අයවැයට විරෝධය පළකරමින් වෘත්තීය සමිති කිහිපයක් අද (16) වර්ජනයේ
ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධියට කස්සප හිමි හෙට (17) දින දක්වා රිමාන්ඩ්
සජබේ හර්ෂ ආණ්ඩුව හාන්සි කරවලා දායි – ඔයා නැන්දවත් වටේ යවපු මිනිහෙක් (16.11.2026)
අයවැයට විරෝධය පළකරමින් වෘත්තීය සමිති කිහිපයක් අද (16) වර්ජනයේ
(16.11.2026 – hirunews.lk)
අයවැය යෝජනාවලින් තමන්ට හිමිවිය යුතු සහන ලබා නොදීමට විරෝධය පළ කරමින් ‘වාරිමාර්ග තාක්ෂණ සහායකවරුන්ගේ සංගමය’ අද (16) වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.
එම සංගමය සඳහන් කළේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කරන තාක්ෂණ සහායක නිලධාරීන් 450 කට අධික පිරිසක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන බවයි.
රාජකාරි ඉටුකිරීමේදී මුහුණදෙන දුෂ්කරතා සහ වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළ ද, 2027 අයවැය යෝජනා මඟින් ඒ සඳහා ප්‍රමාණවත් විසඳුම් ලබාදී නොමැති බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක මදුර ප්‍රසන්න කියා සිටියේ.
+++
මේ අතර, අයවැයෙන් සහන නොලැබීම නිසා අද (16) සිට සියලු ආපදා සහන සේවා රාජකාරී වලින් ඉවත් වන බව ‘සමස්ත ලංකා ආපදා සහන සේවා සංගමය’ මීට පෙර ප්‍රකාශ කළා.
සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ පසුගිය දා පැවති සාකච්ඡාවලදී පොරොන්දු වූ මූලික කරුණු පවා ඉටු නොවීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි එම සංගමයේ සභාපති පාලිත කුමාර සඳහන් කළේ.
+++
මේ අතර, ක්ෂේත්‍ර සහභාගීත්ව සහ ප්‍රවාහන දීමනාව මෙවර අයවැය මගින් ලබා නොදිමට විරෝධය පළ කරමින් අද (16) විරෝධතාවක් සිදුකරන බව ‘රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය’ කියා සිටියා.
මෙම තත්ත්වයට විරෝධය පා පසුගිය 13 වනදා ඔවුන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකද නිරත වුණා.
+++
එසේම, ‘රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ ද හෙට (17) අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇත්තේ අයවැය යෝජනා සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්.
මේ අතර, මෙවර අයවැය යෝජනා සම්බන්ධයෙන් වෘත්තිය සමිති රැසකගේ සහභාගීත්වයෙන් ඊයේ (15) ඒකාබද්ධ සාකච්ඡාවක් පැවැත්වුණා.
එය නම් කර තිබුණේ ‘අයවැය කොහොමද? ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද?’ යනුවෙන් ෴
+++
විසඳුම් ලබා නොදුන්නොත් මුළු රටම අඬපණ කරනවා | ඉංජිනේරු උද්ඝෝෂණය තවත් දරුණු අතට (16.11.2026)
+
“කස්සප හිමිට ප්‍රසිද්ධියේ තග දාපු සඟ මැරයෙක් වෙනුවෙන් ජනාධිපති ආර්යාව නිතරමකෝල් කරලා සැප – දුක අහලා (16.11.2026)
+
ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධියට කස්සප හිමි හෙට (17) දින දක්වා රිමාන්ඩ්
(16.11.2026 – sinhala.adaderana.lk)
ත්‍රිකුණාමලය මුහුදු වෙරළේ අනවසරයෙන් බුදු පිළිමයක් තැන්පත් කිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් සඳහා ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් පසුගිය 11 වැනිදා ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවු අවස්ථාවේ ඊට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ලබා සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (16) ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
එහිදී ත්‍රිකුණාමලය ප්‍රධාන මහෙස්ත්‍රාත් ඒ.එස්.එස්. සම්සුදීන් මහතා ඉදිරියට කස්සප හිමි ඉදිරිපත් කළ අවස්ථාවේ, උන්වහන්සේ වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු පෙනී නොසිටි අතර, කස්සප හිමියන් එහිදී අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් තනිව කරුණු දකවා ඇත.
එහිදී කස්සප හිමි ප්‍රකාශ කර ඇත්තේ, බුද්ධ ශාසනය රැකීම එහි චිරස්තතිය ආරක්ෂා කිරීම රජයේ හා භික්ෂුන් වහන්සේලාගේ වගකීම බවත්, තමා ඒ වෙනුවෙන් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබියදී අධිකරණයේ පෙනී නොසිටීම විශ්ව නීතියට අනුව සාධාරණ බවය.
කෙසේ වෙතත්, මහෙස්ත්‍රාත්වරයා එහිදී කියා සිටියේ, අධිකරණය මඟහැර සිටීම සම්බන්ධයෙන් කස්සප හිමියන්ව හෙට (17) දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර හෙට නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්ය.
ත්‍රිකුණාමලය වරාය පොලීසිය මෙහිදී සාක්ෂි මෙහෙයවිය ෴
සජබේ හර්ෂ ආණ්ඩුව හාන්සි කරවලා දායි – ඔයා නැන්දවත් වටේ යවපු මිනිහෙක් (16.11.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴