කථානායකට එරෙහිව පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

කථානායකට එරෙහිව පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

චිත්‍රපට 100 ක් තියෙද්දි, 101 වෙනි චිත්‍රපටියේ Coming Add එක දානවා | මේක පැහැදිලිවම පෝලිම් පැනීමක් (03.11.2026)

මුදල් ඇමති කැබිනට් පත්‍රිකාවකින් පුද්ගලික නාලිකාවකට රු. කෝටි 10 ක් අල්ලස් දීලා | මේක මහදවල් වෙච්චි හොරකමක් (03.11.2026)

තුන්හුලස් නාලිකාවේ ලොක්කට උප සභාපති පට්ටමක් | මුන්ට ආතල් ගන්න මහජන ධනයෙන් කෝටි ගාණක් දීලා (03.11.2026)

ක්‍රිෂ් නඩුවට නාමල්ට ඇප – ශ්‍රීලන්කන් ගුවන් සමාගම සම්බන්ධ නඩුවට තවමත් රිමාන්ඩ්

බුද්ධශාසන ඇමති බෞද්ධයෙක් නෙවෙයි?? | බුද්ධ ශාසන අමාත්‍යාංශයට පැමිණිල්ලක්… (03.11.2026)

මගේ පුතුට නිදහස දෙන්න. ඥානසාර හිමිගේ මෑණියෝ ජනපතිට නීතිය උගන්වති. පොලිසියෙන් ආරක්ෂා වෙන්න රක්ෂණයක්. (03.11.2026)

මං අභියෝග කරනවා බන්ධානාගර කොමසාරිස්ට ඒ වරෙන්තුව ජනතාවට ප්‍රසිද්ධ කරන්න කියලා (03.11.2026)

තාත්තා ඉගැන්නුවේ මානව දයාව – රංජන අමරදේව සහ සුභානී අමරදේව (31.10.2026)

හෙට (04) කොළඹ හොල්ලන්නයි යන්නේ | වෘත්තීය සමිති කදවුරු බදී, ආණ්ඩුවේ අලුත් වැඩේට ප්‍රේෂර් එක වැඩි වෙනවා… (03.11.2026)

ඉවසලා ඉවසලා බැරිම තැන වෛද්‍යවරු පාරට බහින්න තීන්දු ගනී, GMOA විශේෂ මාධ්‍ය හමුවක් කැදවයි… (03.11.2026)


කථානායකට එරෙහිව පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

(03.11.2026 – sinhala.adaderana.lk)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ වරප්‍රසාද ප්‍රශ්නයක් මුල් කරගනිමින් පාර්ලිමේන්තුව තුළ අද (03) උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇත.

කථානායකට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට නොගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද (03) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්න මතු කර තිබේ.

කෙසේ වෙතත්, එම වරප්‍රසාද ප්‍රශ්න මතු කිරීමට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් මෙලෙස උණුසුම් තත්ත්වයක් හටගත් අතර එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු රැගෙන සභාගර්භය මැදට පැමිණ විරෝධතාවක නිරත විය.

මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළ අදහස් ප්‍රකාශ කිරීමට සහ යෝජනා ඉදිරිපත් කිරීමට ඇති අයිතිය මෙන්ම, ස්ථාවර නියෝග අනුව කථානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් මෙම වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කළ බව විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

එබැවින් තමන්ට අදාළ වරප්‍රසාද ප්‍රශ්නය පාර්ලිමේන්තුව හමුවේ මතු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඔහු නියෝජ්‍ය කථානායකගෙන් ඉල්ලීමක් කළේය.

තවද, වරප්‍රසාද ප්‍රශ්නය භාරදීම සඳහා කථානායකගේ කාර්යාලයට අද (03) උදෑසන 09:15 ට පැමිණෙන ලෙස තමන්ට වේලාවක් ලබාදී තිබුණ ද, කථානායකවරයා එම අවස්ථාවේ කාර්යාලයේ නොසිටි බව ද ඔහු පැවසීය.

ඒ අනුව, තමන්ට නියමිත ක්‍රමවේදය අනුව වරප්‍රසාද ප්‍රශ්නය භාරදීමට කටයුතු කළ බැවින්, එය පාර්ලිමේන්තුවේදී මතු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඔහු යළිත් ඉල්ලා සිටි අතර එම අවස්ථාවේ මෙම උණුසුම් තත්ත්වය හට ගෙන තිබුණි.

+++

“හොරා හොරා පට්ට හොරා – කතානායක පට්ට හොරා” : විපක්ෂය (03.11.2026)

+++

+++

+


චිත්‍රපට 100 ක් තියෙද්දි, 101 වෙනි චිත්‍රපටියේ Coming Add එක දානවා | මේක පැහැදිලිවම පෝලිම් පැනීමක් (03.11.2026)

+


මුදල් ඇමති කැබිනට් පත්‍රිකාවකින් පුද්ගලික නාලිකාවකට රු. කෝටි 10 ක් අල්ලස් දීලා | මේක මහදවල් වෙච්චි හොරකමක් (03.11.2026)

+


තුන්හුලස් නාලිකාවේ ලොක්කට උප සභාපති පට්ටමක් | මුන්ට ආතල් ගන්න මහජන ධනයෙන් කෝටි ගාණක් දීලා (03.11.2026)

++


ක්‍රිෂ් නඩුවට නාමල්ට ඇප – ශ්‍රීලන්කන් ගුවන් සමාගම සම්බන්ධ නඩුවට තවමත් රිමාන්ඩ්

(03.11.2026 – sinhala.adaderana.lk)

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

නාමල් රාජපක්ෂ මහතාගේ මව සහ පියා දැඩි ලෙස අසනීප තත්ත්වයකින් පසුවන බැවින් එය සුවිශේෂී කරුණක් සේ සලකා ඔහු ඇප මත මුදාහරින ලෙස ඔහුගේ නීතිඥවරු ඉකුත්දා අධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණි.

එහෙත් එම ඉල්ලීමට අල්ලස් කොමිසම විසින් විරෝධය පළ කරනු ලැබීය.

කෙසේ වෙතත් දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය අද (03) ප්‍රකාශයට කළේය.

කොළඹ, ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ පිහිටි ඉඩමක් ඉන්දියානු ක්‍රිෂ් සමාගමට බහු කාර්ය ව්‍යාපෘතියක් සඳහා ලබාදීමේ කටයුතු ඉටුකරදීම සඳහා රුපියල් මිලියන 70 ක අල්ලසක් ලබා ගත් බවට සැකපිට නාමල් රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත්කර තිබුණි.

කෙසේ වෙතත් ශ්‍රීලන්කන් ගුවන් සමාගම සම්බන්ධයෙන් වන වෙනත් නඩුවකට අදාළව නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතව පසුවේ.

+


බුද්ධශාසන ඇමති බෞද්ධයෙක් නෙවෙයි?? | බුද්ධ ශාසන අමාත්‍යාංශයට පැමිණිල්ලක්… (03.11.2026)

+


මගේ පුතුට නිදහස දෙන්න. ඥානසාර හිමිගේ මෑණියෝ ජනපතිට නීතිය උගන්වති. පොලිසියෙන් ආරක්ෂා වෙන්න රක්ෂණයක්. (03.11.2026)

+


මං අභියෝග කරනවා බන්ධානාගර කොමසාරිස්ට ඒ වරෙන්තුව ජනතාවට ප්‍රසිද්ධ කරන්න කියලා (03.11.2026)

+


තාත්තා ඉගැන්නුවේ මානව දයාව – රංජන අමරදේව සහ සුභානී අමරදේව (31.10.2026)

+


හෙට (04) කොළඹ හොල්ලන්නයි යන්නේ | වෘත්තීය සමිති කදවුරු බදී, ආණ්ඩුවේ අලුත් වැඩේට ප්‍රේෂර් එක වැඩි වෙනවා… (03.11.2026)

+


ඉවසලා ඉවසලා බැරිම තැන වෛද්‍යවරු පාරට බහින්න තීන්දු ගනී, GMOA විශේෂ මාධ්‍ය හමුවක් කැදවයි… (03.11.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤