවසන් දිනය පසුව ඔක්තෝබර් 21 වැනිදා දක්වා දීර්ඝ කර තිබුණා.

2007 අංක 7 දරන සමාගම් පනතට 2025 අංක 12 දරන සංශෝධන පනත මගින් සිදුකළ සංශෝධන යටතේ මෙම තොරතුරු ලබාදීම නීතිමය අවශ්‍යතාවක් වනවා.

සමාගමක අවසාන වශයෙන් හිමිකාරීත්වය දරන හෝ එය පාලනය කරන පුද්ගලයන් හඳුනාගැනීම සඳහා මෙම සැබෑ ප්‍රතිලාභී හිමිකාරීත්ව තොරතුරු භාවිත කෙරෙනවා ෴


නුවරඑළි පල්ලමේ කන්ටේනරයක් බස් රථයක හැපේ.. ලොකු අනතුරක් නූලෙන් වැලකේ…

(31.10.2026 – lankacnews.com)

නුවරඑළිය – මහනුවර ප්‍රධාන මාර්ගයේ ටොප් පාස් වත්ත ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක ගැටීමෙන් රිය අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුරින් කන්ටේනර් රථය විශාල වංගුවක් සහිත මාර්ග කොටසකදී පාලනයෙන් මිදී පිටුපසට ගමන් කිරීමත් සමඟ බස් රථයේ ගැටී ඇති බව සඳහන් වේ.

දැන්ටේනර් රථයේ තිරිංග පද්ධතිය නිසි ආකාරයේ ක්‍රියාත්මක වීමෙන් අනතුර වළක්වා ගැනීමට හැකිවූ නමුත් එලෙස සිදු නොවුනා නම් විශාල අනතුරක් සිදුවීමේ දැඩි අවදානමක් දක්නට ලැබිණ.

අනතුර සිදුවන ආකාරය එම අවස්ථාවේ පිටුපසින් පැමිණි වෙනත් වාහනයක සවිකර තිබූ ඩෑෂ් කැමරාවේ සම්පූර්ණයෙන්ම පටිගත වී තිබීම විශේෂත්වයකි.

අවදානම් සහිත වංගු රැසක් පවතින නුවරඑළිය – මහනුවර මාර්ගයේ බර වාහන ධාවනය කිරීමේදී රියදුරන් වැඩි අවධානයකින් හා දැඩි ප්‍රවේශමකින් කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙම අනතුර යළිත් අවධාරණය කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

+++

+


කඩවතදී පොලිසියෙන් ත්‍රීරෝද රථයකට වෙඩි – බාලවයස්කරුවෙකු රාගම රෝහලට

(31.10.2026 – sinhala.adaderana.lk)

කඩවතදී, මහකඩේ හන්දිය ප්‍රදේශයේදී පොලිසිය අද (31) පස්වරුවේ හදිසි මාර්ග බාධකයක් යොදා රථ වාහන පරීක්ෂා කිරීමක් සිදුකර තිබේ.

එම අවස්ථාවේදී ඒ අසළින් ගමන් ගත් ත්‍රිරෝද රථයක් නවත්වන ලෙසට රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙක් අණකර ඇති බව පොලිසිය පැවසීය.

එහිදී අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයට පොලිසිය වෙඩි ප්‍රහාර 7 ක් එල්ල කර ඇත.

පසුව පළාගිය ත්‍රිරෝද රථය වෙඩි ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ සිට කිලෝමීයරයක පමණ දුර එනම් කඩවත ගෝනහේන ප්‍රදේශයේ දමාගොස් තිබියදී පොලිසිය විසින් සොයාගන්නා ලදී.

ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ ගමන් කළ 16 හැවිරිදි අයෙක් වෙඩි ප්‍රහාරවලින් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි පොලිසිය සඳහන් කළේය.

එම අවස්ථාවේදී ත්‍රිරෝද රථය පැදවූ පුද්ගලයාද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 17 හැවිරිදි අයෙකි.

අනතුරුව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, ඔහුට රියදුරු බලපත්‍රයක් නොමැතිවීම හේතුවෙන් පොලිස් අණ නොතකා ධාවනය කළ බවය.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරේ.

+


සංඝ පාතාලයේ අමුතු ගේම් – චාමරගෙන් අපූරු හෙළිදරව්වක් ? (31.10.2026)

+


කල්ලතෝනි ජේවීපීකාරයින්ට හොඳ උත්තරයක්… සමාව ඉල්ලීම නැත්නම් රු. කෝටි 10 ක් (31.10.2026)

+


මේගොල්ලො තව ඉස්සරහට මොනවා කරයිද දන්නෙ නෑ… ප්‍රවේසම් වෙන්ඩ වෙනවා නේද ? (31.10.2026)

+


ගහලා මැරුවේ නැත්නම් ඇයි වැඩ තහනම් කළේ ? DIG ලොක්කගේ පුතාව බේරාගන්ඩ පොලිසිය ෆුල් ට්‍රයි (31.10.2026)

+


කුඩු ජාවාරමුන්ගේ පාර වෙනස් වෙයි! උතුරේ සිට කොළඹට ලොරියෙන් කුඩු ගෙනෙයි! ඩුබායි අළුත් පිරිසක්! (31.10.2026)

+


ලාල්ගෙ පිරිමි ඇහැ ඇරෙද්දි හරිණි ඇස් වහගන්නෙ ඇයි (31.10.2026)

+


ජෙනරාල් වැරදුන සෙනවි – රෙදි ඉල්ලෙ හලෝ… (31.10.2026)

+


බලිය තමන් බව අනුර පිලිගනී… (31.10.2026)

+


කාංචනගෙ කොමිස් එක දැන් යන්නෙ කොහාටද දැන ගන්න කැමතිද ? (31.10.2026)

+


අනුරාධපුර පූජා භූමියට වෙන්න යන දේ මෙන්න – චාමර විජේසූරිය (31.10.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤