TIN අංකය ලබාගැනීමට විශාල පිරිසක් පැමිණීමෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තදබදයක්
කිරිබත්ගොඩ රූපලාවණ්‍ය අලෙවිසලක හදිසි ගින්නක්
මෙල්බර්න් සිට පැමිණි ශ්‍රීලංකන් යානයේ හදිසි ගොඩබැස්සවීම ගැන විශේෂ පරීක්ෂණයක්
මත්ද්‍රව්‍ය චෝදනාවට බන්ධනාගාරගත කළ 33 හැවිරිදි තරුණයෙකු මරුමුවට
කලාවැව ආශ්‍රිතව සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනිඅවි ඇතුළු නඩු භාණ්ඩ රැසක් සොයා ගැනේ
අකුරැස්ස පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ OIC සේවයෙන් පහ කෙරේ
කඩවතදී පොලිස් වෙඩි ප්‍රහාරයට ලක් වූ දරුවාගේ මවගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
වැල්ලම්පිටියේ තරුණයා ඝාතනය කළ සැකකරුවන් සිව්දෙනා (4) රිමාන්ඩ්
උණවටුනේදී විදේශික දරුවන් පිරිසකට අඩත්තේට්ටම් කළ පුද්ගලයෙක්ට වැඩ වරදී
සරත් වීරසේකර කොටුව පොලීසියට එයි | කිංස්බරි එකේ විඩීයෝ අරන් නපුංසකයෝ ෆේක් අකවුන්ට් හදලා මට මඩ ගහනවා (02.11.2026)
කොබෙයිගනේ පොලිසියේ සාජන්වරයා හෙට (03) දින දක්වා රක්ෂිත බන්ධනාගාරයට (02.11.2026)
TIN අංකය ලබාගැනීමට විශාල පිරිසක් පැමිණීමෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තදබදයක්
(02.11.2026 – hirunews.lk)
බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ලබාගැනීම සඳහා විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ දැඩි තදබදයක් හටගෙන තිබෙනවා.
එහි කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කළේ අද (02) කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීයි.
එහිදී අදහස් දැක්වූ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නන්දන කුමාර ජනතාවගෙන් ඉල්ලා සිටියේ TIN අංකය ලබාගැනීම සඳහා මාර්ගගත ක්‍රමවේදය භාවිත කරන ලෙසයි. එමෙන්ම, අත්‍යවශ්‍ය කාරණාවක් නොමැතිව ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණීමෙන් වළකින ලෙසද ඔහු ඉල්ලා සිටියා.
බැංකු සහ මූල්‍ය කටයුතු ඇතුළු ආර්ථික කාර්යයන් අටක් සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම ඊයේ (01) සිට අනිවාර්ය කර තිබෙනවා.
ඒ අනුව, 2023 දෙසැම්බර් 31 වැනිදා වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ කළ හෝ ඊට වැඩි සියලුම වාසික පුද්ගලයන්ට මෙන්ම 2024 ජනවාරි 01 වැනිදා හෝ ඉන් පසුව වයස අවුරුදු 18 සම්පූර්ණ කරන වාසික පුද්ගලයන්ටද TIN අංකයක් ලබාගැනීම අනිවාර්ය වනවා.
යම් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මකට අනුමැතිය ලබාගැනීම, මෝටර් රථයක් ලියාපදිංචි කිරීම සහ මෝටර් රථ බලපත්‍රයක් අලුත් කිරීම ඒ සඳහා TIN අංකය අවශ්‍ය වන කාර්යයන් අතරට ඇතුළත්.
එමෙන්ම, ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීමේදී පැවරුම්කරු සහ පැවරුම්ලාභියා විසින් TIN අංකය ඉදිරිපත් කිරීම මෙන්ම ණය කාඩ්පතක් ලබාගැනීම සඳහාද එය අත්‍යවශ්‍ය වනවා.
+++
+++
කිරිබත්ගොඩ රූපලාවණ්‍ය අලෙවිසලක හදිසි ගින්නක්
(02.11.2026 – hirunews.lk)
කිරිබත්ගොඩ නගරයේ පිහිටි ප්‍රකට රූපලාවණ්‍ය භාණ්ඩ අලෙවිසලක අද (02) සවස 05:00 ට පමණ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්නෙන් වෙළෙඳසැලේ උඩුමහල සහ පහත මහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වෙන්නේ.
ගින්න හටගන්නා අවස්ථාවේදී අදාළ ස්ථානයේ සිටි පිරිස් වහාම ඉවත් කිරීමට කටයුතු කිරීම නිසා කිසිදු පුද්ගල හානියක් හෝ තුවාල ලැබීමක් සිදුව නැහැ.
කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් (2) වහාම ක්‍රියාත්මක වී සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඇති අතර, ගිනි නිවන හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමකින් පසුව මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇති බවයි අප වාර්තාකරු සඳහන්කර සිටියේ.
විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවට කිරිබත්ගොඩ පොලිසිය සැක පළ කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කිරිබත්ගොඩ පොලිසිය මගින් සිදුකරනු ලබනවා ෴
මෙල්බර්න් සිට පැමිණි ශ්‍රීලංකන් යානයේ හදිසි ගොඩබැස්සවීම ගැන විශේෂ පරීක්ෂණයක්
(02.11.2026 – hirunews.lk)
මෙල්බර්න් නුවර සිට කොළඹ බලා පියාසර කළ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL605 දරන ගුවන් යානයේ භාණ්ඩ ගබඩා කුටිය තුළ දුම් අනතුරු ඇඟවීම සක්‍රිය වීමට හේතුව සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය පවසනවා.
ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL605 දරන ගුවන් යානයේ භාණ්ඩ ගබඩා කුටිය (Cargo Hold) තුළ දුම් අනතුරු ඇඟවීමේ සංඥාවක් සක්‍රිය වීම හේතුවෙන්, ගොඩබෑම් ක්‍රියාවලියට පෙර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කරනවා.
ඊයේ (01) දින දින රාත්‍රී 11:20 ට කොළඹට ළඟාවීමට නියමිතව තිබූ මෙම යානය, හදිසි තත්ත්වය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලධාරීන්ගේ සූදානම මැද ආරක්ෂිතව ගොඩබස්සවා තිබුණා.
ගොඩබසින අවස්ථාව වන විටත් ගුවන්තොටුපොළ හදිසි අනතුරු අංශ සහ ගිනි නිවීමේ රථ සූදානමින් තබා තිබූ අතර, යානයේ සිටි සියලුම මගීන් සහ ගුවන් යානා කාර්ය මණ්ඩලය කිසිදු හානියකින් තොරව ආරක්ෂිතව යානයෙන් පිටතට යොමු කිරීමට පියවර ගැනුණා.
මේ අතර සියලු මගීන්ගේ සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව මෙන්ම සුභසාධනය වෙනුවෙන් සෑම විටම ඉහළම ප්‍රමුඛතාවයක් ලබාදීමට ශ්‍රීලංකන් ගුවන් සේවය බැඳී සිටින බවයි එම සමාගම වැඩිදුරටත් අවධාරණය කරන්නේ ෴
මත්ද්‍රව්‍ය චෝදනාවට බන්ධනාගාරගත කළ 33 හැවිරිදි තරුණයෙකු මරුමුවට
(02.11.2026 – hirunews.lk)
කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු ඊයේ (01) පස්වරුවේ ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදකට බන්ධනාගාරගතව සිටි මෙම පුද්ගලයා මොනරාගල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකු බව සඳහන්.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, රැඳවියන්ගේ වාට්ටුවට යාබදව පිහිටි අතහැර දැමූ ගොඩනැගිල්ලක් තුළදී ඔහු ඇඳ සිටි කලිසමේ පටියක් ආධාරයෙන් ගෙල වැළලාගෙන ඇති බවයි.
මෙම පුද්ගලයා දින දෙකකට (2) පමණ පෙර මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර ඇති බවටයි වාර්තා වන්නේ.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම හේතුවෙන් ඔහු මෙලෙස සියදිවි හානි කරගන්නට ඇති බවට විමර්ශන නිලධාරීන් සැක පළ කරනවා ෴
කලාවැව ආශ්‍රිතව සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනිඅවි ඇතුළු නඩු භාණ්ඩ රැසක් සොයා ගැනේ
(02.11.2026 – sinhala.adaderana.lk)
අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම සහ වනසතුන්ට එල්ල වන තර්ජන අවම කිරීමේ අරමුණින් අද (02) ආරම්භ කළ ‘හස්ති සේනා’ මෙහෙයුමේදී අනවසර ගිනි අවි, මදු, හක්කපටස් සහ පතොරම් ඇතුළු නීතිවිරෝධී භාණ්ඩ රැසක් සොයාගත් බව පරිසර අමාත්‍යාංශය පවසයි.
පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතාගේ මූලිකත්වයෙන් පරිසර අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව වයඹ වනජීවි කලාපය, කලාවැව ආශ්‍රිතව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදී.
එහිදී අලි ඇතුන් සහ අනෙකුත් වනසතුන් ඝාතනය කිරීම සඳහා යොදාගත හැකි අනවසර ගිනි අවි ඇතුළු නඩු භාණ්ඩ රැසක් මෙහිදී සොයාගෙන ඇත.
ඒවා ඉදිරි නීතිමය කටයුතු සඳහා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අලි ඇතුන්ගේ ජීවිතවලට තර්ජනයක් වන අනවසර ගිනි අවි, හක්කපටස්, අනවසර විදුලි රැහැන් සහ මදු සම්බන්ධයෙන් වැටලීම් හා නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ද නියමිත බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම මෙහෙයුමට පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා, වයඹ පළාත භාර වනජීවී අධ්යක්ෂ පුෂ්පන්ත විමලදාස මහතා, පරිසර අමාත්‍යාංශයේ උපදේශක රවින්ද කාරියවසම් මහතා සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ඒ අතර, 21 වන සේනාංකයේ මේජර් ජෙනරාල් කමින්ද සිල්වා මහතා, 212 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බස්නායක මහතා සහ ලුතිනන් කර්නල් අබේවික්‍රම මහතා ද එක්ව සිටියහ.
හමුදා සාමාජිකයන් 60 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙහෙයුමට දායක වූ අතර, කණ්ඩායම් හයක් යටතේ මෙහෙයුම් කණ්ඩායම් 10 ක් ද ක්‍රියාත්මක විය.
වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ නඩු භාණ්ඩ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීම සඳහා අදාළ බලධාරීන් වෙත යොමු කිරීමට නියමිතය.
අකුරැස්ස පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ OIC සේවයෙන් පහ කෙරේ
(02.11.2026 – sinhala.adaderana.lk)
අකුරැස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සේවයෙන් පහකිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.
ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කාන්තාවන් කිහිපදෙනෙකු ඇසුරු කිරීම ඇතුළු විෂමාචාර චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඔහුට ලබාදුන් චෝදනා පත්‍රයට අදාළ විමර්ශනයේදී සියලු චෝදනාවලට ඔහු වරද පිළිගැනීමත් සමඟින්.
ඒ අනුව එම උපපොලිස් පරීක්ෂකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමට පියවර ගෙන ඇත.
එමෙන්ම පසුගිය අප්‍රේල් මාසයේ සිංහල අවුරුදු දා අකුරැස්සේ පැවති අවුරුදු සාදයකට සහභාගී වූ පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 5 ක මුදලක් කොල්ලකෑ බවට ද මොහුට චෝදනා එල්ල වී ඇති බව සඳහන් ෴
කඩවතදී පොලිස් වෙඩි ප්‍රහාරයට ලක් වූ දරුවාගේ මවගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
(02.11.2026 – sinhala.adaderana.lk)
කඩවත – මහකඩේ ප්‍රදේශයේදී පොලිසියේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 16 හැවිරිදි දරුවාගේ මව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ තම දරුවාට සිදු වූ අසාධාරණයට එරෙහිව යුක්තිය ඉටු කරන ලෙසට ඉල්ලමිනි.
ඉන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලාස්ථානය වෙත ගොස් පැමිණිල්ලක් සිදු කිරීමට ද බලාපොරොත්තු ඇය ප්‍රකාශ කළාය.
වෙඩි වැදුණු සිය දරුවාට සැත්කමක් සිදු කළ ද තවදුරටත් ඔහුගේ සිරුරේ උණ්ඩ කැබලි පවතින බවත් ඒ සමග ඔහුගේ අනාගතයට කුමක් වනු ඇද්දැයි යන ප්රශ්නය මතුව ඇති බවත් ඇය ප්‍රශ්න කර සිටියාය.
“මගේ දරුවා වෙනුවෙන් සාධාරණයක් ඉල්ලලා තමයි මේක කරන්නේ. උදේ ගම්පහ පොලිසියට ගියා. එතැන හිටපු මහත්වරුන් එක්ක කතා කළා. ඒ මහත්වරුන් සාධාරණ විදිහට කතා කළා. ඊට පස්සේ කඩවත පොලිසියට ආවා. එයාලා ගත්තා මගෙන් කට උත්තරයක්. කට උත්තරය අරගෙන ඉවර වුණාට පස්සේ මම කිව්වා, වෙඩි තියන්න ටී-56 ක් දෙද්දී, හුරුපුරුදු කෙනෙකුට ඕනේ ඕක දෙන්න. නිකම් ආවාට ගියාට පිස්සොන්ට වෙඩි තියන්න දීලා හරි යන්නේ නැහැ. වෙඩි තියෙනවා නම් තියන්න ඕනේ රෝද දෙකට. නැත්නම් දණහිසෙන් පහළට. මේක මනුස්සයෙක් මරන්න බලාගෙන වෙඩි තිබ්බා වගෙයි. තව ටිකක් එහෙ මෙහෙ වුණා නම් මගේ දරුවාගේ ජීවිතය ඉවරයි. දැන් තියෙන ප්රශ්නය දරුවාගේ ඇඟ ඇතුළේ කෑලි තියෙනවා. සම්පූර්ණයෙන් අයින් කරලා නෑ. ඒවා කරද්දී මගේ දරුවාගේ අනාගතයට මොකද වෙන්නේ? මගේ දරුවා ක්‍රීඩා කරනවා. අංගම් පොර කරනවා. ඇත්ලටික් කරනවා. වොලිබෝල් කරනවා. ඒවා ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙයි ද කියන එක මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ හැමපැත්තම බලලා මගේ ළමයා වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න ඔනේ.”
+++
+
වැල්ලම්පිටියේ තරුණයා ඝාතනය කළ සැකකරුවන් සිව්දෙනා (4) රිමාන්ඩ්
(02.11.2026 – sinhala.adaderana.lk)
වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි ‘කුලන්දෙයි ජේසු ෂෙරන්’ නැමැති තරුණයා ඝාතනය කර සිරුර පුළුස්සා, අස්ථි කොටස් කැලණි ගඟට දැමූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා (4) ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අද (02) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
පොලීසිය සඳහන් කළේ, 2025 ඔක්තෝබර් 14 වැනිදා තරුණයා අතුරුදන්වීම සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මූලික විමර්ශන ආරම්භ කළ බවය. පසුව වැඩිදුර විමර්ශන කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකර තිබේ.
විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, 2025 ඔක්තෝබර් 11 වැනිදා සවස 06:23 ට තරුණයා සිය නිවසින් පිටත්ව සේදවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ මිතුරෙකු වන ‘ප්‍රියන්ත’ නමැති ව්‍යාපාරිකයාට අයත් වාහන අලුත්වැඩියා ස්ථානයකට ගොස් ඇති බවයි.
එහිදී මත්පැන් පානය කරමින් සිටියදී පිරිසක් එම ස්ථානයේ ගේට්ටුවට ගල් ගැසීම හේතුවෙන් ‘ශාන්ත’ සහ ‘ජේසු ෂෙරන්’ අතර බහින්බස්වීමක් ඇතිවී තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණ වී ඇත. පසුව ‘ජේසු ෂෙරන්’ තමන් ඝාතනය කිරීමට සූදානම් වන බවට ‘ශාන්ත’ට ආරංචියක් ලැබීමෙන් අනතුරුව ඔහු පූර්ව සැලසුමක් සකස් කර ඇති බවටද පොලීසිය සැක පළ කරයි.
එදින රාත්‍රී 12 ට පමණ ‘ජේසු ෂෙරන්’ සිය අක්කාට දුරකථන ඇමතුමක් ලබාදී ‘මම උදේට එන්නම්’ යනුවෙන් පවසා ඇති බව සඳහන්ය. කෙසේ වෙතත්, මධ්‍යම රාත්‍රියෙන් පසු ඔහුගේ දුරකථනය විසන්ධි වී ඇති අතර, ඉන් අනතුරුව ඔහු අතුරුදන්ව තිබේ.
ඔක්තෝබර් 11 වැනිදා ඇති වූ සිද්ධියකින් පසු තරුණයා ඝාතනය කර ඇති බවට සැක කෙරෙන අතර, පසුව සිරුර කිරිඳිවැල, පැපිලියවල ප්‍රදේශයේදී පුළුස්සා ඇති බවට පොලීසිය අනාවරණ කරගෙන තිබේ. අස්ථි සහ අනෙකුත් අවශේෂ කොස්ගම රංවල පාලම අසලින් කැලණි ගඟට දැමූ බවටද විමර්ශනවලදී කරුණු අනාවරණ වී ඇත.
සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පැපිලියවල ප්‍රදේශයේ සිදුකළ ස්ථානීය පරීක්ෂණයකදී අස්ථි කොටස් ඇතුළු නඩු භාණ්ඩ කිහිපයක් සොයාගෙන තිබේ. රංවල පාලම අසල ගඟේද නාවික හමුදා කිමිදුම් නිලධාරීන්ගේ සහාය ඇතිව පරීක්ෂණ සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 29, 32, 37 සහ 46 වයස්වල පසුවන වැල්ලම්පිටිය සහ අගලවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.
+
උණවටුනේදී විදේශික දරුවන් පිරිසකට අඩත්තේට්ටම් කළ පුද්ගලයෙක්ට වැඩ වරදී
(02.11.2026 – sinhala.adaderana.lk)
ගාල්ල, උණවටුන සංචාරක කලාපයේ මාර්ගයක රැඳී සිටි බාලවයස්කාර විදේශ ජාතික දරුවන් පිරිසකට පහර දෙන බවට පවසමින් සාපරාධී බිය ගැන්වීමක් සිදු කළ පුද්ගලයෙකු උණවටුන සංචාරක පොලිස් කාර්යාංශයේ නිලධාරීන් විසින් අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 12 සහ 13 පමණ වන විදේශික දරුවන් කිහිපදෙනෙකු මාර්ගයේ රැඳී සිටියදී, තම ව්‍යාපාරික ස්ථානයට ඉන් බාධා වන බවට චෝදනා කරමින් සැකකරු මෙලෙස දරුවන්ට පහර දෙන බවට තර්ජනය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සැලවීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ උණවටුන සංචාරක පොලිස් මුරපොළේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සැකකරු එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හබරාදූව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔහු ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය ෴
සරත් වීරසේකර කොටුව පොලීසියට එයි | කිංස්බරි එකේ විඩීයෝ අරන් නපුංසකයෝ ෆේක් අකවුන්ට් හදලා මට මඩ ගහනවා (02.11.2026)
+
කොබෙයිගනේ පොලිසියේ සාජන්වරයා හෙට (03) දින දක්වා රක්ෂිත බන්ධනාගාරයට (02.11.2026)
+++
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴