අද (01) මධ්යම රාත්රියේ සිට ඉන්ධන මිල ඉහළට
(01.11.2026 – sinhala.adaderana.lk)
අද (01) මධ්යම රාත්රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ඒ අනුව, ඉහළ නංවා ඇති ලීටරයක මිල :
- ඔක්ටේන් 95 – රුපියල් 15 කින් – නව මිල රුපියල් 490
- ඔක්ටේන් 92 – රුපියල් 10 කින් – නව මිල රුපියල් 424
- ලංකා සුදු ඩීසල් – රුපියල් 05 කින් – නව මිල රුපියල් 397
- ලංකා සුපර් ඩීසල් – රුපියල් 15 කින් – නව මිල රුපියල් 543
- භූමිතෙල් – මිලෙහි වෙනසක් නැත – රුපියල් 285
මෙඅතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් සමඟ සමාන කිරීම සඳහා ලංකා අයි.ඕ.සී. (Lanka IOC) සමාගම විසින් 92 ඔක්ටේන් පෙට්රල් සහ ඔටෝ ඩීසල් මිල ගණන් ඉහළ නංවා තිබේ.
ඒ අනුව, මෙතෙක් පවත්වාගෙන ගිය මිල සංශෝධනය කරමින් සිපෙට්කෝ මිල ගණන්වලට සමානව මෙම ඉන්ධන වර්ගවල මිල ඉහළ දැමීමට පියවර ගත් බව ලංකා අයි.ඕ.සී. සමාගම නිවේදනය කරයි.
කෙසේ වෙතත්, සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් සංශෝධනය කිරීම ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවද එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴