කාන්තාවක් නිදියහනේ කපාකොටා ඝාතනය කරලා – ගේ පිටුපස පිරිමියා ද ගෙල වැලලාගෙන

කාන්තාවක් නිදියහනේ කපාකොටා ඝාතනය කරලා – ගේ පිටුපස පිරිමියා ද ගෙල වැලලාගෙන

ජාතික තරුණ සේවා සභාවේ පරිපාලන හා මානව සම්පත් අධ්‍යක්ෂවරයාට ඇප – රට ගමන් තහනම්

ව්‍යාජ බැංකු ජාවාරමකට හසුවී 70 හැවිරිදි අයෙකුගේ රු. මිලියන 4.6 ක් අහිමි වෙලා

ක්‍රිප්ටෝ හරහා දේශීය ගෙවීම් පියවීමට අවසර නෑ – මහ බැංකු අධිපති

වර්තමාන දේවදත්ත තමයි සුනිල් සෙනෙවි කියන්නේ (04.11.2026)

අනුරට කොලේක ලියලා දෙන්න; නැත්තම් කටට එන හැම පචේම කියලා චාටර් වෙනවා – නාමල් ආණ්ඩුවට දොඹෙන් යන්න දෙයි (04.11.2026)

පිළියන්දල ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවි සැලකදී … කඩේ කෙල්ල පිටිපස්ස බලපු ගමන් … (04.11.2026)

හිටපු ඇමති චන්න සිංහල ජාතිය ගැන ආයේ කතාකරයි (04.11.2026)

විපක්ෂයේදී කිව්ව කතා නිසා අද විහිළුවක් වෙලා – ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු සමඟ (04.11.2026)

LIOC හා සයිනොපෙක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය මිල රු. 20 කින් ඉහළට


කාන්තාවක් නිදියහනේ කපාකොටා ඝාතනය කරලා – ගේ පිටුපස පිරිමියා ද ගෙල වැලලාගෙන

(04.11.2026 – sinhala.adaderana.lk)

පුස්සැල්ලාව පොලිස් වසමේ කාන්තාවක් ඇද මත කපාකොටා ඝාතනය කර ඇති අතර ඇය දෙවන වරට විවාහවීමට බලාපොරොත්තුවෙන් සිටි පිරිමියා ද නිවස පිටුපස ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

පුස්සැල්ලාව පොලිස් වසමේ 38 හැවිරිදි දිලානි ෂාලිකා දයානන්ද නමැති කාන්තාව මෙලෙස පිහියකින් කපාකොටා නිවස තුළදී ඝාතනය කර ඇති බවට පුස්සැල්ලාව පොලීසිය වෙත 119 හදිසි ඇමතුම් අංශය හරහා තොරතුරක් ලැබී තිබේ.‍

පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, මීට පෙර විවාහ වී සිටි එම මරණකාරිය සිය පළමු විවාහයෙන් වෙන්වී තනිව ජීවත්ව ඇති අතර, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සමන් නැමැති අයෙකු සමඟ යළි විවාහවීමේ අපේක්ෂාවෙන් දෙදෙනාම ඇයගේ නිවසේ එකට වාසය කර ඇති බවයි.

මෙම සිද්ධියෙන් පසු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සමන් නමැත්තා ද එම නිවස පිටුපස මෙලෙස ගෙල වැලලාගෙන මියගොස් සිටියදී සොයාගෙන ඇත.

මෙම මරණ දෙකට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පුස්සැල්ලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴


ජාතික තරුණ සේවා සභාවේ පරිපාලන හා මානව සම්පත් අධ්‍යක්ෂවරයාට ඇප – රට ගමන් තහනම්

(04.11.2026 – sinhala.adaderana.lk)

රජයට රුපියල් මිලියන 5.1 ක පාඩුවක් සිදුකළැයි කියන සිද්ධියකට අදාලව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ජාතික තරුණ සේවා සභාවේ පරිපාලන හා මානව සම්පත් අධ්‍යක්ෂවරයා රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (04) නියෝග කළා.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද අධිකරණයෙන් නියම කළා.

ඉදිරි නඩු දින දක්වා ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධාන කාර්යාලයට ඇතුලු වීම තහනම් කිරිමට ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා.

මෙලෙස ඇප මත මුදා හැරියේ ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයෙකු (පාලන හා මානව සම්පත් කළමණාකරණ) වූ ‘අරුමකුට්ටි මනුල වමාල් පෙරේරා’ යි.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ අම්පාර දිස්ත්‍රික්කයේ සාමපුර ගමේ පිහිටි ඉඩමක් හා එහි පිහිටි ගොඩනැගිල්ලක් රජයේ ඉඩමක් බවට අඟවා අතුරු බදු ගිවිසුම් සකස් කර, එය ජාතික තරුණ සේවා සභාව වෙත බදු පදනමින් ලබාගෙන ඒ සඳහා තුන්වන පාර්ශ්වයක් වෙත අයුතු සහගත හා නීති විරෝධී ලෙස තරුණ සේවා සභාවේ මුදලින් රුපියල් ලක්ෂ 38 ක් ගෙවා ඇති බවයි.

එසේම, අධ්‍යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව එකී ගොඩනැගිල්ල අළුත්වැඩියාව සඳහා තරුණ සේවා සභාවේ මුදලින් රු. ලක්ෂ 13 ක් අයුතු සහගත ලෙස ගෙවීමට සැලැස්වීම මඟින් රජයට රු. 5,100,000 ක (රුපියල් පනස් එක්ලක්ෂයක) මුදලක් පාඩු කිරීම යන චෝදනාව මත සැකකරුට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් සැකකරු අද (04) දහවල් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම සිද්ධිය නැවත ලබන ජනවාරි මස 20 වැනිදා කැඳවීමට නියමිතයි ෴


ව්‍යාජ බැංකු ජාවාරමකට හසුවී 70 හැවිරිදි අයෙකුගේ රු. මිලියන 4.6 ක් අහිමි වෙලා

(04.11.2026 – hirunews.lk)

බැංකු නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින් වංචනික ක්‍රියාවල නිරතවන ජාවාරම්කරුවෙකු පිළිබඳව මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයෙකු විසින් ජනතාවට අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

එහිදී ඔහුගේ පියා වන 70 හැවිරිදි වියේ පසුවන පුද්ගලයාට රුපියල් මිලියන 4.6 ක මුදලක් වංචා කර ඇති බවයි පවසා ඇත්තේ.

සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ පෞද්ගලික බැංකුවක් වෙනුවෙන් බදු ගණනය කිරීමක් සිදු කරන බව පවසා යම් පුද්ගලයෙකු විසින් සිය පියාට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවයි.

එම අවස්ථාවේම ඇමතුම ලබා දුන් තැනැත්තා බැංකු තොරතුරු සහ එක්වරක් පමණක් භාවිත කළ හැකි මුරපදයද (OTP) ඉල්ලා තිබෙනවා.

මෙය වංචාවක් බව නොදැන සිටි ඔහුගේ පියා විසින් එම තොරතුරු අදාළ පුද්ගලයා වෙත ලබා දී තිබෙන බවද සඳහන් කරනවා.

අනතුරුව ඔහුගේ පියාගේ ගිණුමෙන් රුපියල් මිලියන 4.6 ක මුදලක් අහිමි වී ඇති බවයි දක්වා ඇත්තේ.

මේ අතර එම සතිය තුළදීම මෙවැනි තවත් සිදුවීම් 2 ක් වාර්තා වී ඇති බව බැංකු නිලධාරියෙකු තමාට දැනුම් දුන් බව ද ඔහු සඳහන් කරනවා.

මේ අනුව බැංකු නිලධාරීන් හෝ රාජ්‍ය ආයතන ලෙස පෙනී සිටින වංචනිකයන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇතුළු ජනතාව වැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර කිසිදු අවස්ථාවක බැංකු, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හෝ වෙනත් කිසිදු රාජ්‍ය ආයතනයක් දුරකථන මාර්ගයෙන් OTP, PIN අංක හෝ බැංකු මුරපද (Passwords) ඉල්ලා නොසිටින බව මතක තබා ගත යුතුයි.

මේ ආකාරයේ සැකකටයුතු ඇමතුම් ලැබුණු වහාම ඒවා විසන්ධි කර, තොරතුරු තහවුරු කරගැනීම සඳහා නිල දුරකථන අංක ඔස්සේ සිය බැංකුව සම්බන්ධ කරගන්නා ලෙසයි මහජනතාවට උපදෙස් ලබා දෙන්නේ ෴


ක්‍රිප්ටෝ හරහා දේශීය ගෙවීම් පියවීමට අවසර නෑ – මහ බැංකු අධිපති

(04.11.2026 – hirunews.lk)

ශ්‍රී ලංකාවේ වත්මන් නීතිමය රාමුවට අනුව නේවාසිකයන් අතර සිදුකෙරෙන ගෙවීම් පියවීම සඳහා ඩිජිටල් වත්කම් හෝ අතථ්‍ය වත්කම් (Virtual Assets) භාවිත කිරීමට අවසර හිමි නොවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කරනවා.

ඊයේ (03) පැවැති ‘Sri Lanka FinTech Festival’ අමතමින් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ දේශීය ගනුදෙනු සඳහා ශ්‍රී ලංකා රුපියල වෙනුවට වෙනත් ඩිජිටල් වත්කම් ආදේශ වීම වැළැක්වීම මෙන්ම මෙරට මූල්‍ය ස්වෛරීත්වය (Monetary Sovereignty) සුරක්ෂිත කිරීම සඳහා මෙම නීතිමය සීමාවන් අත්‍යවශ්‍ය බවයි.

තාක්ෂණික දියුණුවත් සමඟම නියාමන පැහැදිලිභාවය ද වර්ධනය විය යුතු බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම පාරිභෝගික ආරක්ෂාව තහවුරු කරමින් සහ පිළිගත නොහැකි අවදානම් මඟහරවා ගනිමින් නවෝත්පාදකයින්ට අවශ්‍ය මාර්ගෝපදේශ සැලසීමට මහ බැංකුව කැපවී සිටින බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම ෆින්ටෙක් තාක්ෂණයේ වර්ධනයත් සමඟ සයිබර් ප්‍රහාර, මෙහෙයුම් බාධා කිරීම්, මූල්‍ය වංචා, දත්ත උල්ලංඝනය වීම් සහ තෙවන පාර්ශවීය සේවා සම්පාදකයින් මත අධික ලෙස යැපීම වැනි නව මුහුණුවරේ අවදානම් නිර්මාණය විය හැකි බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴


වර්තමාන දේවදත්ත තමයි සුනිල් සෙනෙවි කියන්නේ (04.11.2026)

+


අනුරට කොලේක ලියලා දෙන්න; නැත්තම් කටට එන හැම පචේම කියලා චාටර් වෙනවා – නාමල් ආණ්ඩුවට දොඹෙන් යන්න දෙයි (04.11.2026)

+


පිළියන්දල ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවි සැලකදී … කඩේ කෙල්ල පිටිපස්ස බලපු ගමන් … (04.11.2026)

+


හිටපු ඇමති චන්න සිංහල ජාතිය ගැන ආයේ කතාකරයි (04.11.2026)

+


විපක්ෂයේදී කිව්ව කතා නිසා අද විහිළුවක් වෙලා – ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු සමඟ (04.11.2026)

+


LIOC හා සයිනොපෙක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය මිල රු. 20 කින් ඉහළට

(04.11.2026 – sinhala.adaderana.lk)

ලංකා ඉන්දියන් ඔයිල් (LIOC) හා සයිනොපෙක් සමාගම් විසින් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ නංවා තිබේ.

ඒ අනුව රුපියල් 495 ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 515 ක් දක්වා ඉහළ දමා ඇත.

මේ අතර මෙම මිල සංශෝධනයට අනුව ෂෙල් (Shell) සමාගමද සිය ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 20 කින් ඉහළ නංවා ඉහත නව මිල ගණන් යටතේ අලෙවි කරන බව නිවේදනය කළේය ෴

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤