අනුරාධපුරට අත තියන්න ලෑස්ති වෙන්න එපා.. – බෞද්ධ මහා සම්මේලනය රතු නිවේදන නිකුත් කරයි.. 11 වැනි දා මිහින්තලය පුදබිමේ දී මහා අධිෂ්ඨාන පූජාවක්..

අනුරාධපුරට අත තියන්න ලෑස්ති වෙන්න එපා.. – බෞද්ධ මහා සම්මේලනය රතු නිවේදන නිකුත් කරයි.. 11 වැනි දා මිහින්තලය පුදබිමේ දී මහා අධිෂ්ඨාන පූජාවක්..

GovPay නමින් සිදුවන ව්‍යාජ කෙටි පණිවිඩ සේවාවක් ගැන මහජනතාවට අනතුරු ඇඟවීමක්

උඹ මීඩියා නේද ? උඹලට බෙහෙත් දෙන්නම් අපි – දඹුල්ලේ රාජ්‍ය නිලධාරීන් මාධ්‍ය එක්ක ගැටෙයි (09.11.2026)

“76 වසරකවත් මේ විදිහට ප්‍රසිද්ධියේ අල්ලස් ඉල්ලලා නෑ” රන්ජන් ජයලාල්ගේ කතාව පත්තු වෙයි (09.11.2026)

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අජිත් ධර්මපාලගේ නිවස ගිනිබත් කරයි – පල්ලේකැලේ පොලිසිය විමර්ශන අරඹයි (09.11.2026)

“සල්ලි ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ” – අයවැයට ඔන්න මෙන්න තියෙද්දී ජී.එල්. ප්‍රමුඛ ඒකාබද්ධය මාධ්‍ය කැදවයි (09.11.2026)


අනුරාධපුරට අත තියන්න ලෑස්ති වෙන්න එපා.. – බෞද්ධ මහා සම්මේලනය රතු නිවේදන නිකුත් කරයි.. 11 වැනි දා මිහින්තලය පුදබිමේ දී මහා අධිෂ්ඨාන පූජාවක්..

(09.11.2026 – lankaleader.com)

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා, සම්බුද්ධ ශාසනයට පැමිණෙන උවදුරුවලින් සම්බුද්ධ ශාසනය ආරක්ෂාකර ගැනීම සඳහා මේ මස 11 වැනි දින මිහින්තලය පුදබිමේ කටුසෑය අභියස දී මහා අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇති බව බෞද්ධ මහා සම්මේලනය සඳහන් කරයි.

මේ වෙනුවෙන් බෞද්ධ මහා සම්මේලනය විසින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවක දී පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසුවේ එම අධිෂ්ඨාන පූජාව සඳහා මෙරට බෞද්ධ සිව්වනක් පිරිසටම ආරාධනා කරන බවය.

වත්මන් ආණ්ඩුව ගෙනයන සාසන විරෝධී, නිරාගමික වැඩපිළිවෙල මගින් සාසනයට සිදුවන්නා වූ හානිය වළක්වා ගැනීම සඳහා මෙවැනි වැඩපිළිවෙලකට යොමු වූ බවත් උන්වහන්සේ පවසති.

සවිස්තරාත්මක වීඩියෝ :

+++

+++

පොලීසිය කුදලන් ගිය තරුණයා යළි සටනට | මම එදා බයේ පැනලා ගියේ නෑ මහත්තයෝ (09.11.2026)

+++

බෞද්ධයෝ මහා රෑ අනුරාධපුර භූමියට එයි | සත්‍යග්‍රහ භූමියේ පිරිත් අනුශාසනාව ඇරඹෙයි (09.11.2026)

++


GovPay නමින් සිදුවන ව්‍යාජ කෙටි පණිවිඩ සේවාවක් ගැන මහජනතාවට අනතුරු ඇඟවීමක්

(09.11.2026 – sinhala.adaderana.lk)

GovPay නමින් සිදුවන ව්‍යාජ කෙටි පණිවුඩ සේවාවක් පිළිබඳව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මහජනතාව වෙත අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ පොලිසියේ රථවාහන අංශය මගින් වේග සීමා උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දඩ මුදල් ගෙවන ලෙස දන්වමින් ජනතාව වෙත මේ වන විට කෙටි පණිවිඩ කිහිපයක් ලැබී ඇති බවය.

අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ ඒ සමග ලැබී ඇති GovPay සබැඳිය සම්පූර්ණයෙන්ම අසත්‍ය, ව්‍යාජ සහ ජනතාව නොමග යැවීම සඳහා සකස් කර ඇති සයිබර් වංචාවක් වන බවත්ය.

සබැඳි හරහා කිසිදු දඩ මුදලක් ගෙවීමට GovPay නිල වේදිකාව හරහා කෙටි පණිවිඩ හෝ දැනුම්දීම් සිදු කිරීමට කිසිදු අවස්ථාවක අමාත්‍යාංශය හෝ රජය පියවර ගෙන නොමැති බවත් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.

GoVPay ඩිජිටල් ගෙවීම් පද්ධතිය ක්‍රියාත්මක වන්නේ රජයේ අනුමත නිල සහ ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ පමණක් වන බවත් මෙවැනි විදේශීය හෝ සැක සහිත වෙබ් අඩවි සබැඳි හෙවත් විශේෂයෙන් lygov.art වැනි ව්‍යාජ ඩොමේන් හරහා කිසිදු දඩ මුදලක් අය කිරීමක් සිදු නොකරන බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

එමෙන්ම මෙම වංචනික පණිවිඩ මගින් පුරවැසියන්ගේ මූලික තොරතුරු සහ බැංකු ගිණුම් දත්ත සූක්ෂම ලෙස ලබා ගැනීමට උත්සාහ කරන බැවින් මෙවැනි පණිවිඩ වෙත ප්‍රතිචාර දැක්වීමෙන් මෙන්ම එවැනි සබැඳි වෙත පිවිසීමෙන් වළකින ලෙසත් අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක්ද කර තිබේ.

රජයේ හෝ නීතිමය ආයතනවල නමින් ලැබෙන මෙවැනි සැකසහිත දැනුම්දීම් පිළිබඳව අතිශයින් විමසිලිමත් වන ලෙසත්, රජයේ නිල සේවා ලබා ගැනීමේදී නිල වෙබ් අඩවි ( https://www.gov.lk/ )පමණක් භාවිත කරන ලෙසත් ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය ජනතාවට අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් දැනුම්දී තිබේ ෴


උඹ මීඩියා නේද ? උඹලට බෙහෙත් දෙන්නම් අපි – දඹුල්ලේ රාජ්‍ය නිලධාරීන් මාධ්‍ය එක්ක ගැටෙයි (09.11.2026)

+


“76 වසරකවත් මේ විදිහට ප්‍රසිද්ධියේ අල්ලස් ඉල්ලලා නෑ” රන්ජන් ජයලාල්ගේ කතාව පත්තු වෙයි (09.11.2026)

+


සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අජිත් ධර්මපාලගේ නිවස ගිනිබත් කරයි – පල්ලේකැලේ පොලිසිය විමර්ශන අරඹයි (09.11.2026)

+++

https://www.youtube.com/watch?v=55W2yZMMzHg

+++

+


“සල්ලි ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ” – අයවැයට ඔන්න මෙන්න තියෙද්දී ජී.එල්. ප්‍රමුඛ ඒකාබද්ධය මාධ්‍ය කැදවයි (09.11.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤