කඩුගන්නාව – ගනේතැන්න අතර මාර්ගය යළි විවෘතයි

කඩුගන්නාව – ගනේතැන්න අතර මාර්ගය යළි විවෘතයි

ගම්පොළ ප්‍රධාන මාර්ගයක් දෙකට කැඩී නායයයි – ගම්මාන කිහිපයක ගමනාගමනයට බාධා

සිසුවෙකු පාසැලේදීම ගුරුවරයෙකුට පහර දෙයි

කළගෙඩිහේන ඇතුළු ප්‍රදේශ කිහිපයක වෙළඳසැල් ඉලක්ක කරගත් වංචනිකයෙකු ගැන වෙළෙඳුන්ගෙන් අනතුරු ඇඟවීමක්

ලොකු ණයක් අරන් වසර 17 ක් පරණ Linear Accelerator යන්ත‍්‍ර ගේන්න යයි

අනුර මහින්ද කියලා හිතන එකේ ඕක මොකක්ද නේද ? (10.11.2026)

කොළඹ යටවුණාම ජනතාවට ආතල් දීම… පැලවත්තේ තවත් ක්‍රියාන්විතයක් (10.11.2026)

ඔය වගේ අපතයෝ එක්ක පැටලෙන්න එපා… අන්තිම අසාර්ථක ජීවිත (10.11.2026)

කොබෙයිගනේදී ගමේ මිනිස්සු මගේ පුතාට ගහලා මැරුවේ පොලිසිය දැනුවත්ව. පොලිසිය හැදුවේ මරණය හොරාටම වල දාන්න. (10.11.2026)

අජිත් ධර්මපාලගේ නිවසේ ප්‍රශ්නය හොයන්න CID යට බාරදෙයි! බස් ලලිත් අමුතු 9mm එකක් දෙයි! (10.11.2026)

රන්ජන්ගේ හැම්පර් නාඩගම සහ ආණ්ඩුවේ රහස් ඡන්ද සැලසුම (10.11.2026)

නොවැම්බර් 11 මිහින්තලයෙන් ඇරඹෙන ආණ්ඩු විරෝධී මහා සටන | චාමර විජේසූරිය සහ අභීත එදිරිසිංහ (10.11.2026)

හොරු අල්ලන සංදර්ශණය පිටු පස රටම විකුණන ගේම් එක මෙන්න (10.11.2026)


කඩුගන්නාව – ගනේතැන්න අතර මාර්ගය යළි විවෘතයි

(11.11.2026 – sinhala.adaderana.lk)

කඩුගන්නාව මාර්ගයේ ගල්පෙරළීම් සහ පස් කඳු කඩා වැටීමේ අවධානම හේතුවෙන් වසා දැමුණු කඩුගන්නාව – ගනේතැන්න අතර මාර්ගය කොටස යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

එම මාර්ග ඊයේ (10) පස්වරුවේ සිට අද (11) පෙරවරු 06:00 දක්වා වසා තැබීමට පියවර ගෙන ගත්තේය.

මහනුවර දිස්ත්‍රික් අපදා කළමණාකරණ කාර්යාලය පැවසුවේ, නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයෙන් මාර්ගයට පස් කඳු සහ ගල්පෙරළීම් අවදානම හේතුවෙන් එහි රථවාහන ධාවනයට ඊයේ බාධා පැමිණ තිබුණි.

කඩුගන්නාව අසල ප්‍රදේශයේ ස්ථානීය පරීක්ෂාවක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පිරිසක් විසින් අද (11) සිදුකිරිමට නියමිත බව සඳහන්ය.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට අද (11) පස්වරු 01:00 පසු ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති වියහැකි බවය.

උතුරු පළතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අධික වර්ෂාපතනයක් ලැබෙන අවස්ථාවලදී නොරිස් ඇළ පිටාර ගැලීමෙන් සිදුවන හානිය වැලැක්වීම සඳහා විශේෂ වැඩපිළිවලක් ආරම්භ කර ඇති බව කොළඹ මහ නගර සභාව පවසයි.

එහි නාගරික කොමාසාරිස් ඒ.ඩී.එස්. රෝහණ මහතා පැවසුවේ නොරිස් ඇළ පිළිසකර කිරීමට එමඟින් පියවර ගන්නා බවය.

අවහිර වී ඇති කණු පද්ධති පුළුල් කිරීම සඳහා යුද හමුදාවේ මූලිකත්වයෙන් පියවර ගනිමින් සිටින බවඳ ඒ.ඩී.එස්. රෝහණ මහතා පැවසීය ෴


ගම්පොළ ප්‍රධාන මාර්ගයක් දෙකට කැඩී නායයයි – ගම්මාන කිහිපයක ගමනාගමනයට බාධා

(11.11.2026 – hirunews.lk)

අධික වර්ෂාවත් සමඟ ගම්පොළ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක් දෙකට කැඩී විශාල වශයෙන් නායයෑමකට ලක්ව තිබෙනවා.

ගම්පොළ වැවතැන්න ප්‍රදේශයේ සිට උඩුදෙණිය හරහා නාරංඉන්න ප්‍රදේශයට යන ප්‍රධාන මාර්ගයේ කොටසක් මෙලෙස නායයෑමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබෙනවා.

උඩපළාත ප්‍රාදේශීය සභාව විසින් එම ස්ථානයේ බැම්මක් ඉදිකිරීමේ කටයුතු සිදුකරමින් සිටියදී මෙම නායයෑම සිදුව ඇති බව සඳහන්.

මාර්ගය අවහිර වීම හේතුවෙන් ඒ අවට ගම්මාන කිහිපයක පාසල් සිසුන්ට අද පාසල් වෙත යාමට නොහැකි තත්ත්වයක් ද උද්ගත වී තිබෙනවා ෴


සිසුවෙකු පාසැලේදීම ගුරුවරයෙකුට පහර දෙයි

(10.11.2026 – lankacnews.com)

පාසල් වාර විභාගය පැවැත්වෙන ශාලාවට ප්‍රමාද වී පැමිණීම සම්බන්ධයෙන් අවවාද කළ ගුරුවරයෙකුට, එම විද්‍යාලයේම 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පිරිමි ළමයෙකු විසින් දිගට හරහට කම්මුල් පහර එල්ල කිරීමේ පුවතක් ත්‍රිකුණාමලයෙන් වාර්තා වේ.

පහරකෑමට ලක්වූ ගුරුවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, අදාළ සිසුවා අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය පවසයි.

ත්‍රිකුණාමලය නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක වාර විභාගය පැවැත්වෙමින් තිබූ අතරතුර මෙම සිදුවීම සිදුව ඇත.

විභාග ශාලාවේ රාජකාරියේ නිරතව සිටි ගුරුවරයා වෙත අදාළ ශිෂ්‍යයා තරමක් ප්‍රමාද වී පැමිණ ඇති අතර, ඒ අවස්ථාවේදී ගුරුවරයා විසින් සිසුවාට අවවාද කර තිබේ.

ගුරුවරයාගේ එම ප්‍රකාශයෙන් දැඩි ලෙස කෝපයට පත් සිසුවා, කිසිදු පැකිලීමකින් තොරව විභාග ශාලාව තුළදීම ගුරුවරයා වෙත කඩාපැන ඔහුගේ කම්මුලට වේගවත් පහරවල් කිහිපයක් එල්ල කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධියෙන් අනතුරුව පහරකෑමට ලක්වූ ගුරුවරයා (09) ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිස් ස්ථානය වෙත ගොස් සිද්ධිය සම්බන්ධයෙන් නිල පැමිණිල්ලක් ගොනු කර ඇත

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය, පහරදීම සිදුකර පළාගොස් සිටින සිසුවා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා විමර්ශන තීව්‍ර කර තිබේ ෴


කළගෙඩිහේන ඇතුළු ප්‍රදේශ කිහිපයක වෙළඳසැල් ඉලක්ක කරගත් වංචනිකයෙකු ගැන වෙළෙඳුන්ගෙන් අනතුරු ඇඟවීමක්

(10.11.2026 – hirunews.lk)

වෙළඳසැල් වෙත පැමිණ විවිධ උපක්‍රම මගින් වෙළෙඳුන්ගේ අවධානය වෙනතකට යොමු කර මුදල් හා භාණ්ඩ සොරකම් කිරීමට උත්සාහ කරන පුද්ගලයෙකු පිළිබඳව සැලකිලිමත් වන ලෙස ව්‍යාපාරිකයින් සමාජ මාධ්‍ය ඔස්සේ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

කළගෙඩිහේන ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකටද පැමිණ ඇති මෙම සැකකරු, වතුර බෝතල් 6 ක් මිලදී ගැනීම සඳහා රුපියල් 5,000 ක මුදල් නෝට්ටුවක් ලබා දී, විවිධ භාණ්ඩවල මිල ගණන් විමසමින් වෙළඳසැල් හිමියාගේ අවධානය වෙනත් දිශාවකට යොමු කිරීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත්, වෙළඳසැල් හිමියා මීට පෙරද මෙවැනි වංචාවන් පිළිබඳව දැනුවත්ව සිටීම හේතුවෙන් සැකකරුගේ සූක්ෂම උත්සාහය ව්‍යර්ථ වී තිබෙනවා.

මෙම පුද්ගලයා මුහුණු ආවරණයක් සහ හිස්වැසුමක් පැළඳ, අංක තහඩු නොමැති ක්‍රීම් පැහැති ත්‍රිරෝද රථයකින් ගමන් කරන බවයි වෙළඳසැල් හිමියෝ පෙන්වා දෙන්නේ.

වෙළඳසැල් හිමියන් රවටා සිදු කරන මෙවැනි වංචා සහ සොරකම් හේතුවෙන් ව්‍යාපාරිකයින් දැඩි පීඩාවට පත්වන බැවින්, සියලුම වෙළෙඳුන් මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ ෴


ලොකු ණයක් අරන් වසර 17 ක් පරණ Linear Accelerator යන්ත‍්‍ර ගේන්න යයි

(11.11.2026 – lankacnews.com)

මෙරට පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර ලබාදීම සඳහා නවීන පහසුකම් සහිත උපකරණ වෙනුවට, 2010 වසරේ නිෂ්පාදිත යල්පැනගිය තාක්ෂණයට සමාන ‘ලීනියර් ඇක්සලරේටර්’ (Linear Accelerator) යන්ත්‍ර මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය දරන උත්සාහයක් හේතුවෙන් රජයේ භාණ්ඩාගාරයට ඩොලර් මිලියන ගණනක මූල්‍ය පාඩුවක් සිදුවන බව පවසමින් ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව’ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම අක්‍රමවත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් වහාම පූර්ණ විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් අදාළ පැමිණිල්ල ගොනු කර ඇත්තේ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විසිනි.

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ණය ආධාර යෝජනා ක්‍රමයක් යටතේ 2026/2027 වර්ෂයන් සඳහා මෙම යන්ත්‍ර ප්‍රසම්පාදනය කිරීමට සැලසුම් කර ඇති අතර, ඒවා මහරගම අපේක්ෂා රෝහලට සහ ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ලබාදීමට නියමිතව ඇත. කෙසේ වෙතත්, ටෙන්ඩරය සඳහා ඉදිරිපත්ව සිටින සැපයුම්කාර සමාගම විසින් මෙරටට ලබාදීමට යෝජනා කර ඇත්තේ මීට වසර පහළොවකට (15) පමණ පෙර පැවති 2010 වසරේ මාදිලියකට සමාන, යල්පැනගිය තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර බවත්, රෝගීන්ට අවශ්‍ය නවීනතම පහසුකම් නොසලකා හරිමින් එවැනි උපකරණ අධික මිලකට මිලදී ගැනීම බරපතළ රාජ්‍ය මුදල් අවභාවිතයක් බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.

මෙම මිලදී ගැනීම් සම්බන්ධයෙන් අදාළ විෂය භාර පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් දිගින් දිගටම නිලධාරීන් දැනුවත් කර ඇතත්, රෝහල්වල සේවය කරන ඇතැම් භෞතික විද්‍යාඥයන්ගේ පුද්ගලික වුවමනාවන් සහ අදාළ සැපයුම්කාර සමාගම්වල බලපෑම මත මෙම යල්පැනගිය යන්ත්‍රම තෝරාගැනීමට කටයුතු කරමින් සිටින බවට බරපතළ සැකයක් පවතින බවද පැමිණිල්ලේ සඳහන් වේ.

එමෙන්ම, මෙම ටෙන්ඩරයට සම්බන්ධ ප්‍රසම්පාදන හා තාක්ෂණික ඇගයීම් කමිටුවල නිලධාරීන් ඉලක්ක කරගනිමින් අදාළ වෛද්‍ය උපකරණ සමාගම මගින් මෑතකදී ප්‍රචාරක වැඩසටහන් සහ සුඛෝපභෝගී භෝජන සංග්‍රහ පවා සංවිධානය කර තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇත.

මේ හේතුවෙන් අදාළ ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන්, තාක්ෂණික ඇගයීම් කමිටු සාමාජිකයන්, ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිතයන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ඊට වගකිවයුතු ඉහළ පෙළේ නිලධාරීන් සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස වෛද්‍ය සංගමය අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටියි.

දීර්ඝ කාලයක සිට මෙම රෝහල් දෙක (2) සඳහා අත්‍යවශ්‍ය ‘ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර’ මිලදී ගැනීමේ ක්‍රියාවලිය විවිධ නිලධාරීන්ගේ සහ ව්‍යාපාරික සමාගම්වල පටු වාසි තකා හිතාමතාම කල්දමමින් සිටින බැවින්, අසරණ පිළිකා රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළන මෙම අර්බුදය කෙරෙහි ජනාධිපතිවරයාගේ ද සෘජු අවධානය යොමුවිය යුතු බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් අවධාරණය කරයි ෴


අනුර මහින්ද කියලා හිතන එකේ ඕක මොකක්ද නේද ? (10.11.2026)

+


කොළඹ යටවුණාම ජනතාවට ආතල් දීම… පැලවත්තේ තවත් ක්‍රියාන්විතයක් (10.11.2026)

+


ඔය වගේ අපතයෝ එක්ක පැටලෙන්න එපා… අන්තිම අසාර්ථක ජීවිත (10.11.2026)

+


කොබෙයිගනේදී ගමේ මිනිස්සු මගේ පුතාට ගහලා මැරුවේ පොලිසිය දැනුවත්ව. පොලිසිය හැදුවේ මරණය හොරාටම වල දාන්න. (10.11.2026)

+


අජිත් ධර්මපාලගේ නිවසේ ප්‍රශ්නය හොයන්න CID යට බාරදෙයි! බස් ලලිත් අමුතු 9mm එකක් දෙයි! (10.11.2026)

+


රන්ජන්ගේ හැම්පර් නාඩගම සහ ආණ්ඩුවේ රහස් ඡන්ද සැලසුම (10.11.2026)

+


නොවැම්බර් 11 මිහින්තලයෙන් ඇරඹෙන ආණ්ඩු විරෝධී මහා සටන | චාමර විජේසූරිය සහ අභීත එදිරිසිංහ (10.11.2026)

+


හොරු අල්ලන සංදර්ශණය පිටු පස රටම විකුණන ගේම් එක මෙන්න (10.11.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤