හුදෙකලා නිවාසවල වෙසෙන වැඩිහිටියන්ගේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්
සාසනයට කරන දේට දෙයියෝ කෝප වෙලා – බුදු දහම බේරලා දෙන්න කියලා හිමිවරු රනිල් හමුවෙයි (17.11.2026)
ගෝරිල්ලා කියනවා මිහින්තලේට එනවා කියලා | ජෙප්පන්ගේ හෙල්මට් චණ්ඩි රැල අල්ලන්න (17.11.2026)
පොලිස් වෙස් ගත්ත හමුදා නිළධාරියා මාට්ටු – මීරිගම පොලිසිය ඉස්සරහා සේරම එළියට දායි (17.11.2026)
ආණ්ඩුවේ උන් ඡන්දේ ගන්න පෝලිමේ ආවා – දැන් එකෙක් පැත්ත පළාතේ එන්නේ නෑ (17.11.2026)
ජනපතිගේ වචනය නිසා මාරාන්තික උපවාසය නිමකළ පාසල් සංවර්ධන නිලධාරීන් තවමත් අමාරුවේ (17.11.2026)
වාදපිටිය | 2027 වසර සදහා වන අයවැය යෝජනා රටට හිතකරද? | 2026.11.17
හුදෙකලා නිවාසවල වෙසෙන වැඩිහිටියන්ගේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්
(17.11.2026 – sinhala.adaderana.lk)
හුදෙකලා නිවාසවල වෙසෙන වැඩිහිටියන් අපරාධකරුවන්ගේ පහසු ඉලක්ක බවට පත්විය හැකි බැවින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
දරුවන් රැකියා සඳහා පිටත්ව යාම, විදේශගත වීම හෝ වෙනත් පළාත්වල පදිංචි වීම හේතුවෙන් වැඩිහිටියන් නිවෙස්වල තනිව සිටීමේ අවස්ථා ඉහළ ගොස් ඇති බව පොලීසිය පෙන්වා දෙයි.
විශේෂයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ අරමුණින් මෙවැනි නිවාස ඉලක්ක කර ගන්නා බවත්, ඇතැම් අවස්ථාවල එවැනි අපරාධ ඝාතන දක්වා වර්ධනය වන බවත් පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව, වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා බාහිර පුද්ගලයන් හෝ ගෘහ සේවකයන් යොදා ගැනීමේදී ඔවුන්ගේ පසුබිම පරීක්ෂා කර පොලිස් වාර්තාවක් ලබාගැනීම වැදගත් බව පොලීසිය අවධාරණය කර තිබේ.
එමෙන්ම හදිසි අවස්ථාවකදී ඇමතීම සඳහා 119 පොලිස් හදිසි ඇමතුම් අංකය, 1990 සුවසැරිය ගිලන් රථ සේවාව ඇතුළු අත්‍යවශ්‍ය දුරකථන අංක නිවසේ පහසුවෙන් දැකගත හැකි ස්ථානයක ප්‍රදර්ශනය කරන ලෙසද දැනුම් දී ඇත.
හුදෙකලාව වෙසෙන වැඩිහිටියන් පිළිබඳව ග්‍රාම නිලධාරීවරයා සහ ප්‍රජා පොලිස් කමිටුව දැනුවත් කිරීම, අසල්වැසියන් සමඟ සුහද සබඳතා පවත්වා ගැනීම, පහසුවෙන් භාවිත කළ හැකි ජංගම දුරකථනයක් ලබාදීම සහ නිවස අවට රාත්‍රී කාලයේ ප්‍රමාණවත් ආලෝකයක් පවත්වා ගැනීම ඇතුළු ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසද පොලිසිය ඉල්ලා සිටියි.
එමෙන්ම නාඳුනන පුද්ගලයන් නිවසට කැඳවා ගැනීමෙන් වළකින ලෙසත්, දෙමාපියන් සහ වැඩිහිටියන් හුදෙකලා කිරීම අවම කර ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවට දැනුම් දෙයි ෴
අනුරාධපුරයට අත තියන්න දෙන්නේ නෑ | රට ගොඩ දැම්මේ රනිල් | සුරේන් – වජිර – ජීඑල් ආණ්ඩුවේ රෙදි ගලවයි (17.11.2026)
+
සාසනයට කරන දේට දෙයියෝ කෝප වෙලා – බුදු දහම බේරලා දෙන්න කියලා හිමිවරු රනිල් හමුවෙයි (17.11.2026)
+
ගෝරිල්ලා කියනවා මිහින්තලේට එනවා කියලා | ජෙප්පන්ගේ හෙල්මට් චණ්ඩි රැල අල්ලන්න (17.11.2026)
+
රජයේ විධායක නිලධාරීන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි | සෙට් එක පොලිසියත් එක්ක පැටලෙයි (17.11.2026)
+++
ප්‍රවාහන දීමනාවවත් අපිට අයවැයෙන් ලැබුණේ නෑ – රජයේ විධායක නිලධාරීන් ආණ්ඩුවට සැරවෙයි (17.11.2026)
+
පොලිස් වෙස් ගත්ත හමුදා නිළධාරියා මාට්ටු – මීරිගම පොලිසිය ඉස්සරහා සේරම එළියට දායි (17.11.2026)
+
ආණ්ඩුවේ උන් ඡන්දේ ගන්න පෝලිමේ ආවා – දැන් එකෙක් පැත්ත පළාතේ එන්නේ නෑ (17.11.2026)
+
ජනපතිගේ වචනය නිසා මාරාන්තික උපවාසය නිමකළ පාසල් සංවර්ධන නිලධාරීන් තවමත් අමාරුවේ (17.11.2026)
+
වාදපිටිය | 2027 වසර සදහා වන අයවැය යෝජනා රටට හිතකරද? | 2026.11.17
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴