කඩුගන්නාව – ගනේතැන්න මාර්ගය එක් මං තීරුවකට සීමාවෙයි

කඩුගන්නාව – ගනේතැන්න මාර්ගය එක් මං තීරුවකට සීමාවෙයි

සුද්දොවත් අත නොතියපු සිවුරටයි, අනුර කුමාර මේ අත තියන්න හදන්නේ (11.11.2026)

මේ රට ඒකාධිපති රටක් කරන්න හදන්නේ – මින් ඉදිරියට මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙවෙයි (11.11.2026)

ගම්පොළ – කඩුගන්නාව පාර වැහෙන්නම දැවැන්ත පස් කන්දක් කඩාගෙන ඇවිත් | යන්න එන්න නැතුව මිනිස්සු අනාථයි (11.11.2026)


කඩුගන්නාව – ගනේතැන්න මාර්ගය එක් මං තීරුවකට සීමාවෙයි

(11.11.2026 – sinhala.adaderana.lk)

කොළඹ මහනුවර මාර්ගයේ කඩුගන්නාව – ගනේතැන්න අතර මාර්ග කොටසේ එක් මං තීරුවක් විවෘත තැබීමට තීරණය කළ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ගල් පෙරළීම් සහ පස් කඳු කඩා වැටීමේ අවධානම් තත්ත්වය සම්බන්ධයෙන් සිදු කළ ස්ථානීය පරීක්ෂණවලින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

වර්ෂාව පැවතිය හොත් රාත්‍රී කාලයේදී මාර්ගය වසා තැබීමට තීරණය වූ බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

කෙසේවෙතත් හැකි තාක් දුරට විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවයි මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“මහනුවර ප්‍රධාන මාර්ගය අද (11) උදෑසන 06:00 ට අපි තාවකාලිකව විවෘත කරනු ලැබුවා. මාර්ග සංවර්ධන අධිකාරිය, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලීසිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා ඇතුළු පිරිසක් අද (11) උදෑසන එක්ව එම ප්‍රදේශයේ භූමිය පරීක්ෂා කළා.

ඒ අනුව ඔවුන්ගේ නිර්දේශය මත අද (11) දිනයේ එක් මංතීරුවක් විවෘත කිරීමට අපි කටයුතු කරනවා. මේ වන විට එය විවෘත කර තිබෙනවා.
ඒ වගේම එම ස්ථානයේ ගල් සහ පස් ඉවත් කිරීමේ කටයුතු සිදුකරන නිසා රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා, එම මාර්ගයේ ධාවනය හැකි තරම් සීමා කර විකල්ප මාර්ග භාවිත කරන ලෙස. එසේ නොවුණහොත් වාහන තදබදයක් ඇතිවෙන්න පුළුවන්.

ඒ වගේම හවස් වරුවේදී හෝ රාත්‍රී කාලයේදී අධික වැසි තත්ත්වයක් ඇති වුවහොත්, මාර්ගයේ ගමන් කරන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රාත්‍රී කාලයේදී මාර්ගය වසා තැබීමට අපට සිදුවේවි.”

+++

+


සුද්දොවත් අත නොතියපු සිවුරටයි, අනුර කුමාර මේ අත තියන්න හදන්නේ (11.11.2026)

+


මේ රට ඒකාධිපති රටක් කරන්න හදන්නේ – මින් ඉදිරියට මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙවෙයි (11.11.2026)

+


ගම්පොළ – කඩුගන්නාව පාර වැහෙන්නම දැවැන්ත පස් කන්දක් කඩාගෙන ඇවිත් | යන්න එන්න නැතුව මිනිස්සු අනාථයි (11.11.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤