අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහය තෙවැනි (3) දිනටත්
(09.11.2026 – hirunews.lk)
රුවන්වැලිසෑය හා ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස අධිකරණය නියෝග කර තිබියදීත්, භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් ආරම්භ කළ සත්‍යග්‍රහය අද (09) තුන්වැනි (3) දිනටත් පැවැත්වෙනවා.
අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහිව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ සහ ගිහි පිරිසක් එක්ව මෙම සත්‍යග්‍රහය ඉකුත් (07) වැනිදා පෙරවරුවේ ආරම්භ කළා.
එදින විරෝධතාවයේ නිරත පිරිස අට්ටාලයක් ඉදිකිරීමට කටයුතු කිරීම හේතුවෙන් එම ස්ථානයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා.
මේ පිළිබඳව අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.
අනතුරුව, රුවන්වැලිසෑය හා ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස සත්‍යග්‍රහයේ නිරත පිරිසට අධිකරණය නියෝගයක් නිකුත් කෙරුණා.
එම අධිකරණ නියෝගය නොතකා භික්ෂූන් වහන්සේලා ඇතුළු විරෝධතාවයේ නිරත පිරිස තවදුරටත් අදාළ ස්ථානයේ රැඳී සිටිනවා.
+++
+++
+++
+++
+++
අනුරාධපුර ගිහිං සත්යග්රහ කරන්න කාගෙවත් අවසර ඕන නෑ – ගම්මන්පිල මාධ්‍ය හමුවේ සියල්ල හෙළි කරයි (09.11.2026)
+
කොළඹ ජල ගැලීමේ සැඟවුණු රහස් එළියට! බල්තසාර් නගරාධිපතිනියගේ හොර වැඩ ආණ්ඩුව ඇතුළෙන්ම ලීක් වෙයිද? (09.11.2026)
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴