ජීවිතයක් බිලිගත් ත්‍රිකුණාමලයේ වෙඩි වරුසාව : මියගිය පුද්ගලයා නාවික හමුදා සෙබළෙක්

ජීවිතයක් බිලිගත් ත්‍රිකුණාමලයේ වෙඩි වරුසාව : මියගිය පුද්ගලයා නාවික හමුදා සෙබළෙක්

ඔන්ලයින් වංචාවල නිරත විදෙස් ජාතිකයින් පිරිසක් මරදානේ දී අත්අඩංගුවට

බුද්ධශාසන ඇමති හිනිදුම සෙනෙවිගේ බොරු තොගයක් එළියට! වෛද්‍ය ප්‍රියංකරගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (31.10.2026)

සුනිල් සෙනවිට නිලන්ත සත්සර භීතිකාවක්ද? ඇමතිගේ ලිපියෙන් හෙළිවන ඇත්ත කතාව මෙන්න! (01.11.2026)

එන්න අපි වෙඩි කමු | කඩවත පොලිස් වෙඩි තැබීමෙන් ඇවිළුණු ආන්දෝලනය (03.11.2026)

“මගේ මේ කතාවට සමහරු හිනා වෙයි, නෑ, මොකක්ද ඕනේ කරන්නේ? හිත…” අජිත් රෝහණගෙන් හිතා ගන්න බැරි පාඩමක් (02.11.2026)

2026 මුල් මාස 06 තුළ ලංකාවෙන් අලුතින් HIV ආසාදිතයන් 487 ක්

කැලණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් – පාලනයට ගිනි නිවීමේ රථ 04 ක් යොදවයි

නුවරඑළිය මීපිලිමානයේදී විෂ වායුවක් ආඝ්‍රාණය වී අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට

“RMVයේ ඇතැම් දත්ත වෙනස් කරලා” – පරිගණක පද්ධතියේ දත්ත සියල්ල වලානට

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂකවරයෙකුට බරපතළ වැඩ සහිත වසර 04 ක සිරදඬුවම්

“හොරා හොරා පට්ට හොරා – කතානායක පට්ට හොරා” : විපක්ෂය (03.11.2026)


ජීවිතයක් බිලිගත් ත්‍රිකුණාමලයේ වෙඩි වරුසාව : මියගිය පුද්ගලයා නාවික හමුදා සෙබළෙක්

(03.11.2026 – sinhala.adaderana.lk)

ත්‍රිකුණාමලය, කප්පල්තුරෛ ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් මියගිය පුද්ගලයා නාවික හමුදා සෙබළෙක් බව පොලීසිය පවසයි.

වෙඩිතැබීමෙන් රියදුරු ලෙස සිටි අදාළ පුද්ගලයා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එලෙස මියගොස් ඇත්තේ, 39 හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තුවාල ලැබූ 28 හැවිරිදි සහ 38 හැවිරිදි වයස්වල පසුවෙන ආනන්දකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනා (2) ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව එක් අයෙක් (1) වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරුකර යවා ඇත.

ඊයේ (02) රාත්‍රී මාර්ගය අසල නතර කර තිබූ ත්‍රිරෝද රථයක සිටි පිරිසක් ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය.

ටී-56 වර්ගයේ ගිනිඅවියක් යොදාගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතුව වී ඇති බවට දැනට සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

+++

+


ඔන්ලයින් වංචාවල නිරත විදෙස් ජාතිකයින් පිරිසක් මරදානේ දී අත්අඩංගුවට

(03.11.2026 – sinhala.adaderana.lk)

මෙරට සිට අන්තර්ජාලය හරහා ඔන්ලයින් මූල්‍ය වංචා සහ නීතිවිරෝධී ජාවාරම්වල නිරත වූ විදේශිකයන් පිරිසක් කොළඹ, මරදාන ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මරදාන ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක් තුළ මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර, ඒ සඳහා සම්බන්ධ වූ විදේශිකයන් 21 දෙනෙකු මෙහිදී පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර, චීන ජාතිකයින් 12 ක්, බංග්ලාදේශ ජාතිකයින් 6 ක් සහ ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු (3) සිටී.

මෙම පිරිස විසින් අදාළ ගොඩනැගිල්ලේ සිට ක්‍රියාත්මක කළ ඔන්ලයින් ජාවාරම්වල ස්වභාවය සහ ඒවායේ ජාලය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පොලීසිය ආරම්භ කර තිබේ.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ මෙහෙවීමෙන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා ඇතුළු කණ්ඩායමක් සිදුකරයි.

+


බුද්ධශාසන ඇමති හිනිදුම සෙනෙවිගේ බොරු තොගයක් එළියට! වෛද්‍ය ප්‍රියංකරගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (31.10.2026)

+


සුනිල් සෙනවිට නිලන්ත සත්සර භීතිකාවක්ද? ඇමතිගේ ලිපියෙන් හෙළිවන ඇත්ත කතාව මෙන්න! (01.11.2026)

+


එන්න අපි වෙඩි කමු | කඩවත පොලිස් වෙඩි තැබීමෙන් ඇවිළුණු ආන්දෝලනය (03.11.2026)

+


“මගේ මේ කතාවට සමහරු හිනා වෙයි, නෑ, මොකක්ද ඕනේ කරන්නේ? හිත…” අජිත් රෝහණගෙන් හිතා ගන්න බැරි පාඩමක් (02.11.2026)

+


2026 මුල් මාස 06 තුළ ලංකාවෙන් අලුතින් HIV ආසාදිතයන් 487 ක්

(03.11.2026 – hirunews.lk)

2026 වසරේ මුල් මාස හය (6) ඇතුළත ශ්‍රී ලංකාවෙන් අලුතින් HIV ආසාදිතයන් 487 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන නිකුත් කළ නවතම වාර්තා පෙන්වා දෙනවා.

මෙය පසුගිය 2025 වසරේ මුල් මාස හයට සැසඳීමේදී 13.3% ක ඉහළ යාමක්.

අදාළ දත්ත අනුව, 2026 පළමු (1) කාර්තුව තුළ අලුතින් ආසාදිතයන් 249 දෙනෙකු සහ දෙවන (2) කාර්තුව තුළ ආසාදිතයන් 238 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

වාර්තා වූ ආසාදිතයන් අතරින් බහුතරය පිරිමි පුද්ගලයන් වන අතර, 2026 දෙවන (2) කාර්තුවේදී පිරිමි සහ ගැහැණු ආසාදිතයන්ගේ අනුපාතය 7:1 ක් ලෙසයි සටහන් වූයේ.

එමෙන්ම වයස අවුරුදු 15 ත් 24 ත් අතර තරුණ පිරිස් අතරින් මෙම වසරේ මුල් මාස හයේදී HIV ආසාදිතයන් 55 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඊට පිරිමි පුද්ගලයන් 48 දෙනෙකු, කාන්තාවන් 06 දෙනෙකු සහ එක් සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙකු ඇතුළත්.

තවද, 2026 වසරේ මුල් කාර්තු දෙක (2) තුළ ඒඩ්ස් (AIDS) රෝගය හේතුවෙන් සිදුවූ මරණ 08 ක් වාර්තා වී ඇති අතර, එක් (1) කාර්තුවකට මරණ 04 බැගින් වාර්තා වී තිබෙනවා.

මෙරටින් වාර්තා වූ සමස්ත ඒඩ්ස් මරණ සංඛ්‍යාව 820 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් මරණ 111 ක් ඒඩ්ස් නොවන හේතු මත සිදුවූ මරණ ලෙස වර්ගීකරණය කර ඇති බව සඳහන්.

2025 දක්වා වාර්තා වූ සමස්ත HIV ආසාදිතයන් අතුරින් සිදුවූ සංශෝධිත මරණ සංඛ්‍යාව 1,708 ක්.

මවගෙන් දරුවාට එච්.අයි.වී. වෛරසය ප්‍රේෂණය වීම සම්බන්ධයෙන් සිදුවීම් 117 ක් වාර්තා වී ඇති නමුත්, 2025 වසරේ සිව්වන (4) කාර්තුවේදී එවැනි කිසිදු සිදුවීමක් වාර්තා වී නැහැ ෴


කැලණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් – පාලනයට ගිනි නිවීමේ රථ 04 ක් යොදවයි

(03.11.2026 – hirunews.lk)

කැලණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 04 ක් යොදවා ඇති බවයි වාර්තා වෙන්නේ.

+++

+


නුවරඑළිය මීපිලිමානයේදී විෂ වායුවක් ආඝ්‍රාණය වී අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට

(03.11.2026 – hirunews.lk)

නුවරඑළිය මීපිලිමාන ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගත් නිවසක රැදී සිටි අඹුසැමි යුවලක් (03) අලුයම විෂ වායුවක් ආග්‍රහණය වීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව නුවරඑළිය කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරි 01 චන්දන බස්නායක පවසනවා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවල නුවරඑළිය මීපිලිමාන ප්‍රදේශයේ ඉදි කරන සංචාරක හෝටලයක ඉදි කිරිම් කටයුතු සිදු කරන බවත්, එම සංචාරක හෝටලය ඉදි කරන තෙක් ඒ අසළම තාවකාලිකව කුලී පදනම මත නිවසක් ලබා ගෙන එහි රැදී සිටි ඇති බවයි සහකාර පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.

නුවරඑළිය ප්‍රදේශයේ පවතින අධික සීතලත් සමග ‘බාබකිව් උදුණුක ගිනි මොළවා ගෙන කාමරයේ තබා ගනිමින් එම යුවල නින්දට ගොස් ඇති බවත්’, (03) දින අලුයම එම අඹුසැමි යුවලගේ දුරකථනවලට ඥාතීන් ඇමතුම් ලබා ගෙන ඇතත්, එම ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීම නිසා ඥාතීන් ප්‍රදේශයේ ග්‍රාමසේවා නිළධාරිවරයාට ඒ බව දැනුම් දීමෙන් පසු ග්‍රාමසේවා නිළධාරිවරයා එම නිවසට ගොස් පරික්ෂා කිරිමේදි දෙදෙනා මිය ගොස් ඇති බවට සැළවීමත් සමග ග්‍රාම සේවා නිළධාරිවරයා විසින් ඒ බව නානුඔය පොලිසිය වෙත දැනුම් දී තිබෙනවා.

මියගිය අඹුසැමි යුවලේ පිරිමි පුද්ගලයා නැවක කපිතාන්වරයෙකු බවත්, ඔහු 52 හැවිරිදි වියේ සහ ඔහුගේ බිරිද 46 හැවිරිදි වියේ පසුවන බවයි නානුඔය පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ ෴


“RMVයේ ඇතැම් දත්ත වෙනස් කරලා” – පරිගණක පද්ධතියේ දත්ත සියල්ල වලානට

(03.11.2026 – sinhala.adaderana.lk)

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ තිබූ දත්ත සියල්ල, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් සහ පරිගණක විශේෂඥ කණ්ඩායමක් විසින් සාර්ථකව සටහන් කරගෙන අවසන් කර තිබේ.

පොලිසිය පවසන පරිදි, මෙම ක්‍රියාවලිය සඳහා පැය 24 කට අධික කාලයක් ගත වී ඇත.

එහිදී අදාළ සියලු දත්ත අභ්‍යන්තර දත්ත පද්ධතිය වෙත පිවිසීමෙන් ඉතා ආරක්ෂාකාරීව සටහන් කරගැනීමට විශේෂඥ කණ්ඩායම සමත්ව ඇත.

මෙම දත්ත සමුදාය ඔස්සේ ඉදිරියේදී දැඩි හා ගැඹුරු විශ්ලේෂණයක් සිදු කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.

මීට අමතරව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දත්ත පද්ධතියේ ඇතැම් දත්ත පද්ධතිය තුළම වෙනස් කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවද පොලීසිය පවසයි.

පද්ධතියේ සිදුව ඇති යම් යම් අක්‍රමිකතා හෝ වෙනස් කිරීම් සම්බන්ධයෙන් මෙම දත්ත විශ්ලේෂණය හරහා සියලු සත්‍ය තොරතුරු ඉදිරියේදී අනාවරණ කරගැනීමට හැකි වනු ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය ෴


ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂකවරයෙකුට බරපතළ වැඩ සහිත වසර 04 ක සිරදඬුවම්

(03.11.2026 – sinhala.adaderana.lk)

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂක නිලධාරියෙකු විසින් බස් රථයක ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම වෙනුවෙන් රුපියල් 20,000 ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවට කොළඹ මහාධිකරණය හමුවේ වසර 04 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ දඩ මුදලක් නියමකර තිබේ.

රංජිත් කොටුපිටිය නමැත්තෙකුට එරෙහිව මෙලෙස අධිචෝදනා 04 ක් යටතේ නඩු පවරන ලද අතර, නඩුව විමර්ශනය කිරීමෙන් අනතුරුව චූදිතයාට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වීම හේතුවෙන් කොළඹ අංක 06 මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

ඒ අනුව, විත්තිකරුට වසර 04 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා, රුපියල් 40,000 ක දඩ මුදලක් ද නියම කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් එහි සහකාර අධ්‍යක්ෂ නීතිඥ කසුන් ප්‍රනාන්දු ගුණවර්ධනසූරිය මහතා විසින් මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවන ලදී ෴


“හොරා හොරා පට්ට හොරා – කතානායක පට්ට හොරා” : විපක්ෂය (03.11.2026)

+++

+++

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤