අභ්‍යවකාශ ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් : ‘වොයේජර් 1’ යානය අභ්‍යවකාශයේ ‘ආලෝක දිනයක්’ සම්පූර්ණකරයි
අභ්‍යවකාශ ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් : ‘වොයේජර් 1’ යානය අභ්‍යවකාශයේ ‘ආලෝක දිනයක්’ සම්පූර්ණකරයි
(15.11.2026 – sinhala.adaderana.lk)
නාසා ආයතනයේ ‘වොයේජර් 1’ යානය අභ්‍යවකාශයේ ‘ආලෝක දිනයක්’ සම්පූර්ණ කළ ලොව පළමු මිනිස් නිර්මාණය බවට පත්වීමට ආසන්නව තිබේ.
අභ්‍යාවකාශයේ සැතපුම් බිලියන 16.09 ක දුරක් ගමන්කිරීමෙන් පසුව ආලෝක දිනයක් සම්පූර්ණ වන අතර, වොයේජර් 1 යානය එළැඹෙන 18 වැනිදා වනවිට එම දුර ප්‍රමාණය සපුරනු ඇතැයි නාසා ආයතනය පවසයි.
මෙම යානය 1977 සැප්තැම්බර් 05 වැනිදා ෆ්ලොරිඩාහි කේප් කැනවරල් සිට අභ්‍යාවකාශගත කෙරුණි.
ඒ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය වන බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහයන් සහ ඒවායේ චන්ද්‍රයන් පිළිබඳව සමීපව අධ්‍යයනය කිරීම සඳහාය.
වසර 5 ක කාලයකට සීමා කර තිබූ ප්‍රධාන මෙහෙයුම සාර්ථක අවසන්කිරීමෙන් අනතුරුව වොයේජර් 1 යානය සූර්යයාගේ බලපෑම අවසන්වන සීමාවෙන් ඔබ්බට ගොස් තාරකා අතර අවකාශය ගවේෂණය කිරීමටද යොදාගැනුණි.
සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයා වන ටයිටන් මත නයිට්රජන් බහුල ඝන වායුගෝලයක් ඇති බව තහවුරු කළේ වොයේජර් 1 යානය විසිනි.
එමෙන්ම 1990 වසරේ පෙබරවාරි 14 වැනිදා, කිලෝමීටර බිලියන 6 ක් පමණ ඈත සිට පෘථිවිය දෙසට කැමරාව හරවා Pale Blue Dot නමින් හැඳින්වෙන ඓතිහාසික ඡායාරූපයද වොයේජර් 1 යානය මගින් ලබාගත් එකකි.
2012 වසරේ අගෝස්තු 25 වැනිදා සූර්යයාගේ චුම්බක ක්ෂේත්රය පසුකර අන්තර් තාරකා අවකාශයට ඇතුළු වූ පළමු යානය බවට පත්වූයේද වොයේජර් 1 යානයයි.
යානය අභ්‍යවකාශගත කරන අවස්ථාවේ ඊට ඇතුළත් කළ දත්ත පිළිබඳව නාසා ආයතනයේ සේවය කරන ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතා අදහස් පළකළේය.
“එහි අඟල් 12 ක ප්ලැටිනම් තැටියක් සහ රන් තැටියක් අඩංගු වෙනවා. අපේ සූර්යයා, මන්දාකිණිය වගේම පෘථිවිය පිළිබඳ තොරතුරු මෙන්ම අපේ පෘථිවියේ පවතින විවිධ ශබ්ද ඊට ඇතුළත් කරලා තිබෙනවා.
එහි භාෂා 55 කින් පමණ සුබ පැතුම් ඇතුළත් වන අතර, ඒ අතරට ‘ආයුබෝවන්’ යන වචනය ද ඇතුළත්.
බුද්ධිමත්, දියුණු සහ අභ්‍යවකාශය තරණය කිරීමේ හැකියාව ඇති ශිෂ්ටාචාරයකට යම්කිසි දවසක එය හමුවේ යැයි උපකල්පනය කළොත්, විශ්වයේ එම ස්ථානයේ නැත්නම් මන්දාකිණියේ එම කොටසේ, මීට වසර මිලියන ගණනකට පෙර ජීවය පැවතුණු බව ඔවුන්ට සොයාගන්න පුලුවන් වේවි.”
යානය අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂි කඩඉමක් සනිටුහන් කරන මොහොත සැමරීමට එක්වන්නැයි නාසා ආයතනය ලෝකවාසීගෙන් ඉල්ලා සිටියි.
ඔවුන් ඇරයුම් කරන්නේ නොවැම්බර් 17 වැනිදා හිරු බැසීමෙන් අනතුරුව තම ජංගම දුරකථන හෝ වෙනත් ආලෝක ධාරා අහස දෙසට දල්වමින් මේ සුවිශේෂි මොහොත සැමරීමට එක්වන ලෙසටය.
+
ෆාමසියෙන් බෙහෙත් ගත්ත මිනිහා සල්ලිත් නොදී යන්න ගිහිල්ලා | ගහපු වංගුව මාට්ටු වෙද්දී කට්ටිය පරක්කුයි (15.11.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴