රුවන්වැලිසෑය අසල ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත්

රුවන්වැලිසෑය අසල ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත්


රුවන්වැලිසෑය අසල ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත්

(08.11.2026 – hirunews.lk)

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ පිරිසක් ඊයේ (07) අනුරාධපුර රුවන්වැලිසෑය අසළ පිහිටි දන්සැල් භූමියේ ආරම්භ කළ
සත්‍යග්‍රහය මේ වන විටත් පැවැත්වෙනවා.

අනුරාධපුර මූලස්ථාන පොලිසිය සිදුකළ ඉල්ලීමකට අනුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි හා උදිත නිශාන්ත ඇතුළු පිරිසකට එම ස්ථානයෙන් දහවල් 02:00 වන විට ඉවත්වන ලෙස අධිකරණ නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.

එහි දැක්වුණේ භික්ෂුන් වහන්සේ ඇතුළු සත්‍යග්‍රහයේ නිරත පිරිස තාවකාලික කූඩාරම් ඉවත් කර, රුවන්වැලි මහා සෑය සහ ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් පිටව යා යුතු බවයි.

අනුරාධපුර පූජා භූමියේ පුරා විද්‍යා ස්මාරකවලට කිසිඳු හානියක් හෝ අලාභයක් සිදු නොකළ යුතු බවද එම නියෝගයේ දැක්වුණා.

සත්‍යග්‍රහය පැවැත්වූ ස්ථානයට පොලිස් නිලධාරීන් කැඳවා තිබූ අතර පුද්ගලයින් දෙදෙනෙකු (2) අතර ඇති වූ බහින්බස්විමක් හේතුවෙන් ඊයේ (07) උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා.

පසුව අදාළ පුද්ගලයින් දෙදෙනා (2) පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට යාමේදී සත්‍යග්‍රහය පරිශ්‍රයේ ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.

කෙසේ වෙතත් මේ වන විටත් සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස තවමත් එම ස්ථානයේ රැඳී සිටිනවා ෴

+++

අනුරාධපුර පූරාභූමියට කරන්න යන බරපතල හානිය ගැන ගැසට් එකත් අරන් මහ රෑ මාධ්‍ය කැදවපු කස්සප හිමියන් (08.11.2026)

+++

අනුරාධපුර පූජාභූමියේ සත්‍යග්‍රහයේ දෙවන දවස ආරම්භ කරයි | මෙන්න දැන් ලැබුන එහි දර්ශන (08.11.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤