ගෑස් සැඟවූ මහනුවර වෙළෙඳසැලකට දඩයක් – ගෑස් සිලින්ඩර් සියල්ල (28) රාජසන්තකයි
Hiru TV Salakuna Live | Maithri Gunaratne, Sanjeewa Weerawickrama| Episode 551 | 2026-11-02
බුරියෙ – ඉනේ – පපුවේ Tattoo ද? එහෙනම් හිරේ යන්නෙ මෙහෙමයි ! (02.11.2026)
ලාල් විජේනායකගේ මරණයට ජේවීපීයේ සම්බන්ධය… අපිට විරුද්ධ වෙන අය ඔහොම මැරෙනවා (02.11.2026)
නැවෙන් බාන ගාණට තොපේ අම්මගෙන් ඉල්ලා ගනියවු… පාන්දර 5 ඉඳන්ලු ගෑස් පෝළිමේ ඉන්නෙ (02.11.2026)
ඉන්ධන මිළ වැඩිකිරීම ගැන අනුරත් දොස් කියූ හැටි (02.11.2026)
අකුරැස්සේ දූෂණ OIC දුෂණ කර මාට්ටු! රතු වරෙන්තු 112 කට අරගෙන! (02.11.2026)
කුමන්ත්‍රණය පරාජය කලයුතුයි චරිත්ට සාධාරණය ඉටු විය යුතුයි (02.11.2026)
බයද , බැරිද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අභියෝගයක් (02.11.2026)
අලුත් බදු ගැහුවේ නැද්ද? ගෑස් තෙල් අර්බුදය මැද ආණ්ඩුවේ බේගල් හෙළිදරව්ව! (02.11.2026)
ව්‍යවස්ථාවේ එකම වගකීම සහ බයිබලයේ අනාවැකිය | ශාන්ත ජයතිලක (02.11.2026)
මැට්ටාට කටු ගහපු එක සාර්ථකයි! කුමාරට පිස්සු තද වෙයි! (02.11.2026)
ගෑස් සැඟවූ මහනුවර වෙළෙඳසැලකට දඩයක් – ගෑස් සිලින්ඩර් සියල්ල (28) රාජසන්තකයි
(02.11.2026 – sinhala.adaderana.lk)
පාරිභෝගිකයින්ට අලෙවි කිරීම සඳහා ගෑස් සිලින්ඩර් තොගයක් සන්තකයේ තබාගෙන සිටියදී ගෑස් නොමැති බව පවසමින් අලෙවිය ප්‍රතික්ෂේප කළ මහනුවර ප්‍රදේශයේ වෙළෙන්දෙකුට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දඩ නියම කර තිබේ.
එමෙන්ම, වැටලීමේදී සොයාගත් කිලෝග්‍රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩර් 28 ම රාජසන්තක කිරීමට ද අධිකරණය නියෝග කර ඇත.
පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් මෙම විශේෂ වැටලීම සිදුකර ඇත.
එහිදී විමර්ශන නිලධාරියෙකු උපායශීලීව පාරිභෝගිකයෙකු ලෙස පෙනී සිටිමින් කිලෝග්‍රෑම් 12.5 ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට ඉල්ලා තිබේ.
එම අවස්ථාවේදී අදාළ වෙළෙන්දා තමන් සන්තකයේ ගෑස් සිලින්ඩර් නොමැති බව පවසමින් අලෙවිය ප්‍රතික්ෂේප කර ඇත.
කෙසේ වෙතත්, අනතුරුව විමර්ශන නිලධාරීන් විසින් වෙළෙඳසල පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ කිලෝග්‍රෑම් 12.5 ක ලිට්රෝ ගෑස් සිලින්ඩර් 28 ක් සොයාගෙන තිබේ.
ඒ අනුව අදාළ ගෑස් සිලින්ඩර් තොගය නඩු භාණ්ඩ ලෙස භාරයට ගෙන වෙළෙන්දාට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර ඇත.
අදාළ නඩුව විභාග කිරීමෙන් අනතුරුව වෙළෙන්දාට දඩ මුදලක් නියම කළ මහේස්ත්‍රාත් අධිකරණය, නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර තිබූ ගෑස් සිලින්ඩර් 28 ම රාජසන්තක කිරීමට ද නියෝග කර තිබේ.
2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 16(අ) වගන්තිය අනුව, වෙළෙඳාම සඳහා තම සන්තකයේ, භාරයේ හෝ පාලනය යටතේ භාණ්ඩ තිබියදී එම භාණ්ඩ තමන් සන්තකයේ නොමැති බව පාරිභෝගිකයින්ට පැවසීම නීති විරෝධී ක්‍රියාවකි.
පාරිභෝගිකයින් අපහසුතාවට පත් කරමින් භාණ්ඩ සඟවා තබා ගැනීම, භාණ්ඩ තිබියදී නොමැති බව පැවසීම සහ අසාධාරණ වෙළෙඳ ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා දිවයින පුරා වැටලීම් හා විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි ෴
Hiru TV Salakuna Live | Maithri Gunaratne, Sanjeewa Weerawickrama| Episode 551 | 2026-11-02
+
බුරියෙ – ඉනේ – පපුවේ Tattoo ද? එහෙනම් හිරේ යන්නෙ මෙහෙමයි ! (02.11.2026)
+
ලාල් විජේනායකගේ මරණයට ජේවීපීයේ සම්බන්ධය… අපිට විරුද්ධ වෙන අය ඔහොම මැරෙනවා (02.11.2026)
+
නැවෙන් බාන ගාණට තොපේ අම්මගෙන් ඉල්ලා ගනියවු… පාන්දර 5 ඉඳන්ලු ගෑස් පෝළිමේ ඉන්නෙ (02.11.2026)
+
ඉන්ධන මිළ වැඩිකිරීම ගැන අනුරත් දොස් කියූ හැටි (02.11.2026)
+
බුද්ධ සාසන ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි බෞද්ධයෙක්ද? බුද්ධිමය දේපල හොරෙක්ද? ඇත්ත මොකක්ද? (02.11.2026)
+
අකුරැස්සේ දූෂණ OIC දුෂණ කර මාට්ටු! රතු වරෙන්තු 112 කට අරගෙන! (02.11.2026)
+
කුමන්ත්‍රණය පරාජය කලයුතුයි චරිත්ට සාධාරණය ඉටු විය යුතුයි (02.11.2026)
+
බයද , බැරිද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අභියෝගයක් (02.11.2026)
+
අලුත් බදු ගැහුවේ නැද්ද? ගෑස් තෙල් අර්බුදය මැද ආණ්ඩුවේ බේගල් හෙළිදරව්ව! (02.11.2026)
+
ව්‍යවස්ථාවේ එකම වගකීම සහ බයිබලයේ අනාවැකිය | ශාන්ත ජයතිලක (02.11.2026)
+
මැට්ටාට කටු ගහපු එක සාර්ථකයි! කුමාරට පිස්සු තද වෙයි! (02.11.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴