ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්නට ‘විනිසුරුවන් පුහුණු කිරීමේ ආයතනය’ට ස්ථාන මාරුවක්

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්නට ‘විනිසුරුවන් පුහුණු කිරීමේ ආයතනය’ට ස්ථාන මාරුවක්


ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්නට ‘විනිසුරුවන් පුහුණු කිරීමේ ආයතනය’ට ස්ථාන මාරුවක්

(06.11.2026 – sinhala.adaderana.lk)

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමක් ලබා දී තිබේ.

ඒ අනුව ඒ මහතාව විනිසුරුවන් පුහුණු කිරීමේ ආයතනයට ස්ථාන මාරු කර යැවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පියවර ගෙන ඇත.

පසුගියදා අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත බන්දුල ගුණරත්න මහතා වෙත පැමිණිල්ලක් ගොනු කර තිබුණි.

ඒ අහිංසක රටවැසියන්ට එරෙහිව නිකරුණේ නඩු පැවරීම් ගොනු නොකරන ලෙසට සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි චක්‍රලේඛයක් නිකුත් කරන්නැයි පොලිස්පතිවරයා වෙත නිකුත් කරන ලද නියෝගය නොතකා කටයුතු කිරීම මගින් පොලිස්පතිවරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට නිගමනය කරමිනි.

ගම්පහ පොලිසියේ දූෂණ මර්දන අංශය විසින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් බවට අසත්‍ය චෝදනා නගමින් එකම දිනයේ සැකකරුවෙකුට එරෙහිව නඩු දෙකක් (2) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

එහිදී එකම සැකකරුවෙකුට එකහා චෝදනා යටතේ එකම දිනයේ නඩු දෙකක් (2) පවරා ඇත්තේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරයා විමසා ඇති අතර එහිදී පොලිසිය සඳහන් කර ඇත්තේ එය අත්වැරැද්දක් බවත් එක් නඩුවක් ඉල්ලා අස්කර ගන්නා බවත්ය.

එහිදී මහේස්ත්‍රාත්වරයා නිකරුනේ අහිංසක ජනතාවට එරෙහිව නඩු නොපරවන ලෙසට පොලිසියට අවවාද කර ඇති අතර සැකකරුට වන්දි ගෙවන ලෙසටද පොලිසියට නියෝග නිකුත් කළේය.

එමෙන්ම අනීතිකව නඩු නොපවරන ලෙස දැනුවත් කරමින් චක්‍රලේඛයක් නිකුත් කරන්නැයි පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කිරීමටද මහේස්ත්‍රාත්වරයා එහිදී කටයුතු කර තිබුණි.

කෙසේ නමුත් අදාළ සිදුවීම සම්බන්ධව පොලිස්පතිවරයා අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඒ අනුව එම පැමිණිල්ල මත අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් බන්දුල ගුණරත්න මහතාට සිය පැමිණිල්ලට අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කරන ලෙසට දන්වා තිබේ.

ඒ අනුව මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා ඉදිරිපත් කර තිබූ නිර්දේශ අනුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා විසින් ඒ මහතාගේ ස්ථාන මාරුවීමට අදාළ ලිපිය නිකුත් කර ඇති බවත් වාර්තා වේ.

+++

+++

(06.11.2026 – sinhala.adaderana.lk)

ගම්පහ නව මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත්කරනු ලැබ තිබෙනවා.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස්ගේ අත්සනින් යුතුව එම ලිපිය අද (06) දින නිකුත් කර ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනුව ලබන සඳුදා (09) සිට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස ඔහු කටයුතු කරනු ඇති ෴

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤