බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද (18) මධ්‍යම රාත්‍රියේ සිට දින 5 කට අත්හිටුවයි

බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද (18) මධ්‍යම රාත්‍රියේ සිට දින 5 කට අත්හිටුවයි

ලාෆ්ස් ගෑස් මිල වැඩි කිරීම පිටුපස කුමන්ත්‍රණයක්ද? ආණ්ඩුවේ අලුත්ම හෙළිදරව්ව! (17.11.2026)

බලංගොඩ කස්සප හිමිට ඇප! මත්ද්‍රව්‍ය පරීක්ෂණයෙන් හෙළිවූ දේ මොකක්ද? | අලුත්ම තොරතුරු (17.11.2026)

BBC, CNN, Zoom ඇතුළු ලොව ප්‍රකට වෙබ් අඩවි 200 කට ආසන්න සංඛ්‍යාවකට සයිබර් ප්‍රහාර

ජවිපෙ ඉල්මස විරුවෝ (මරුවෝ) සහ LTTE විරුවෝ (මරුවෝ)

දේශපාලන දැනුම මනිමු – 03 (17.11.2026)

සූගීෂ්වර බණ්ඩාරට ඇප – රුපියල් ලක්ෂ 5 ක මුදල් සහ රුපියල් ලක්ෂ 100 ක ශරීර ඇප – විදෙස් ගමන් තහනම්

ශෂී වීරවංශගේ වසර දෙකක (2) සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

‘රාජාංගනයේ ගෝරිල්ලා’ සහ තවත් එකෙක් (1) අත්අඩංගුවට

දේශපාලන උපදෙස් ගත්තු අනුරාධපුර පොලිසියට ඊළඟ ආණ්ඩුවේදී නඩු පිට නඩු දානවා (18.11.2026)

අල ලුණු වෙනුවට කන්න වෙන්නේ තණකොළ | සිංහල බෞද්ධයන්ව උඹලා රැවැට්ටුවා | උඹලා ගැන Gen – Z ලා බලා ගනියි (18.11.2026)

වෙන විකල්ප නැහෑ – අපි හෙට (19) වැඩ වර්ජනයකට යනවා | උත්තරයක් නොලැබුණොත් දිගටම වර්ජනය කරනවා (18.11.2026)

23 වෙනිදා දවල් 12 ට රටම බ්ලාස්ට් කරනවා | උඹලා ලැස්තිවෙලා හිටපන් සේරම අකුලන් ගෙදර යන්න (18.11.2026)

කාසල්රි ජලාශය විනාශයි | ජරා ගොඩවල් හැම තැනම පට්ට ගඳයි | ප්ලාස්ටික් පොලිතින් පිරිලා හිර වෙයි (18.11.2026)

“දිගටම දූෂණ වංචා හෙළි කරපු නිසා අනීතිකව අද එතුමාව ඇරස්ට් කරලා…” (18.11.2026)


බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද (18) මධ්‍යම රාත්‍රියේ සිට දින 5 කට අත්හිටුවයි

(18.11.2026 – hirunews.lk)

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අද (18) මධ්‍යම රාත්‍රියේ සිට නොවැම්බර් මස 23 මධ්‍යම රාත්‍රී දක්වා බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටු වන බවයි.

අදාළ කාලය තුළ ආදායම් බලපත්‍ර ලබා ගැනීමට නියමිතව තිබූ සියලු වාහන සඳහා දඩ මුදල් අය කිරීමකින් තොරව නොවැම්බර් මස 25 වනදා සිට 27 වනදා දක්වා ආදායම් බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව සදහන්.

ඒ අනුව https://motortraffic.wp.gov.lk/ වෙබ් අඩවිය මඟින් මාර්ග ගත ක්‍රමය යටතේ වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම ලබන 23 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා තාවකාලිකව අත්හිටු වනු ඇති.

බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉලෙක්ට්‍රෝණික පද්ධතියේ තාක්ෂණික යාවත්කාලීන කිරීමක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුව ඇති බවයි බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ ෴


ලාෆ්ස් ගෑස් මිල වැඩි කිරීම පිටුපස කුමන්ත්‍රණයක්ද? ආණ්ඩුවේ අලුත්ම හෙළිදරව්ව! (17.11.2026)

+


බලංගොඩ කස්සප හිමිට ඇප! මත්ද්‍රව්‍ය පරීක්ෂණයෙන් හෙළිවූ දේ මොකක්ද? | අලුත්ම තොරතුරු (17.11.2026)

+


BBC, CNN, Zoom ඇතුළු ලොව ප්‍රකට වෙබ් අඩවි 200 කට ආසන්න සංඛ්‍යාවකට සයිබර් ප්‍රහාර

(18.11.2026 – hirunews.lk)

ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවි රැසක හැකර්වරුන් විසින් අනිෂ්ට කේත (Malicious Code) තැන්පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

BBC, CNN, Zoom, HSBC, Salesforce සහ Equifax ඇතුළු ප්‍රධාන පෙළේ වෙබ් අඩවි 200 කට ආසන්න ප්‍රමාණයක් මෙම සයිබර් බලපෑමට ලක්ව තිබෙනවා.

මෙම අනිෂ්ට කේත හේතුවෙන් අදාළ වෙබ් අඩවි වෙත පිවිසෙන පරිශීලකයින්ගේ පුද්ගලික සහ මූල්‍ය තොරතුරු සොරකම් කිරීමට ලක්වීමේ දැඩි අවදානමක් මතුව ඇති බවයි සයිබර් ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ ෴


1989 දී ජවිපෙ මිණීමරුවෝ රටට අහිමි කළ යතිවරුන් සහ බුද්ධිමතුන් මෙන්න…! (14.11.2026)

+++

ජවිපෙ ඉල්මස විරුවෝ (මරුවෝ) සහ LTTE විරුවෝ (මරුවෝ) බවුන් වඩද්දී හමුදා අත්අඩංගුවට..? (16.11.2026)

+


දේශපාලන දැනුම මනිමු – 03 (17.11.2026)

+


සූගීෂ්වර බණ්ඩාරට ඇප – රුපියල් ලක්ෂ 5 ක මුදල් සහ රුපියල් ලක්ෂ 100 ක ශරීර ඇප – විදෙස් ගමන් තහනම්

(18.11.2026 – hirunews.lk)

ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් නව ජනතා පෙරමුණේ නායක ‘සූගීෂ්වර බණ්ඩාර’ ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (18) නියෝග කළා.

සැකකරුට රු. ලක්ෂ 100 බැගින් වු ශරිර ඇප දෙකක් (2) නියම කළ මහේස්ත්‍රාත්වරයා රු. ලක්‍ෂ 5 ක මුදල් ඇපයක් ද නියම කළා.

සැකකරුගේ විදෙස් ගමන් ද තහනම් කිරීමේ නියෝගයක් ද අධිකරණයෙන් නිකුත් කෙරුණා.

+++

+


ශෂී වීරවංශගේ වසර දෙකක (2) සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

(18.11.2026 – sinhala.adaderana.lk)

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වැරදිකාරිය වු හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශට නියම කළ වසර දෙකක (2) සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තහවුරු කළේය.

එම සිර දඬුවමට එරෙහිව ඇය ඉදිරිපත් කර තිබූ අභියාචනය සලකාබැලීමෙන් අනතුරුව එම අභියාචනය ප්‍රතික්ෂේප කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය ප්‍රකාශ කළේය.

විවෘත අධිකරණයේ පෙනී සිටි ශෂි වීරවංශ ව වහාම රිමාන්ඩ් භාරයට පත්කළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ දඩුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියම කළේය ෴


‘රාජාංගනයේ ගෝරිල්ලා’ සහ තවත් එකෙක් (1) අත්අඩංගුවට

(18.11.2026 – sinhala.adaderana.lk)

රාජාංගනයේ සද්ධාරතන සහ තවත් අයෙක් (1) අනුරාධපුර පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ රුවන්වැලි සෑ පරිශ්‍රය ආසන්නයේ පැවති සත්‍යග්‍රහය අතරතුර ඇතිවූ ගැටුම සම්බන්ධයෙනි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සද්ධාරතන නැමැත්තා ඇතුළු අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ (17) නියෝග කර තිබුණි.

+


දේශපාලන උපදෙස් ගත්තු අනුරාධපුර පොලිසියට ඊළඟ ආණ්ඩුවේදී නඩු පිට නඩු දානවා (18.11.2026)

+


අල ලුණු වෙනුවට කන්න වෙන්නේ තණකොළ | සිංහල බෞද්ධයන්ව උඹලා රැවැට්ටුවා | උඹලා ගැන Gen – Z ලා බලා ගනියි (18.11.2026)

+


වෙන විකල්ප නැහෑ – අපි හෙට (19) වැඩ වර්ජනයකට යනවා | උත්තරයක් නොලැබුණොත් දිගටම වර්ජනය කරනවා (18.11.2026)

+


23 වෙනිදා දවල් 12 ට රටම බ්ලාස්ට් කරනවා | උඹලා ලැස්තිවෙලා හිටපන් සේරම අකුලන් ගෙදර යන්න (18.11.2026)

+


කාසල්රි ජලාශය විනාශයි | ජරා ගොඩවල් හැම තැනම පට්ට ගඳයි | ප්ලාස්ටික් පොලිතින් පිරිලා හිර වෙයි (18.11.2026)

+


“දිගටම දූෂණ වංචා හෙළි කරපු නිසා අනීතිකව අද එතුමාව ඇරස්ට් කරලා…” (18.11.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤