ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 6 වැනි ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා වන කඩයිම් ලකුණු නිකුත් කෙරේ
ගුරු සම්මුඛ පරීක්ෂණවලට තේරී ඇති අයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
මෙරට පෞද්ගලික රෝහලක සිදුකළ පළමු ළමා අක්මා බද්ධ සැත්කම සාර්ථකයි
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 6 වැනි ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා වන කඩයිම් ලකුණු නිකුත් කෙරේ
(17.11.2026 – hirunews.lk)
2026 වසරේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2027 වසර සඳහා 6 වැනි ශ්‍රේණියට ඇතුළත් කිරීමේ කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා.
එම ලකුණු https://moe.gov.lk යන නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.
එමෙන්ම, ඔබට හිමිවී ඇති පාසල https://g6application.moe.gov.lk/ යන වෙබ් අඩවිය හරහා පරීක්ෂා කර බැලිය හැකි බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා ෴
ගුරු සම්මුඛ පරීක්ෂණවලට තේරී ඇති අයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
(17.11.2026 – hirunews.lk)
දිවයින පුරා රජයේ පාසල් වලට නව ගුරුවරුන් බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා තේරාගෙන ඇති උපාධිධාරීන්ට තමා සේවය කිරීමට කැමැත්තක් දක්වන පුරප්පාඩු පවතින පාසැල් තේරීමට අද (17) සිට අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.
ඒ අනුව අධ්‍යාපන අමාතයාංශයේ නිල වෙබ් අඩවියට පිවිස සම්මුඛ පරික්ෂණ කැදවිමේ ලිපියේ ඇති මුරපදය යොදා ඔන්ලයින් ක්‍රමයට එම තේරීම් සිදුකළ හැකියි.
කෙසේවෙතත් මේ දක්වා එම ලිපිය ලැබී නොමැති නම් එම ලිපිය ලැබෙනතුරු මෙම පද්ධතියට පිවිසීමට හැකියාවක් නොමැති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
ලිපි ලැබීමේ ප්‍රමාදයක් පිළිබඳව ඇතැම් අයදුම්කරුවන් දන්වා ඇති අතර යම් පුද්ගලයෙකුට සම්මුඛ පරීක්ෂණය සඳහා කැදවිමේ ලිපිය මේ දක්වා ලැබී නොමැති නම් ඒ පිළිබද කලබල නොවන ලෙසයි ඔවුන් දැනුම් දෙන්නේ ෴
මෙරට පෞද්ගලික රෝහලක සිදුකළ පළමු ළමා අක්මා බද්ධ සැත්කම සාර්ථකයි
(17.11.2026 – hirunews.lk)
ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රථම වරට ළමා අක්මා බද්ධ කිරීමේ සැත්කමක් සාර්ථකව සිදු කළ බව ‘වත්තල හේමාස් රෝහල’ පවසනවා.
මේ හරහා දරුණු අක්මා රෝගවලින් පෙළෙන දරුවන්ට විදේශගත නොවී මෙරටදීම සංකීර්ණ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාව තවදුරටත් පුළුල් වනවා.
මහාචාර්ය මෙරන්ති ප්‍රනාන්දු සහ මහාචාර්ය රොහාන් සිරිවර්ධන ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විශේෂඥ වෛද්‍යවරුන් 12 දෙනෙකු මෙම සැත්කම සඳහා දායක වී තිබෙනවා.
නවීන ශල්‍ය උපකරණ, විශේෂිත දැඩි සත්කාර පහසුකම් සහ පැය 24 පුරා වෛද්‍ය අධීක්ෂණය යටතේ මෙම ප්‍රතිකාර වැඩසටහන ක්‍රියාත්මක වන බවයි රෝහල සඳහන් කළේ.
හේමාස් රෝහල් සහ රසායනාගාර සමූහයේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය ලකිත් පීරිස් සඳහන් කළේ, මෙම සැත්කම මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉදිරි ගමනට වැදගත් සන්ධිස්ථානයක් වන බවයි.
මෙවැනි සංකීර්ණ සැත්කම් සඳහා මෙරටදීම පහසුකම් සැලසීම තුළින් රෝගී දරුවන්ගේ පවුල් මුහුණදෙන මූල්‍යමය සහ මානසික පීඩනය අවම කිරීමට ද හැකි වන බව රෝහල පෙන්වා දෙනවා ෴
මාතරදී ලංගම බස් රථයක් පැහැරගනී ; වෙලේවත්තෙන් හමුවෙයි
(17.11.2026 – hirunews.lk)
ලංකා ගමනාගමන මණ්ඩලයේ මාතර ඩිපෝවට අයත් බස් රථයක් පැහැරගෙන ගොස් තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ එය මාතර වෙලේවත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී අද (17) අලුයම සොයා ගත් බවයි.
මාතර සිට දික්වැල්ල බලා ධාවනය වන මෙම බස් රථය, ඊයේ (16) නියමිත ගමන් වාර ධාවනය කිරීමෙන් පසු දික්වැල්ල රදම්පල ප්‍රදේශයේ ගාල් කර තිබෙනවා.
එහි රියදුරු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තමන් නියමිත පරිදි බස් රථය නතරකොට දොර අගුලු දමා නිවෙස වෙත ගිය බවයි.
කෙසේ වෙතත් රාත්‍රී 9 ට පමණ කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් ජනෙල්වලින් බස් රථයට ඇතුළු වී වෙනත් යතුරක් භාවිත කොට එය පණ ගන්වා පැහැරගෙන ගොස් ඇති බවට පොලිසිය සැක කරනවා.
බස්රථය පැහැරගත්තේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරක් අනාවරණය වී නැහැ ෴
නොවැම්බර් 20 ‘ඊශ්‍රායල් වෙබ් ද්වාරය’ විවෘත වන බවට ප්‍රචාරය වන සමාජ මාධ්‍ය දැන්වීම් අසත්‍යයි – විදේශ සේවා නියුක්ති කාර්යාංශය
(17.11.2026 – hirunews.lk)
ලබන නොවැම්බර් 20 වෙනි දින ‘ඊශ්‍රායල් රැකියා සදහා වෙබ් ද්වාරය’ විවෘත වන බවට විවිධ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන ප්‍රවෘත්තිය මුලුමනින්ම අසත්‍ය බව ‘ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය’ අවධාරණය කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය සඳහන් කරන්නේ මෙය ජනතාව නොමග යවන හා ජනතාව අතර අසත්‍ය ප්‍රචාරය කිරීමට සිදුකරන ක්‍රියාවක් බවයි.
ඊශ්‍රායල් රැකියා සදහා බදවා ගැනීම් සිදුකරනු ලබන්නේ මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් වන අතර ඒ සම්බන්ධ තොරතුරු කාර්යාංශයේ නිල සමාජ මාධ්‍ය වන FaceBook, Youtube, Tik tok හා Instagram හරහා මෙන්ම නිල වෙබ් අඩවිය හා ජනමාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරනු ලබන බවද එම කාර්යාංශය සඳහන් කරනවා.
එබැවින් මෙම ව්‍යාජ ප්රචාරයන්ට නොරැවටෙන ලෙස කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර සමාජය අතර අසත්‍ය පතුරුවා නොසන්සුන්කාරී තත්වයක් ඇතිකරන පුද්ගලයන් සම්බන්ධයෙන් කාර්යාංශ විමර්ශන අංශය මගින් කටයුතු කරන බවද සදහන් කරනවා.
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴