කොටවිල පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනී වරුණි බෝගහවත්ත ලබන 06 වැනිදා දක්වා රිමාන්ඩ්

කොටවිල පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනී වරුණි බෝගහවත්ත ලබන 06 වැනිදා දක්වා රිමාන්ඩ්

කොටුව සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රියක් මතට ගසක් කඩා වැටෙයි : ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

ජාතික නාමල් උයන ආශ්‍රිත රක්ෂිතයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමේදී මදු 20 කට අධික සංඛ්‍යාවක් යුද හමුදා භාරයට

අධික තදබදය නිසා TIN අංකය නැති අයට නොවැම්බර් 01 න් පසුවත් බැංකු ගිණුම් විවෘත කිරීමට සහ වාහන බලපත්‍ර අලුත් කිරීමට අවස්ථාව

නොවැම්බර් 12 සහ 28 කාල සීමාව අතරතුර ගෑස් නෞකා 03 ක් දිවයිනට ළඟාවීමට නියමිත බව, ලාෆ්ස් ගෑස් සමාගම කියයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් කාලසටහන් සකස් කිරීමට චක්‍රලේඛයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

අනුර මල්ලි ඔයා නයි පොල්ලටත් බයද? අජන්තා හිටිහැටියේම ඩෙගා නටයි (03.11.2026)

ජනාධිපති එක වතුර උඟුරක් දුන්නේ නෑ | හිමිවරු සේරම රජවාසල වර්ජනය කරන්න | දානේ කන්න එපා ඒවා ගින්දර වගේ (03.11.2026)


කොටවිල පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනී වරුණි බෝගහවත්ත ලබන 06 වැනිදා දක්වා රිමාන්ඩ්

(03.11.2026 – hirunews.lk)

වාහනයක් මීලදි ගැනීමට හා කල්බදු වාරික ගෙවීම සම්බන්ධයෙන් මුදල් ලැබුණ ආකාරය කරුණු තහවුරු කිරිමට නොහැකි වීම ඇතුළු වෝදනා යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් කොටවිල පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පරික්ෂක ‘වරුණි බෝගහවත්ත’ ලබන සිකුරාදා (06) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක අද (03) නියෝග කළා.

මෙම සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරික්ෂකවරිය සහ තවත් පුද්ගලයන් දෙදෙනෙක් (2) අද (03) පස්වරුවේ මහෙස්ත්‍රාත්වරයාගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් වුණා.

එහිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කලේ සැකකරියගේ බැංකු ගිණුම්වලට විශාල වශයෙන් මුදල් ලැබී ඇති බවත්, සැකකරියගේ වැටුප රුපියල් 140,000/= වන අතර මෝටර් රථයේ කල්බදු වාරිකය රුපියල් 132,000/= වන බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ සැකකාරිය ලබන 06 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

සැකකරිය වෙනුවෙන් නීතිඥවරුවරුන් වන සාරංග වාදසිංහ, සමීර මීකඳවත්ත, කසුන් නනායක්කාර, උදිෂා විරරත්න, දිනේෂ් ගමගේ ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටියා.

කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ සැකාකරිය සතුව තිබූ හොන්ඩා වීසල් (Honda Vezel) වර්ගයේ මෝටර් රථය, ඉකුත් දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගනු ලැබ තිබුණා.

මාතර සමුපකාර සමිතියෙන් රුපියල් බිලියන 1 කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයකු විසින් මෙම මෝටර් රථයේ ලීසිං වාරික ගෙවා ඇති බවට අනාවරණය වීමෙන් පසු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම රථය අත්අඩංගුවට ගෙන තිබුණා ෴


කොටුව සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රියක් මතට ගසක් කඩා වැටෙයි : ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

(03.11.2026 – hirunews.lk)

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 05:10 ට රඹුක්කන බලා ධාවනය වු දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානය වෙත ධාවනය වෙමින් තිබිය දී එම දුම්රිය මතට අසල තිබූ ගසක් කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ ෴


ජාතික නාමල් උයන ආශ්‍රිත රක්ෂිතයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමේදී මදු 20 කට අධික සංඛ්‍යාවක් යුද හමුදා භාරයට

(03.11.2026 – hirunews.lk)

වයඹ වනජීවි කලාපය, ජාතික නාමල් උයන ආශ්‍රිත රක්ෂිතයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමේදී වන සතුන් දඩයම් කිරීම සදහා ඇටවූ මදු 20 කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.

අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම සහ වනසතුන්ට එල්ල වන තර්ජන අවම කිරීමේ අරමුණින් අද දිනයේදීත් (03) පරිසර අමාත්‍ය ධම්මික පටබැඳිගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මෙම මෙහෙයුම සිදු කළා.

එමෙන්ම 21 වන සේනාංකයේ මේජර් ජෙනරාල් කමින්ද සිල්වා, 212 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බස්නායක සහ ලුතිනන් කර්නල් අබේවික්‍රම ද මීට එක්ව සිටියා ෴


අධික තදබදය නිසා TIN අංකය නැති අයට නොවැම්බර් 01 න් පසුවත් බැංකු ගිණුම් විවෘත කිරීමට සහ වාහන බලපත්‍ර අලුත් කිරීමට අවස්ථාව

(03.11.2026 – hirunews.lk)

පවතින තදබදය සැලකිල්ලට ගනිමින්, බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංකය (TIN) නොමැති පුද්ගලයින්ට වුවද අදාළ තොරතුරු ලබා දීමෙන් 2026 නොවැම්බර් 01 දිනෙන් පසුවත් බැංකු ගිණුම් විවෘත කිරීමට සහ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමට හැකියාව පවතින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසනවා ෴


නොවැම්බර් 12 සහ 28 කාල සීමාව අතරතුර ගෑස් නෞකා 03 ක් දිවයිනට ළඟාවීමට නියමිත බව, ලාෆ්ස් ගෑස් සමාගම කියයි

(03.11.2026 – hirunews.lk)

නොවැම්බර් 12 සහ 28 කාල සීමාව අතරතුර ගෑස් නෞකා 03 ක් දිවයිනට ළඟාවීමට නියමිත බව, ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ හම්බන්තොට පිහිටි සිය LPG පර්යන්තය හරහා දේශීය වෙළඳපොළට ගැහැ සැපයීම සඳහා අවශ්‍ය අනුමැතියෙන් ලබා ගැනීමට අදාළ බලධාරීන් සමග කටයුතු කරමින් සිටින බවයි.

වර්තමාන ගෑස් සැපයුම බාධා හේතුවෙන් ගෘහස්ථ පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳව සමාගම සිය අවංක කනගාටුව පළ කරන බවත් වසර විසිපහකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ LPG වෙළඳපළට සේවය සපයන දේශීය සමාගමක් ලෙස ගෑසැපයුම යථා තත්ත්වයට පත් කිරීමටත් දිගු කාලීන සැපයුම් විශ්වසනීයත්ව ශක්තිමත් කිරීමටත් එම සමාගම අඛණ්ඩව කැප වෙන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව හම්බන්තොට වරායට නොවැම්බර් 12 – 14 ත් කොළඹ වරායට නොවැම්බර් 15 – 17 ත් හම්බන්තොට වරායට නොවැම්බර් 24 – 28 ත් ලෙසින් ගෑස් නැව් ළඟාවීමට අපේක්ෂිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ ෴


නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් කාලසටහන් සකස් කිරීමට චක්‍රලේඛයක්

(03.11.2026 – sinhala.adaderana.lk)

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සමගාමීව පාසල් කාලසටහන් සකස් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සන් යුතුව මෙම චක්‍රලේඛ නිකුත් කර ඇත.

නව විෂයමාලා ප්‍රතිසංස්කරණ 2026 වර්ෂයේදී පළමු (1) ශ්‍රේණියෙන් ආරම්භ වී ඇති අතර 2027 වර්ෂයේදී දෙවන (2) සහ හයවන (6) ශ්‍රේණි සඳහාත්, 2028 වර්ෂයේදී තුන්වන (3) සහ හත්වන (7) ශ්‍රේණි සඳහාත් නව විෂයමාලා හඳුන්වාදීමට නියමිතව තිබේ.

2029 වර්ෂයේදී හතරවන (4), අටවන (8) සහ දහවන (10) ශ්‍රේණි සඳහාත්, 2030 වර්ෂයේදී පස්වන (5), නවවන (9) සහ එකොළොස්වන (11) ශ්‍රේණි සඳහාත් නව විෂයමාලා හඳුන්වාදීමට නියමිතය.

ජ්‍යෙෂ්ඨ ද්විතීයික ශ්‍රේණි සඳහා නව විෂයමාලා ප්‍රතිසංස්කරණ 2031 වර්ෂයේදී දොළොස්වන (12) ශ්‍රේණියට හඳුන්වාදීමට නියමිත අතර, එම විෂය නිර්දේශය හදාරන සිසුන් පළමු වරට 2033 වර්ෂයේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත බව ද එහි දැක්වේ.

නව විෂයමාලා හඳුන්වාදීමේදී ඇතැම් ශ්‍රේණි සඳහා එනම් 2027 වර්ෂයේ දී 3, 4 සහ 5 ශ්‍රේණි සඳහා ද, 2028 වර්ෂයේ දී 4 සහ 5 ශ්‍රේණි සඳහා ද, 2029 වර්ෂයේ දී 5 ශ්‍රේණිය සඳහා ද, පැරණි විෂයමාලාව ක්‍රියාත්මක වේ.

ඒ අනුව, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී අදාළ වසරවල විෂයමාලා හඳුන්වාදීමේ සැලැස්ම සැලකිල්ලට ගනිමින් පාසල් කාලසටහන් සකස් කළ යුතු බවටද උපදෙස් ලබාදී ඇත.


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

(03.11.2026 – sinhala.adaderana.lk)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් සේවාවන් ලබා ගන්නා සියලුම සේවාලාභීන් සඳහා ඊයේ (02) දින සිට ක්‍රියාත්මක වන පරිදි නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව දෙපාර්තමේන්තුව මගින් සපයනු ලබන සියලුම ‘එක්දින සේවාවන්’ ලබාගත හැකි වන්නේ පූර්ව වේලාවන් වෙන්කර ගැනීම හරහා පමණක් බව දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

සේවාලාභීන්ට පහත සඳහන් ක්‍රමවේද දෙකෙන් (2) එකක් (1) ඔස්සේ පූර්ව වේලාවන් වෙන් කරවා ගැනීමේ පහසුකම සලසා ඇත.

දුරකථන ඇමතුම් මාර්ගයෙන් තමන්ගේ ප්‍රාදේශීය දුරකථන සංකේත අංකය ඉදිරියට එකතු කර 117 116 අංකය ඇමතීමෙන් වේලාවන් වෙන්කරවා ගත හැක. (උදාහරණ: 011 2 117 116) (?)

මාර්ගගත (Online) ක්‍රමවේදය මගින්
https://dmtappointments.dmt.gov.lk/ යන නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් වේලාවන් වෙන් කරවා ගත හැක.

වාහන අලුතින් ලියාපදිංචි කිරීම, වාහන අයිතිය පැවරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ තාක්ෂණික ගැටලු නිරාකරණය ඇතුළු අනෙකුත් සියලුම එක්දින සේවාවන් ලබාගැනීම සඳහා දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට ප්‍රථම ඉහත සඳහන් ක්‍රමවේදයකට වේලාවක් වෙන්කරවා ගන්නා ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සේවාලාභීන්ගෙන් ඉල්ලා සිටියි ෴


අනුර මල්ලි ඔයා නයි පොල්ලටත් බයද? අජන්තා හිටිහැටියේම ඩෙගා නටයි (03.11.2026)

+


ජනාධිපති එක වතුර උඟුරක් දුන්නේ නෑ | හිමිවරු සේරම රජවාසල වර්ජනය කරන්න | දානේ කන්න එපා ඒවා ගින්දර වගේ (03.11.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤